Posts

Showing posts with the label හම්බන්තොට වරාය

හම්බන්තොට බේරා ගන්නට වාහනවලට වැඩියෙන් ගෙවමු

Image
ලංකාවේ ආණ්ඩුව හම්බන්තොට වරායක් හැදුවේ ය. ඒ හැදුවේ වලේ ගල් කඩන්නට පෙර වතුර පුරවා බව දැන් කවුරුත් දනිති. වරාය හදන්න හා ඉන් පසු වතුරට යට වූ ගල් කඩන්නට වැය කළේ මහජන මුදල් ය.  දැන් වරායට ඇති ලොකු ම ගැටලුව නැව් නො එන එක ය. ඒ නිසා මැයි 31 සිට වාහන නැව් හම්බන්තොටට තල්ලු කිරීමට ආණ්ඩුව නීතියක් පනවා ඇත. හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ කොළඹ වාහන ගබඩා කරන්නට ඉඩ නැතිකම ය. එය බොරු හේතුවකි. වාහන ආනයනකරුවෝ ඉක්මණින් වාහන ඉවත් කර ගන්නා අතර, බදු වැඩි කිරීම නිසා දැනට නම් වාහන ආනයනය බෙහෙවින් අඩු වී තිබේ.  වාහන හම්බන්තොටින් ගොඩ බා, ඒවා වාහන ප්‍රවාහන රථවලින් කොළඹට ගෙන එන්නට සිදු වීම නිසා තමන් ගෙන්වන වාහනයකට අමතර රු. 25,000ක මිලක් එකතු වන බව  මරුති හා සුසුකි නියෝජිතයන් වන ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම පවසයි.  මේ හම්බන්තොට බේරා ගැනීම වෙනුවෙන් වැය කරන අමතර ඉන්ධන නිසා ය. වාහන ආනයනය සීමා කළේ ඉන්ධන පරිභෝජනය අවම කරන්නට යයි ද කියැවේ.  හතර බීරි කතා හා වලිගය විසින් බල්ලා සෙලවීම සිහිපත් වන්නේ මෙවැනි දේ නිසා ය. තවත් විස්තර මෙතැනින් මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

හම්බන්තොට දියවලට නැව් ගෙන්වා ගැනීමේ අලුත් උපාය

Image
2012 මාර්තු සිට වාහන ආනයනකරුවන්ට වාහන බාන්නට අවසර දෙන්නේ හම්බන්තොට වරායේ පමණක් බව වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම පවසයි. ඔහු පවසන පරිදි එසේ කරන්නේ දැන් සිදු වන මාර්ග පළල් කිරීම නිසා වරායේ භාණ්ඩ රඳවා තැබීමට ඇති ඉඩකඩ අඩු වීම නිසා හා තදබදය අඩු කර ගැනීමට බව ඔහු පවසයි.  එහෙත්, එහි මෙහෙම පැත්තක් ද ඇත.  රට උගස් කර, ගොඩබිම හාරා මහා දියවලක් තැනුවාට එය වරායක් නො වන නිසා එයට නැව් ගෙන්වා ගැනීමට මොනවා හෝ උප්පරවැට්ටි යෙදිය යුතුව තිබේ. වරාය කටේ තිබූ කළු ගල විසින් ඇති කරන ලද අපකීර්තිය නිසාත්, මේ වරායට නැව් එන්නට වෙනත් හේතුවක් නැති නිසාත් මෙවැනි උප්පරවැට්ටිවලින් තොරව රට සංවර්ධනය කරන්නට බැරි ය.  වාහන බිස්නස් එක ලංකාවේ කේන්ද්‍ර වී ඇත්තේ කොළඹ, නුවර, කුරුණෑගල වැනි නගරවල ය. හම්බන්තොට වරායෙන් ගොඩ බාන වාහන ඒ දුර ඈත පළාත්වලට ගොඩබිමින් ගෙන යන විට  අලුත් අධිවේගී මාර්ගයේ යන වාහන සංඛ්‍යාව වැඩි කර ගත හැකි ය. එය මේ ආණ්ඩුවට සංවර්ධනයක් ලෙස පෙන්විය හැකි ය. කුරුණෑගල වාහන බිස්නස් එක කඩා බිඳ දමා හම්බන්තොටට ගැනීම වුව මේ ආණ්ඩුවට සංවර්ධනයකි.  මේ 'සංවර්ධනයේ' ප්‍රතිලාභ ගලා යන්නේ ක...

හම්බන්තොට වරායට නැවක් ආවෝ! / A ship in Sri Lanka's Hambanthota harbour

Image
ඔබ දැකුමෙන් අප පිං කළ බව දැනිණි. රට ම බැලිය යුතු දෙයකි. හම්බන්තොට වරායට නැවක් ආවා ය. වරායවලට නැව් මිස කෝච්චි එනවාදැයි අපෙන් නො අසන්න. බල්ලෙක් මිනිහකු සපා කෑ විට පුවතක් නො වන මුත්, මිනිහෙක් බල්ලකු කෑ විට එය පුවතක් බවට පත් වන බව ජනමාධ්‍යවේදයේදී කියැවේ. ඈත මුහුදේ තිබෙන නෞකා සඳහා සේවා සැපයීමට හම්බන්තොට වරායට බෝට්ටු දෙකක් ගෙනැවිත් දීමට bluga නම් මේ නැව වරායට ආවේ ය. ඇවිත් ගියේ ය. තව නැව් ආවොත් රජයේ මාධ්‍ය අපට ඒ බව කියනු ඇත. බලාපොරොත්තුවෙන් සිටින්න. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

හම්බන්තොට වරායේ ගලේ පැහැරූ බළල්ලු කවුරු ද?

Image
(2011 අප්‍රේල් 25,   W3Lanka )   හම්බන්තොට වරායේ පිහිටි දැවැන්ත ගල් පර්වතයක් නිසා එයට නැව් ඇතුල් කළ නො හැකි බව විපක්ෂය පවසයි. ගල ගැන වාද කරන්නට තමන් සූදානම් බව විවාදයක් යනු කටින් හෝ අතින් පයින් ගසා අනෙකා මෙල්ල කිරීම යයි සිතා සිටින ශික්ෂණයේ ගැටලු ප්‍රදර්ශනය කර ඇති දේශපාලනඥයකු වන රෝහිත අබේගුණවර්ධන පවසයි. පවත්වන්නට නියමිත මේ වාදය පානදුරා වාදය වැනි එකක් වනු ඇද්දැයි අපි නො දනිමු. එයට ඇතැම් විට හම්බන්තොට වාදය හෝ ගලේ වාදය යයි කියා ඉතිහාසයේ සඳහන් වන්නට පුළුවන. ගලේ පැහැරූ බළලාට ඇති ප්‍රශ්නය වන්නේ ඒ අසූචි ගොඩ වසා ගැනීමට වැලි නැති වීමයි. සන්ඩේ ලීඩර් පුවත්පතේ වාර්තාවකට අනුව, වරාය බේසම හා පිවිසුම් මාර්ගය හෑරීමේ අමතර කටයුතු සඳහා චීන කොන්ත්‍රාත්කරු කජු ඇට කොස් ඇට නො වන රු. බිලියන 4.8ක් ඉල්ලා ඇති බව වරාය අධිකාරියේ සභාපති හා මේ වරාය හැදූ විශ්වකර්මයා වන ප්‍රියත් බන්දු වික්‍රම පවසා ඇත. මේ වනාහි මහජන මුදල් ගෙඩි රුපියල් 4,800,000,000කි. නැතිනම් කෝටි 480කි. ගම් 480කට කෝටිය, කෝටිය දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත  නංවන්නට වැය කරන්නට තිබූ මුදලකි. ‍දුප්පතුන්ට ‍රු. ලක්ෂ දහය බැගින් වටින...

නෞකා, එන්නකෝ නෞකා, මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා (හම්බන්තොට ගීතය)

Image
( 2010 දෙසැම්බර් 27,  W3Lanka )   පහත සඳහන් ගීය සුනිල් ආරියරත්න විසින් ලියන ලද, වික්ටර් රත්නායක විසින් සංගීතවත් කර අබේවර්ධන බාලසූරිය විසින් ගායනා කරන ලද 'ගංගා එන්නකෝ ගංගා' ගීතයේ තනුව අනුව මෙගා සබ් ස්ටාර් දයාසිරි ජයසේකර ගායක මන්ත්‍රී වෙනුවෙන් W3Lanka විසින් ලියන ලද්දකි.   නෞකා එන්නකෝ නෞකා මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා කෙරූ විවුර්තෙට බර වියදම් කොට චීනුන් දුන් ණය බර ඔසවාගෙන පොළී ගෙවද්දී මා අහක බලාගෙන යන්න ගියා ඔබ ඇයි එහෙම ඉතින් ඔබ අහක බලන් යන්නේ නෞකා  එන්නකෝ නෞකා මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා ජීවන වියදම අහස උසට නැඟ නැවකුදු රහිතව බකන් නිලාගෙන පාළු කපද්දී මා පෙනෙන ඉසව්වෙන් මූදෙ ගියා ඔබ ඇයි එහෙම ඉතින් ඔබ අහක බලන් යන්නේ නෞකා  එන්නකෝ නෞකා මං බලාන ඉන්නේ ඔබ එනතුරු නෞකා මෙම ගීතය රචනා කරන්නට හේතු වූයේ දයාසිරි ජයසේකර විසින් පසුගියදා මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකි. උපුටා ගැනීම දිවයිනෙනි.  හම්බන්තොට වරායට නැව් නොපැමිණෙන්නේ එම වරාය භාවිත කිරීමට සුදුසු බවට අවශ්‍ය සහතික කිරීම් තවමත් කර නොමැති නිසා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්‌ත්‍...

හම්බන්තොටින් ගලන 'සංවර්ධනය' දිළින්දන්ගේ ජීවිත වෙත කාන්දු වන්නට තව 'බොහෝ කල්' අවශ්‍ය ය

Image
( 2010 අගෝස්තු 16,  W3Lanka )  හම්බන්තොට වරායේ පළමු අදියර ඉදි කිරීමට ගිය වියදම වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම රජයේ නිල පුවත් වෙබ් අඩවියට කියන ආකාරයට අනුව ඇමරිකන් ඩොලර් මිලියන 437කි. එනම්, රු. කෝටි 5000කට ආසන්න මුදලකි. මේ  මුදලින් 85%ක් චීනයෙන් ණයට ලබා ගන්නා ලදී. එනම්, රු. කෝටි 4250ක් අපි චීනයට පමණක් ණය වී ඇත්තෙමු. ලංකාවේ ජනගහණය කෝටි දෙකක් නම් සෑම වැසියෙක් ම හම්බන්තොට වරායේ පළමු අදියර වෙනුවෙන් චීනයට රු. 2125ක් ණය වී තිබේ. මේ ණය පොලියත් සමග ගෙවිය යුතු ය. කොමිස් මුදලක්,  කොන්ත්‍රාත්තුවක් හෝ වෙනත් වාසියක් නොමැතිව හම්බන්තොට වරාය වෙනුවෙන් අඩු තරමේ රු. 8500ක්වත් චීනයට ණය වන රත්තරං පුංචි පවුල් පවා මේ 'සංවර්ධනයේ' වීරයන් බව එහි නියමුවෝ සිහිපත් කළ යුතුව තිබිණි.  දැනට ඉදි වෙමින් තිබෙන දකුණු කොලඹ වරායේ දිය කඩනයන් සඳහා වැය වන මුදල මීට අධික ය.  නොවැම්බරයේ ආරම්භ වන වරායේ දෙවන අදියර සඳහා රු. කෝටි 8000ක් පමණ වැය වන බව වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම අගෝස්තු 13දා ශ්‍රී ලංකා ගුවන් විදුලියට පැවසී ය. මෙම මුදල ද චීනයෙන් ණයක් ලෙස ලබා...

හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය ඉදි කිරීම හෙට ඇරඹේ

(2009 ඔක්තෝබර්  06 - W3Lanka ) ලෝකයේ ප්‍රධානතම නැව් මාර්ගයකට නුදුරින් හම්බන්තොට ඉදි වෙමින් පවතින සේවා වරායේ ප්‍රධාන අංශයක් වන තෙල් මෙහෙයුම් පහසුකම් හා තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියට හෙට මුල් ගල් ගැබීමට නියමිත ය.  තෙල් මෙහෙයුම් පහසුකම් හා තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය තෙල් ටැංකි 14 කින් යුක්‌ත වන අතර එයින් ටැංකි 8 ක්‌ තෙල් මෙහෙයුම් ටැංකි ද, ටැංකි තුනක්‌ ගුවන් යානා ඉන්ධන ද, ටැංකි තුනක්‌ ද්‍රව පෙට්‍රෝලියම් වායුව ද ගබඩා කරයි. මෙම ටැංකිවල සමස්‌ත ධාරිතාව ඝන මීටර් අසූදහසකි.  ඇමරිකානු ඩොලර් කෝටි හතහමාරකට වඩා වැය වන මෙම ව්‍යාපෘතියේ පිරිවැයෙන් 85%ක් දරන්නේ චීනයයි.  ලෝකයේ වේගයෙන් නැගී එන ආර්ථික බලවතකු වන චීනය සිය සැපයුම් මාර්ග සුරක්ෂා කර ගැනීමට හා ආරක්ෂාව පිණිස ඉන්දීය සාගර කලාපයේ මුතු පොටක් වන් වරාය ජාලයක් සංවර්ධනය කරමින් සිටින බව විශ්ලේෂකයෝ පවසත්. හම්බන්තොට ද මෙම මුතු පොටේ එක් අනගි මුතු ඇටයකි.