හම්බන්තොට තෙල් ටැංකි සංකීර්ණය ඉදි කිරීම හෙට ඇරඹේ


(2009 ඔක්තෝබර්  06 - W3Lanka) ලෝකයේ ප්‍රධානතම නැව් මාර්ගයකට නුදුරින් හම්බන්තොට ඉදි වෙමින් පවතින සේවා වරායේ ප්‍රධාන අංශයක් වන තෙල් මෙහෙයුම් පහසුකම් හා තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතියට හෙට මුල් ගල් ගැබීමට නියමිත ය. 


තෙල් මෙහෙයුම් පහසුකම් හා තෙල් ටැංකි සංකීර්ණ ව්‍යාපෘතිය තෙල් ටැංකි 14 කින් යුක්‌ත වන අතර එයින් ටැංකි 8 ක්‌ තෙල් මෙහෙයුම් ටැංකි ද, ටැංකි තුනක්‌ ගුවන් යානා ඉන්ධන ද, ටැංකි තුනක්‌ ද්‍රව පෙට්‍රෝලියම් වායුව ද ගබඩා කරයි. මෙම ටැංකිවල සමස්‌ත ධාරිතාව ඝන මීටර් අසූදහසකි. 

ඇමරිකානු ඩොලර් කෝටි හතහමාරකට වඩා වැය වන මෙම ව්‍යාපෘතියේ පිරිවැයෙන් 85%ක් දරන්නේ චීනයයි. 

ලෝකයේ වේගයෙන් නැගී එන ආර්ථික බලවතකු වන චීනය සිය සැපයුම් මාර්ග සුරක්ෂා කර ගැනීමට හා ආරක්ෂාව පිණිස ඉන්දීය සාගර කලාපයේ මුතු පොටක් වන් වරාය ජාලයක් සංවර්ධනය කරමින් සිටින බව විශ්ලේෂකයෝ පවසත්. හම්බන්තොට ද මෙම මුතු පොටේ එක් අනගි මුතු ඇටයකි.

Comments

  1. ඒකෙන් බැසිල් කොච්චර ගහයිද,කවුද දන්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

දීප්ති කුමාර ගුනරත්න යනු මොකක්ද?

මාතර දෙයියන්ගෙ හාල්වලින් පිසූ බත් දන්සැල

අන්තවාදීන්ට සාකච්ඡා කර ජාතික ප්‍රශ්නයට විසඳුම් යෝජනා කරන්නට පහසුකම් සලසා දිය යුතු ය.