හම්බන්තොට දියවලට නැව් ගෙන්වා ගැනීමේ අලුත් උපාය

2012 මාර්තු සිට වාහන ආනයනකරුවන්ට වාහන බාන්නට අවසර දෙන්නේ හම්බන්තොට වරායේ පමණක් බව වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම පවසයි. ඔහු පවසන පරිදි එසේ කරන්නේ දැන් සිදු වන මාර්ග පළල් කිරීම නිසා වරායේ භාණ්ඩ රඳවා තැබීමට ඇති ඉඩකඩ අඩු වීම නිසා හා තදබදය අඩු කර ගැනීමට බව ඔහු පවසයි. 


එහෙත්, එහි මෙහෙම පැත්තක් ද ඇත. 


රට උගස් කර, ගොඩබිම හාරා මහා දියවලක් තැනුවාට එය වරායක් නො වන නිසා එයට නැව් ගෙන්වා ගැනීමට මොනවා හෝ උප්පරවැට්ටි යෙදිය යුතුව තිබේ. වරාය කටේ තිබූ කළු ගල විසින් ඇති කරන ලද අපකීර්තිය නිසාත්, මේ වරායට නැව් එන්නට වෙනත් හේතුවක් නැති නිසාත් මෙවැනි උප්පරවැට්ටිවලින් තොරව රට සංවර්ධනය කරන්නට බැරි ය. 


වාහන බිස්නස් එක ලංකාවේ කේන්ද්‍ර වී ඇත්තේ කොළඹ, නුවර, කුරුණෑගල වැනි නගරවල ය. හම්බන්තොට වරායෙන් ගොඩ බාන වාහන ඒ දුර ඈත පළාත්වලට ගොඩබිමින් ගෙන යන විට  අලුත් අධිවේගී මාර්ගයේ යන වාහන සංඛ්‍යාව වැඩි කර ගත හැකි ය. එය මේ ආණ්ඩුවට සංවර්ධනයක් ලෙස පෙන්විය හැකි ය. කුරුණෑගල වාහන බිස්නස් එක කඩා බිඳ දමා හම්බන්තොටට ගැනීම වුව මේ ආණ්ඩුවට සංවර්ධනයකි. 


මේ 'සංවර්ධනයේ' ප්‍රතිලාභ ගලා යන්නේ කාට ද? 


ආණ්ඩුව අනුගමනය කරමින් සිටින සමස්ත ආර්ථික ක්‍රියාවලිය ම දිළිඳුකම නැති කිරීමේ කිසිදු අරමුණක් රහිත එකක් බව අපි අවධාරණය කරමු. 


දිළිඳු ජනයා හා පීඩිත පංතීන් මෙම ඊනියා සංවර්ධනයේ මායා දැලින් මුළා නො විය යුත්තේ ද එයට එරෙහිව නැඟී සිටිය යුත්තේ ද එම නිසා ය. 


තවත් විස්තර: Sri Lankan officials following 'innovative' tactics to convert Hambanthota a harbour


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. කාරෙකුත් අරන් කිරි හට්ටියකුත් දාගෙන ආයිස් චාර්යා දිගේ කොස්ටාවෙන් කොළබට. මොනව උනත් කොළඹ බේරිලා. ඕකට නැව් ගේන නියම ක්‍රමයක් කාලෙකට කලින් සූත්තර පුංචා කිව්වා. නරක නෑ ඒ අදහසත්..

    ReplyDelete
  2. mama htnnenm oka hoda deyak. adi wegi margaya kwru kohoma qwat ratata hoda ayojanayak. aken labana adayamen witarak newey aka nisa itiri wana tel pramanayeth wahana wala kalpewetmet hoda yahapat wenasak dakinna puluwn.hambantota warayet wda amaruwen hari ptn gattot mattala guwn totupolat hadunot rate dakuna diyunu wena aka nawattanna bea

    ReplyDelete
  3. This is truly unfortunate. Government has no vision in economic concerns.

    ReplyDelete
  4. ලජ්ජා නැතිකම විධායක ජනාධිපති කමටත් වඩා ලොකුයි. මේ යන්නේ අම්මගේ රෙද්දත් උගස් කරලා, සූදු කෙලලා ,රට සංවර්ධනය කළහැකි බවට, කේවට්ට පී බී ජයසුන්දර සහ ගොන් පුරෝහිත කබරාලයා දෙන උපදෙස් අනුව ආර්ථික වල පල්ලට යන ගමනක් නේද? අයියා ඔබ මේ රට කැන්දාගෙන යන්නේ ආර්ථික මකර කටටද? යන්ඩ අයියා, යන්ඩ. අපිව ඇත හැරලා ඔබම යන්ඩ? (සමාවෙන්ඩ රුක්මනී දේවි)

    ReplyDelete
  5. waredei obalage adehas. me anduwe godak warede theyanawa. eth eta wada waredak theyanawa. urana nowe ahanne. colombo walata wada lagai hambanthota waraya. eka hadanawata lokaya boho ratawal tharehai. aneka werawela guwan thotupala. eka hadanawath sengappuruwa threhai. hethnne tekak. rajaya warede karanawa thmai. ath ape rate theyanawade konda pana theyana wekshyak.nane. balaya allanne porakanawa mesak. ai wepakshya annduwa karane dushana wancha parliment ekede westhrawa keyanne naththe.keyawanne tekak me blog eka. apeta enne ratak theyanne ona. eka nelda kaluda rathuda keyala wadak na.http://petaratasetaleyame.blogspot.com/

    ReplyDelete
  6. Me ta wada narakada kolaba waraya wahalama dhemmanam?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා