අහෝ ශිරාල් නො දුටි මොක් පුර!
පහත පළ වන්නේ ශිරාල් ලක්තිලක බස්නාහිර පළාත් සභාවට තරග කර තේරී පත් වීමට අපොහොසත් වූ මැතිවරණය ආසන්නයේදී, එනම් 2009දී W3Lanka ඔහු සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සටහනකි.
ආර්ථික ක‍්‍රමයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පැත්තෙන් ලිබරල් ක‍්‍රමයත් යන දෙකේ මිශ‍්‍රණයක් තමයි මම දාර්ශනිකව උත්සාහ කරන්නේ යි එදා පැවසූ ශිරාල් ලක්තිලක ගැන අලුත් විස්තර මෙතැනින් කියවන්න.
ශිරාල් ලක්තිලක සමග කතාබහක්
සංවාද සටහන: ලාල් තිබ්බොටුවාව සමග සම්පත් ගීතික
ඔබගේ ශිෂ්‍ය දේශපාලනය ගැන මතකය අවධි කළොත්....
ශිරාල් - මුලින්ම තිබුණේ කොමියුනිස්ට් පක්ෂයේ ලංකා ජාතික ශිෂ්‍ය සංගමය. ඒ යුගයෙදි විශ්ව විද්‍යාල වල බලය තිබුණේ කොමියුනිස්ට් පක්ෂයට. ඊට පස්සේ තමයි ස්වාධීන ශිෂ්‍ය සංගමය සහ ජනතා විමුක්ති පෙරමුණ ශිෂ්‍ය සංගම් ගොඩගන්න ගත්තේ. මේ යුගයෙදි කොළඹ විශ්ව විද්‍යාලය තුළ ස්වාධීන ශිෂ්‍ය සංගමය තහවුරු වෙනවත් එක්කම විශාල මතවාදී අරගලයක් පටන් ගන්නව ජනතා විමුක්ති පෙරමුණත් එක්ක. ඒ මතවාදී අරගලය සම්පූර්ණයෙන්ම තීරණය වුනේ දෙමළ ජනතාවට ස්වයං නීර්ණයෙ අයිතිය තියෙනවද නැද්ද කියන එක උඩ.
දයා පතිරණ ගැන ශිරාල්ගෙ මතකය මොන වගේද?
ශිරාල් - දයා පතිරණ තමයි ඇත්තටම මගේ ජීවිතය වෙනස් කළේ. මොකද මම මාතරින් එන දකුණ ගැන, රුහුණ ගැන විශ්වාස කරපු සිංහල බෞද්ධ මිනිහෙක්. අදටත් මම දරන ජාතික ප‍්‍රශ්නයට සාමකාමී විසඳුමක් අවශ්‍යයි කියන මතය දයා පතිරණ තමයි මට ඒත්තු ගැන්නුවේ.
මාක්ස්වාදී ශිෂ්‍ය ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා ඉඳල නව ලිබරල් චින්තනයක් ගොඩ නැගෙන්නෙ කොහොමද ?
ශිරාල් - අදටත් මම මගේ ජීවිතයට මාක්ස්වාදී දයලෙක්තික ස්වරූපය භාවිතා කරනව. නමුත් මාක්ස්වාදයේ එන ආර්ථික පදනම ප‍්‍රායෝගික නෑ කියල පස්සේ කාලෙකදී පිළිගන්න මම පෙළඹුණා. ඒකට හේතුව මාක්ස් වගේම ඇඩම් ස්මිත් පවා පිළිගත් දෙයක් තමයි ඉල්ලූම, සැපුයුම හා ලාභය පිළිබඳ කාරණයෙදී එකතැන පල්වෙන තැනට එනව කියන එක. මාක්ස් කළේ එතන ඉඳන් උපන්‍යාසයක් හැදුවා මෙවැනි අවස්ථාවකට එනකොට නිර්ධන පංතිය විසින් අරගල කරල විප්ලවීය අවස්ථාවකින් පස්සේ නිර්ධන පංතික ආඥාදායකත්වයක් හදනවයි කියන එක. නමුත් ධනේෂ්වරය ඊට වඩා උපයෝගිකයි කියලයි මම හිතන්නේ. ඒගොල්ලො කළේ අර්බුදය එනකොටම දිනුම් කණුව පස්සට දාන එකයි. පළමුවෙනි අවස්ථාවෙදි ඒක ආවම අධිරාජ්‍යවාදයට පෙළඹුණා. ඒ කියන්නෙ අමුද්‍රව්‍ය සොයාගෙන යටත් විජිත සොයාගෙන ගියා. ඒ නිසා තමයි ලෙනින් කියන්නෙ ධනේෂ්වරයේ උපරිමය අධිරාජ්‍යවාදයයි කියල. ඒ වුනත් 1940 දශකය වනවිට යටත්විජිතවාදයටත් යන්න බැරි වුණා වැඩි දුරක්. එතනදී ධනේෂ්වරය කළේ ආයෙත් දිනුම් කණුව පස්සට දැම්මා. ඊට පස්සේ ජාත්‍යන්තර මුල්‍ය ආයතන ගොඩනගල ඩොලරයත් එක්ක රත්තරං අවුන්ස 32 ක් සම්බන්ධ කරල ලෝක ආර්ථිකය ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල එක්ක ගැට ගැහුව.
මේ පරිවාරයේ ධනේෂ්වරයටත් වැඩි දුර යන්න බැරි වෙනව. එතනදී තමයි 1980 දශකයෙදී තැචර්ලා, රේගන්ලා නව ලිබරල්වාදය ගේන්නෙ. නව ලිබරල්වාදයේත් අර්බුදය මැද ලෝක ආර්ථික අර්බුදයන් පේනව. ඉතිං මම හිතන්නේ ඔය ගර්හාඞ් ශෲඩර් සහ ටෝනි බ්ලෙයාර් කතාකරන communitarianism නැත්නම් සම්බන්ධීකෘත වෙළඳපොළ ආර්ථිකය (coordinated market economy) කියන කතාව දැන් යළිත් පවතිනව. ලෝකයේ සමාජවාදී ක‍්‍රමයන් ප‍්‍රායෝගිකව පරීක්ෂා වෙලා නෑ. ධනේෂ්වර ක‍්‍රමයත් එහෙම නැහැ. නමුත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය එක තැනක හරිගිහින් තියෙනව. උදාහරණ ස්වීඩනය. එහි අවු 50 ක් තිස්සේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය පවතිනව.
ආර්ථික ක‍්‍රමයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පැත්තෙන් ලිබරල් ක‍්‍රමයත් යන දෙකේ මිශ‍්‍රණයක් තමයි මම දාර්ශනිකව උත්සාහ කරන්නේ.
ඔබ හිතනවද එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා පුළුවන් කියල ඔබ හිතන වැඩ කොටස කරන්න.
ශිරාල් - මම හිතන විදියට පහසුම තැන එක්සත් ජාතික පක්ෂය. මොකද එහි සැකිල්ල ගත්තම ඒක නූතනවාදීනෙ. අනිත් එක ඒකෙ ඉන්නෙ ධනවාදීන්. ඔවුන් වැවසම් නෑනෙ. වැඩවසම් පසුබිමක ගිහින් මේ අදහස් දාන්න හැදුවොත් තමයි උඹ සිංහලද දෙමළද බෞද්ධ ද අබෞද්ධ ද කියන ප‍්‍රශ්න එන්නෙ. නමුත් එජාපය එහෙම නෑ. අනෙක, එජාපය හැම තිස්සෙම උපයෝගිකවාදියි. කාටහරි විප්ලවයක් කරන්න ලංකාවෙ ඇතුලෙ ඉඩක් තියෙනව නම් ධනේෂ්වර විප්ලවය හරි වෙලා තියෙන්න ඕනනෙ. මේ පොල් අතු අධිරාජ්‍යය ඇතුලෙ බෑනෙ මොකුත් කරන්න. ඒ නිසා මට වැඩක් කරන්න තියෙන පහසුම පක්ෂය තමයි එජාපය.
එජාපය තුළ ඔබ පාවිච්චි වෙනව වෙන්න බැරිද ?
ශිරාල් - අපි අපේ ජීවිතේ අනුන්ට කඬේ යනව. අනුන්ව කඬේ යවනවා. හැබැයි අපි දැනගන්න ඕන කඬේ යනවයි කියල. දැනගෙන යන්න. ඒ එක. දෙක තමයි සීනි ගේන්නනම් කඬේ ගියේ සීනි රාත්තලක් හරි සාක්කුවේ දාගෙන එන්න. මට දැක්මක් තියෙනව. මම විශ්වාස කරනව යකෙක් එක්ක උනත් ඉන්න පුළුවන් තමන්ට දර්ශනයක් තියෙනව නම්. අද මම පාවිච්චි වෙනව වෙන්න පුළුවන්. හැබැයි හෙට අනිද්ද සහ තව අවුරුදු 10 කින් ඒක වෙනස් වෙනව.
රාජපක්ෂ රෙජිමයේ අනාගතය ගැන ශිරාල්ගෙ අදහස මොකක්ද ?
ශිරාල් - පළවෙනි එක, ඕකනෙ බොනපාට්වාදය කියන්නෙ. බොනපාට්වාදය ටික කාලයයි තියෙන්නෙ. දැන් ජවිපෙ ගැලවුණා. ලංකාවේ තීරණාත්මක වෙන්නෙ ජනාධිපතිවරණයනෙ. උතුරු නැගෙනහිර දෙමළ මිනිස්සු ඡුන්දය දෙන්න තීරණය කළොත්, කඳුකරයේ දෙමළ මිනිස්සුත් ඡුන්දය දෙන්න තීරණය කළොත්, ජවිපෙ එක ඡන්ද ලක්ෂයක් විතර තමන්ගෙ අපේක්ෂකයට ගත්තොත් මහින්ද කොහොමද දිනන්නෙ? මහින්දට අනාගතයක් නෑ.
මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න
ආර්ථික ක‍්‍රමයෙන් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් පැත්තෙන් ලිබරල් ක‍්‍රමයත් යන දෙකේ මිශ‍්‍රණයක් තමයි මම දාර්ශනිකව උත්සාහ කරන්නේ යි එදා පැවසූ ශිරාල් ලක්තිලක ගැන අලුත් විස්තර මෙතැනින් කියවන්න.
ස්වාධීන ශිෂ්‍ය සංගමයේ සිට එජාපය දක්වා

ග්‍රාමීය ගෝත්‍රික බෞද්ධයා ඉස් මතු වෙන්න ඇති ඊයේ.. මම හොඳට දැක්කා පිස්සෙක් වගේ හැසිරෙනවා. මොහුට මගේ තිබුන ගෞරවය එතනදීම නැති උනා. මේකට වග කියන්න ඕන සිරස. සිරසෙන් තමයි මේ 10-15 පොකට් මීටින් තියන් ගොබ්බ නායකයෝ පොරවල් කියලා පෙන්නන්නේ.
ReplyDeleteමොක් පුරය තියෙන්නේ යු ඇන් පි එක ඇතුළෙ ද? හොයාගෙන ගිය මොක් පුරය එතන නැති බව දැන්වත් ශිරාල්ට පෙනුනොත් ඒ ඇති...රනිල් යටතේ යු ඇන් පිය කපෝති ගහන බව දැන් නම් පැහැදිලියි...ජය ශ්‍රී මහ රජ....
ReplyDeletekele atharaman una gutee porak . oya sajee gona gen ayin weyan male . ethakota hari .
ReplyDeleteමේ වගේ තමන්ගෙම දර්ශනේම පාවා දෙන මිනිස්සු. ලිබරල් නම් අර කන්සරේටිව් සජිතයව පක්ශ නායකය කරන්න හදන්නෙ මොකෝ, මේ මනුස්සය ලඟදි මීටිමක කියනව සජිත් අපේ රටේ සිංහල බෞද්ධයට ගැලපෙනව ඒක නිසා මිනිහ හොන්දය් ලු, මාර ලිබරල් කතාවක් තමය් ඒකත්.
ReplyDeleteSHIRAL LANGA DI UNP EKATA AWITH SIRASA EKKA EKATHUWELA RANIL NAYAKA THUMAWA ELAWANNA HADANAWA SABE UNP KARAYIN INNAKAL ME KUMANTHRANA HARI YANNE NEHE
ReplyDeleteසමාජ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන හොඳම ක්‍රමයක් කියන එකට පමණක් එකඟයි.
ReplyDeleteශිරාල්ගේ ජීවිතේ තමන්ගෙන් අහන්න තියෙන වැදගත්ම ප්‍රශ්නෙන් ඔහු කට්ටි පනිනවා. [[ඔබ හිතනවද එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා පුළුවන් කියල ඔබ හිතන වැඩ කොටස කරන්න.]]
එදාම ඕක හිතුවනම්.
අනික ශිරාල් කාරයා අවංක නැහැ. මේ සාකච්චාව හා ඔහුගේ දේශපාලන භාවිතාව දෙකක්.
අර කොමෙන්ටුවක කියන විදිහට මේ එලියට පනින්නේ "ග්‍රාමීය ගෝත්‍රික බෞද්ධයා" නොවේ. ඕකා චූ-ඇන්ඩ්-පී ඒක දාලා ගිහින් බොහෝ කල්. ඔය එලියට පනින්නේ අවස්ථාවාදී තක්කඩියා. රනිලා ලොකු තනතුරක් දුන්නනම් සජියට ගල් ගහන්නත් කිසිම් පැකිලීමක් නැති ගතිය. සියලු මිනිසුන් තුල මර්විනයෙක් ජීවත් වන බවට උදාහරණ.
කොහොම වෙතත් ශිරාල් මොක්පුරය දකින්නේ මහින්ද ගේ දෑතේ බවට මේ කතාවෙන් මටනම් මැවිලා පේනවා. හැබැයි ඒක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මොක්පුරයක් නම් වෙන එකක් නැහැ.
ශිරාල් දේශපාලන කයිවාරු කාරයෙක්.හිස් පොරක්,හැබැයි පොර වෙන්න නම් ලොකු ට්‍රයි එකක් තියෙනවා.
ReplyDelete