ආණ්ඩුවත් අවුට්සෝස් කරමු ද?

ලංකාවේ ජනාධිපතිවරයා 2010 සැප්තැම්බරයේදී සිංහල ජාතික ඇඳුම ඇඳගෙන සාඩම්බරයෙන් කළ කතාව ලියා දී ඇත්තේ බ්‍රිතාන්‍යයේ මහජන සම්බන්ධතා සමාගමක් වන බෙල් පොටින්ජර් බව දැන් හෙළිදරව් වී තිබේ. එම කතාව තෝරාගෙන ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සකසන ලද කතාව ප්‍රතික්ෂේප කරමින් ය. 


රජය දැන් වසර ගණනාවක් තිස්සේ රාජ්‍ය නායකයාගේ ප්‍රතිරූපය ගොඩනඟා ගැනීම සඳහා මෙවැනි මහජන සම්බන්ධතා සමාගම්වලට විශාල මහජන මුදල් සම්භාරයක් වැය කරමින් සිටියි. ඒ පසුපස දැවැන්ත කොමිස් ජාවාරම් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. 


2018දී පොදු රාජ්‍ය මණ්ඩල‍ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයලබා ගැනීම සඳහා ද අති විශාල මුදලක් මහජන සම්බන්ධතා සමාගම් වෙනුවෙන් වැය කළ මුත් එය පුස්ස බින්දා වැනි විය. 


ජාත්‍යන්තර වශයෙන් ලංකාවේ ප්‍රතිරූපය නංවා ගැනීමට යයි කළ වියදම්වලින් ප්‍රයෝජනයක් අත්පත් වූවා නම්, ලංකාව මෙසේ දිනෙන් දින ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වෙයි ද? 


ප්‍රතිරූපය නංවා ගැනීමට යයි අති විශාල වශයෙන් මහජන මුදල් වැය කරන ගමන් රජය කරන අනෙකුත් දේවලින් නිකම් ම රටේ ප්‍රතිරූපය බිඳ වැටෙයි. නිදසුනක් ලෙස, මෙම ලිපිය බලන්න:


ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ළමයින් බේරා ගැනීම


රෙද්ද, බැනියම ඇඳගෙන උදේ පටන් රෑ වන තෙක් මේ ආණ්ඩුවේ නායකයන් දෙසා බාන දේශීයත්වය, ජාතිකවාදය කොපමණ ප්‍රෝඩාවන් ද යත් අද වන විට ජනාධිපතිගේ කතාවක් ලියා ගැනීම පවා පිටරට සමාගම්වලින් 'අවුට්සෝස්' කරන තත්වයට පත් වී ඇත. 


අප එසේ කරන්නේ රාජ්‍ය පාලනයට යයි කියා දැවැන්ත දේශපාලක පරපෝෂිත කැළක් හා රාජ්‍ය නිලධාරි සමූහයක් ද නඩත්තු කරමින් ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඕක ගැන නියම ලිපියක් ලියල තියෙනවා රාවයේ විමලේ "හරි අප්" කියලා. කොහොම හරි බලන්න... පට්ට...

    ReplyDelete
  2. අපේ දේශපාලඥයෝ කොහොමත් 'දවල් මිගෙල් රෑ දනියෙල්' තමා.
    -Kumar-

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා