ජනාධිපතිතුමනි, අානන්දයෙන් මරදානට යන අපව නොමෑඩ්ස් පිටියට ගෙන යනු මැන

මියුසියස් විද්‍යාලයේ රංග ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකදී ජනාධිපතිතුමා හරවත් කතාවක් කර ඇත. එහි එක් කරුණක් කෙරෙහි අවධානය යොමු විය. එතුමා මෙසේ කියයි:


හොඳ රස්‌සාවක්‌, හොඳ ආදායමක්‌ ගොඩනඟා ගත්තාම හොඳ ජීවිතයක්‌ ගොඩනඟා ගන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ රසවින්දන ශක්‌තියකුත් අපේ දරුවන්ට තියෙන්න ඕනෑ. ඒත් දුවේ මේ වින්දනය කියන දේ දැන් බොහොම පටු තේරුමකින් තමයි අපේ තරුණ පරම්පරාව භාර අරගෙන තියෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ. බඩු විකුණ ගන්න ඕනෑ නිසා, කෑමෙන්, බීමෙන්, ශරීර ස්‌පර්ශයෙන් විතරක්‌ වින්දනය ලැබෙනවා කියලා අපේ අය හිතන්න පුරුදු වෙලා.


ඒ නිසා තමයි අපි වින්දනයට සීමා නොවී ආනන්දය සොයා යන පරපුරක්‌ ගොඩනඟා ගන්න ඕනෑ. කලාව රසාස්‌වාදයෙන්, කලාවේ යෙදීමෙන්, මනස සිතුවිලි පෝෂණය කර ගැනීමෙන් විතරයි ආනන්දය ලබන්න පුළුවන්. ඒ නිසා ආනන්දය කියන්නේ වින්දනයට එහායින් තියෙන දෙයක්‌.


වින්දනය යනු විඳීමයි. ආනන්දය යනු සතුටයි. වත්මන් සමාජය වින්දනයෙන් ආනන්දයක් හෝ නො ලබන ඔහේ විඳගෙන, විඳගෙන යන සමාජයක් ලෙස ජනාධිපතිතුමා හඳුනාගෙන ඇත. එය සත්‍යයකැයි අපට ද සිතේ. එවන් සමාජයක් නිර්මානය කරන්නට ජනාධිපතිතුමා සිය දේශපාලන භූමිකාවෙන් විශාල දායකත්වයක් සැපයූ හෙයින් මෙම අදහස එක්තරා ආකාරයක ස්වයං විවේචනයක් ලෙස සලකන්නට ද පුළුවන.


ආනන්දයෙන් ප්‍රඥාව කරා යාම ගැන මේ සමාජයේ සිතන්නට හෝ බැරි බව ජනාධිපතිතුමාගේ කතාවෙන් ඔප්පු වේ.


මේ සමාජය යන්නේ ආනන්දයෙන් මරදානට ය.


රටේ නායකත්වය පසුපසින් ආනන්දයෙන් මරදානට ගිය සමාජය ආනන්දයෙන් නොමෑඩ්ස් පිටියට ගෙන යන්නට ජනාධිපතිතුමා උත්සාහ කළ යුතු ය. එතුමා දෙසැම්බර් 15දා චීනයෙන් පරිත්‍යාග කළ නෙළුම් පොකුණ රඟහල එතුමන්ගේ නමින් විවෘත කරයි.


අපේ ජනාධිපතිතුමා සාහිත්‍යශූරී සම්මාන ආචාර්ය උපාධිධාරියකු ද බව හැම එකකට ම තම නම දමා ගන්නවා යයි එතුමාට බනින අය අමතක කළ යුතු නැත.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. බණ්ඩාරනායක නමට වෙච්ච්දේ මතකයිනේ?
    -Kumar-

    ReplyDelete
  2. This idiot had prepared this talk for the previous day event at Ananda as the keynote, and we were expecting it; but simply because other speakers mentioned the name of Gen. Fonseka as an great old Anandian, He did not make it. Bastard!

    ReplyDelete
  3. නෙලුම් පොකුණ රංග ශාලාව පාවිච්චි කරන්න යන වියදම සොයා ගන්න සාමාන්‍ය නාට්‍යකාරයන්ට ප්‍රේක්ෂකයන්ගේ ඉහ මොළ සුරා කන්න වෙනවා ආණ්ඩුව සහන මිලක් දුන්නේ නැතිනම්...මේකේ එක දවසක පාවිච්චි වියදම රුපියල් ලක්ෂ පහ පනිනවා කියල තමා කියන්නේ...එම නිසා මේක පිටරටින් ශිල්පින් ගෙන්නලා මුදල් හම්බ කරන කලා බිස්නස් කාරයන්ට තමා හදල තියෙන්නේ...මේ රංග ශාලාව පොහොසතුන්ට ආනන්දයත්... දුප්පතුන්ට ඈතින් ඉඳන් වින්දනයත් දෙන...තවත් අධිවේගි මාර්ගයක්...දුප්පතුන්ට ආනන්දය කියන්නේ මොකක්දැයි හඳුනා ගන්න අවස්ථාවක් දෙන්නේ කොහොමද කියල...හිතන්න හිටපු අය දැන් සීගිරි යන කාලේ නේ...

    ReplyDelete
  4. අානන්දයෙන් මරදානට.....maru...

    ReplyDelete
  5. It has said everything about everything.... Please be realize before it's too late for the sake of future generation...Our's ruined already...

    ReplyDelete
  6. රත්නසිරිDecember 5, 2011 at 11:52 PM

    මහින්ද ආනන්දයෙන් සාරානන්දයට ගිහිං ඉන් පස්සේ අපායට තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා