ජනාධිපතිතුමනි, අානන්දයෙන් මරදානට යන අපව නොමෑඩ්ස් පිටියට ගෙන යනු මැන
මියුසියස් විද්‍යාලයේ රංග ශාලාවක් විවෘත කිරීමේ උත්සවයකදී ජනාධිපතිතුමා හරවත් කතාවක් කර ඇත. එහි එක් කරුණක් කෙරෙහි අවධානය යොමු විය. එතුමා මෙසේ කියයි: හොඳ රස්‌සාවක්, හොඳ ආදායමක් ගොඩනඟා ගත්තාම හොඳ ජීවිතයක් ගොඩනඟා ගන්න පුළුවන් කියලා හිතන්න එපා. හොඳ රසවින්දන ශක්‌තියකුත් අපේ දරුවන්ට තියෙන්න ඕනෑ. ඒත් දුවේ මේ වින්දනය කියන දේ දැන් බොහොම පටු තේරුමකින් තමයි අපේ තරුණ පරම්පරාව භාර අරගෙන තියෙන්නේ කියලයි මට නම් හිතෙන්නේ. බඩු විකුණ ගන්න ඕනෑ නිසා, කෑමෙන්, බීමෙන්, ශරීර ස්‌පර්ශයෙන් විතරක් වින්දනය ලැබෙනවා කියලා අපේ අය හිතන්න පුරුදු වෙලා. ඒ නිසා තමයි අපි වින්දනයට සීමා නොවී ආනන්දය සොයා යන පරපුරක් ගොඩනඟා ගන්න ඕනෑ. කලාව රසාස්‌වාදයෙන්, කලාවේ යෙදීමෙන්, මනස සිතුවිලි පෝෂණය කර ගැනීමෙන් විතරයි ආනන්දය ලබන්න පුළුවන්. ඒ නිසා ආනන්දය කියන්නේ වින්දනයට එහායින් තියෙන දෙයක්. වින්දනය යනු විඳීමයි. ආනන්දය යනු සතුටයි. වත්මන් සමාජය වින්දනයෙන් ආනන්දයක් හෝ නො ලබන ඔහේ විඳගෙන, විඳගෙන යන සමාජයක් ලෙස ජනාධිපතිතුමා හඳුනාගෙන ඇත. එය සත්‍යයකැයි අපට ද සිතේ. එවන් සමාජයක් නිර්මානය කරන්නට ජනාධිපතිතුමා සිය දේශපාලන භූමිකාවෙන් විශාල දා...