ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රෝඩාව ගැන ෆිච් රේටිං හෙළිදරව්වෙන් ආණ්ඩුව කැළඹේ

පහත පළ වන්නේ අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල් පුවතේ දළ පරිවර්තනයකි.


ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ අධික අනතුරු සහිත මුල්‍ය පද්ධති අතරට එකතු කර තිබේ.


මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එය ප්‍රතික්ෂේප කරන්නේ එවැනි අධි අනතුරුදායක රටවල් වන ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත් ඒවායි.


බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ දැවැන්ත විරැකියාවක් ඇති බව පෙන්වන හේ ෆිච් රේටිං වැනි ආයතනවලට ඒ ගැන හා එම රටවල ඇති අධි අනතුරු කතා කළ නො හැක්කේ මන්දැයි අසයි.


එහෙත් විශ්ලේෂකයන් කියන්නේ ලංකාවේ අපනයන මිළ දී ගන්නා රටවල් වන මේ රටවල් අර්බුදයට පත්වීම ම ලංකාවට ලබන අවුරුද්දේ බැරෑරුම් ප්‍රශ්නයක් වන බවයි.


විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි ලංකාව අධික ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කරන්නේ ‍සංවර්ධිත ලෝතයේ බොහෝ රටවල් සිය වර්ධන ඉලක්ක අඩු කර තිබියදී ය.


එම අඩු කිරීම් මෙසේ ය.



රට
2011 ආර්ථික වර්ධන වේගය
2012 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය
චීනය
9.3 %
8.5 %
ඉන්දියා
8 %
7.8 %
සිංගප්පූරුව
5.2 %
3%



මේ අතර ලංකාව 2011 8%ක් වූ ආර්ථක වර්ධන වේගය 2012දී 8.3%ක් දක්වා වැඩි වන බවට ප්‍රක්ෂේපණය කර ඇත. 


බ්‍රහස්පතින්දා නිතුත් කරන ලද ෆිච් රේටිං ආයතනයේ ස්වෛරී ආර්ථික දර්ශනය අනුව ණය වර්ධනය හා ඉහළ යන වත්කම් මිළ හේතුවෙන් ලෝකයේ වඩාත් ම අනතුරුදායක මුල්‍ය පද්ධති නමයෙන් හතරක් ම පිහි‍ටා ඇත්තේ ආසියා පැසිෆික් කලාපයේ ය. වාර්තාව අනුව, ෆිච් විසින් වටිනාකම් නියම කරන ලද නැගී එන රවල් අතරින්  මූලික ශේෂයේ හෙවත් ජංගම ගිනුමට ශුද්ධ ඍජු විදේශ ආයෝජන එකතුවෙහි අතිරික්තයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ලංකාව හා ඉන්දියාව විසින් පමණි. 


වි‍ශ්ලේෂකයන් පවසන පරිදි ලංකාවේ අධික අනතුරුදායකකමට ප්‍රධාන හේතුව අධික වෙළඳ ශේෂයයි. ලංකාව ආනයන සඳහා  එක්සත් ජනපද ඩොලර්   බිලියන 16ක් වැය කරන අතර අපනයන ආදායම එයින් භාගයකි. ඍජු විදේශ ආයෝජන මේ වසරේදී ඩොලර් බිලියනයක් වූ බව ජනාධිපතිවරයා අයවැය විවාදය අවසාන කතාව පවත්වමින් පැවසී ය.


එහෙත් විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මහ බැංකුව විසින් රුපියල කෘත්‍රිමව ඉහළ අගයක තබා ගැනීම සඳහා ද එපමණ ම මුදලක් වැය කළ බවයි. මහ බැංකුව ඊට අමතරව පොළී අනුපාතික ද කෘත්‍රිමව පහළ මට්ටමක තබා ගනියි. 


කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන පරිදි එක් ප්‍රශ්නයක් වන්නේ ජංගම ගිනුමත්, ප්‍රාග්ධන හා මුල්‍ය ගිනුමත් නිසියාකාරව නො පැවතීමයි. නිදසුනක් ලෙස ජංගම ගිනුමේ පුධාන දායකයා වන්නේ වි‍දේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් ය. විය යුත්තේ අපනයන ආදායමයි. 


ප්‍රාග්ධන හා මුල්‍ය ගිනුමේ ද ප්‍රධාන දායකයා වන්නේ රාජ්‍ය ණයයි. විය යුත්තේ ඍජු විදේශ ආයෝජනයි. මහාචාර්ය අබේරත්න පවසන පරිදි ලංකාව වැනි කුඩා රටවල වර්ධනය සිදු විය යුත්තේ අපනයනවලිනි. එහෙත් පසුගිය පස් වසර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ශීඝ්‍රයෙන් පහත වැටිණි. එය මූලික ආර්ථික සංකල්පවලට පටහැණි කාරණයකි. 


මෙවන් පසුබිමක් තුළ වර්ධනය පැමිණෙන්නේ කොහෙන්ද යන්න පුදුමයට කාරණයක් බව හේ පවසයි. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. තේරුනේ නෑ ............. :P

    ReplyDelete
  2. What Fitch Rating has warned and what the learned Governor has said are two different things. It is like the proverbial Sinhala saying 'Yanne Koheda, Malle Pol' (Where're you going? Oh I have coconuts in my bag). The learned governor may have done it purposely because Sri Lankan readers or politicians are not knowledgeable of the sources and processes of these high financial crises.
    The Fitch has drawn attention to a simple fact: when interest rates are kept at low in order for the government to borrow cheap when inflation is rising (in SL, average inflation in the last five years is 11% though recently it has come down to 4.2% which is irrelevant in people's making decisions because they take into account the long term inflationary trend and not a one point inflation,everybody starts borrowing and banks start lending without proper assessment of their customers. The result is the build up of lending by banks which are not backed by sound economic projects causing banks to suffer heavy losses. Economists call this building 'asset bubbles'. One asset bubble has already been built in the share market. On top of this, the Central Bank is asking banks to lend more in order to double the per capita income of the country by 2016. The overall result is banks' facing high risks and it has nothing to do with high economic growth.
    Further, SL's unemployment numbers should not be used for any policy purpose because an unemployed person in the country is a person who has not worked at least one hour in the previous week for a salary or for the family. This should be compared with US data where the definition of an unemployed is a person who has not worked at least 40 hours in the previous week.
    So, ignoring a good warning given by an international agency and ridiculing it are not a good sign of economic management.

    ReplyDelete
  3. Aasiyawe aashcharryaya.... kawada hari Rajapaksala me rata Hapa karala thama yanne..

    ReplyDelete
  4. ක්‍රිෂ්ණාDecember 25, 2011 at 1:56 PM

    ඊ ලඟ පොල් මුරේදි මැදමූලන පොල් වත්තේ පොල් ටික කැඩුවම ඔක්කෝම ප්‍රශ්ණ විසඳයි.සිරිමල් මහත්තයාට කළබල නොවන්න කියන්න.

    ReplyDelete
  5. Coming colours not good. Everyone try to save and invest in non depreciating assets such as land, gold etc. Rs will blow off like what happened to Zimbabwe, in early 2013 (this is real prediction as the outcome of Fitch report, done by international "independent" experts). Decision is yours, so is the risk!

    ReplyDelete
  6. 1st comment is gooooooood.....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා