Posts

Showing posts with the label ඍජු විදේශ ආයෝජන

ලංකාවේ ආර්ථික වර්ධනයේ ප්‍රෝඩාව ගැන ෆිච් රේටිං හෙළිදරව්වෙන් ආණ්ඩුව කැළඹේ

පහත පළ වන්නේ අද සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මුල් පුවතේ දළ පරිවර්තනයකි. ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපයේ අධික අනතුරු සහිත මුල්‍ය පද්ධති අතරට එකතු කර තිබේ. මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එය ප්‍රතික්ෂේප කරන්නේ එවැනි අධි අනතුරුදායක රටවල් වන ඉන්දියාව, චීනය හා ශ්‍රී ලංකාව ඉහළ ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගත් ඒවායි. බ්‍රිතාන්‍යයේ, යුරෝපයේ හා එක්සත් ජනපදයේ දැවැන්ත විරැකියාවක් ඇති බව පෙන්වන හේ ෆිච් රේටිං වැනි ආයතනවලට ඒ ගැන හා එම රටවල ඇති අධි අනතුරු කතා කළ නො හැක්කේ මන්දැයි අසයි. එහෙත් විශ්ලේෂකයන් කියන්නේ ලංකාවේ අපනයන මිළ දී ගන්නා රටවල් වන මේ රටවල් අර්බුදයට පත්වීම ම ලංකාවට ලබන අවුරුද්දේ බැරෑරුම් ප්‍රශ්නයක් වන බවයි. විශ්ලේෂකයන් පෙන්වා දෙන පරිදි ලංකාව අධික ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කරන්නේ ‍සංවර්ධිත ලෝතයේ බොහෝ රටවල් සිය වර්ධන ඉලක්ක අඩු කර තිබියදී ය. එම අඩු කිරීම් මෙසේ ය. රට 2011 ආර්ථික වර්ධන වේගය 2012 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය චීනය 9.3 % 8.5 % ඉන්දියා 8 % 7.8 % ...

සංවර්ධන බුබුළ පසුපස ඇති සැරව පිරි ණය බිබිල | The debt sore in the development bubble of Sri Lanka

Image
( 2010 සැප්තැම්බර් 06,  W3Lanka )  හම්බන්තොට, දකුණු කොළඹ මහ වරාය හැදේ. මත්තල හා පලාලි ජාත්‍යන්තර ගුවන් තොට ඉදි කිරීමට නියමිත ය. අධිවේගී මාර්ග හැදේ. ගල් අඟුරු, ජල විදුලි  බලාගාර ඉදි වේ. හැදෙනවාටත් වඩා හදන්නට ඉන්නට දේ ගැන දිනපතා උදේ හවා කියැවේ. ආණ්ඩුව කියන්නේ මෙය සංවර්ධන සංග්‍රාමයක් බවයි. එකී සංග්‍රාමයේ නියමුවාට සංවර්ධනය පෙරට ගෙන යාමට ඒකාධිපති බලතල අවශ්‍ය වී තිබේ. අප මෙය දකින්නේ සංවර්ධන බුබුළක් ලෙසයි. සාමාන්‍යයෙන් බුබුළු ඇතුළ හිස් ය. එසේ ම ‍ඉක්මණින් පුපුරා යයි. මේ සංවර්ධන බුබුළේ යථාර්ථය මහ බැංකු වාර්තා විසින් ම හෙළි කරනු ලැබේ. මහ බැංකුවේ ආර්ථික දර්ශක අනුව, පසුගිය මැයි මාසයේ අග සිට ජුනි අග දක්වා මසක කාලය තුළ රජයේ නො පියවූ ණය ප්‍රමාණය රු. බිලියන 54කින් වැඩි වී තිබේ. ණය ගන්නා විට රජය යනු මහ ජනතාව නො වුණත් ණය ගෙවන්නේ මහජනයා බැවින් එක් මාසයක් තුළ පමණක් ලංකාවේ දෙකෝටියක් ජනයාගේ බාල, මහළු සෑමදෙනෙක් ම අලුතින් රු. 2700ක් ණය වී තිබේ. රත්තරං පුංචි පවුලක් ඒ මාසය තුළ පමණක් වී තිබෙන ණය ප්‍රමාණය රු.10,800කි. ජුනි මස අග වන විට ලංකාවේ ආණ්ඩුවේ නො පියවන ලද මුළු ණය ප්‍රමාණය රු....

කූට විදේශ ආයෝජක ටැන්ඩොන් ලංකා පොල්ල | Unscrupulous FDI and Tandon Lanka

(2010 මැයි 06 -  W3Lanka )  ඉලෙක්‌ට්‍රොනික්‌ උපකරණ නිෂ්පාදනයේ යෙදී සිටි මහනුවර පල්ලෙකැලේ පිහිටි සී/ස ටැන්ඩොන් ලංකා (පුද්ගලික) සමාගම රුපියල් බිලියනකට ආසන්න මුදලක්‌ මෙරටට ගෙවීමට තිබියදී මෙහෙයුම් කටයුතු අවසන් කොට ඇත. මෙම සමාගමේ ප්‍රධානීන් මෙරටින් පිටව ගොස්‌ ඇත්තේ සැපයුම්කරුවන් විශාල පිරිසකට හා ප්‍රධාන බැංකු දෙකකට ගෙවීම් කිරීමට තිබියදීය. මෙම සමාගම රජයේ සහ පෞද්ගලික බැංකුවලට පමණක් ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 8කි. සේවකයන්ගේ, සේවක අර්ථ සාධක අරමුදල් සහ සේවා නියුක්‌ති භාරකාර අරමුදල් සඳහා වසර ගණනාවක සිට ගෙවා නැත. ආරම්භයේදී අටදහසකට පමණ රැකියා දෙන බවට ප්‍රචාරයක් ගෙන ගිය ද මෙහි සේවක සංඛ්‍යාව කිසිවිටකත් තුන්දහස නොඉක්මවූ බව වාර්තා වේ.  මෙම සමාගමට ආයෝජන මණ්ඩල පනත යටතේ බදු සහන සහ රේගු සහන ද අක්‌කර 7ක ඉඩමක්‌ ද, මෙරට බැංකුවලින් ණය ගැනීමේ පහසුව ද ලැබී තිබේ.  පසුගිය අප්‍රේල් 08වැනිදා පැවැති මහ මැතිවරණයට කලින් පල්ලෙකැලේ පිහිටි ආයෝජන මණ්‌ඩල කාර්යාලය මෙම ප්‍රශ්නය පිළිබඳව අමාත්‍ය සරත් අමුණුගම මහතා සමග සාකච්ඡා කර ඇත. මෙම සමාගම ආපසු මුදල් නොගෙවා තිබියදීත් මෙම ආයතන තවදුරටත් ඔවුන්ට ණ...