2009 මාධ්‍ය නිදහස් දර්ශකයේ ලංකාවට රටවල් 175ක් අතරින් 162වන ස්ථානය


(2009 ඔක්තෝබර්  20 - W3Lanka) පුවත්පත්කලාවේදියකු විසි වසරකට සිර ගෙට යැවීමෙන් කුප්‍රකට වූ ශ්‍රී ලංකාවට ලෝක මාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 175ක් අතරින් 162වන ස්ථානය හිමි වී තිබේ. 


පළමු ස්ථානය ඩෙන්මාර්කයට හිමි වී ඇති අතර ෆින්ලන්තය, අයර්ලන්තය, නෝර්වේ, ස්වීඩනය,එස්තෝනියාව, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, අයිස්ලන්තය. ලිතුවේනියාව, බෙල්ජියම, මෝල්ටාව, ඕස්ට්‍රියාව, ලැට්වියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ජපානය, ජර්මනිය, කැනඩාව හා ලක්සම්බර්ග් පිළිවෙලින් පළමු ස්ථාන 20ට පත් වී තිබේ.


අවසාන 20ට අයත් වන ලංකාව පිටුපසින් සවුදි අරාබිය, සෝමාලියාව, සිරියාව, වියට්නාමය,යේමනය, චීනය, ලාඕසය, කියුබාව, බුරුමය, ඉරානය, තුර්ක්මෙනිස්තානය, උතුරු කොරියාව සහ එරිත්‍රියාව පිළිවෙලින් පිහිටා තිබේ.


පුවත්පත් කලාවේදීන් මරා දැමුණු ගිය අවුරුද්දේ ලංකාවට හිමි වී තිබුණේ 165වන ස්ථානයයි.

ප්‍රජාතන්ත්‍රවාදය දෙසට යොමු වූ අසල්වැසි මාලදිවයින 104වන ස්ථානයෙන් 52වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ඉනිමගක් හමු වූ කලක මෙනි. එරට ජනාධිපති මොහොමඩ් නෂීඩ් කලක් ලංකාවේ The Island පුවත්පතේ පුවත්පත් කලාවේදියකු වූයේය. 


ගිය අවුරුද්දේ 118වන ස්ථානයේ සිටි ඉන්දියාව මේ වසරේ 105වන ස්ථානයට පැමිණ ඇත. භූතානය 70වන ස්ථානයේ ද, නේපාලය 118වන ස්ථානයේ ද, බංග්ලාදේශය 121වන ස්ථානයේ ද, පාකිස්තානය 159වන ස්ථානයේ ද සිටියි. ඇෆ්ගනිස්තානය පවා ලංකාවට ඉහළින් 149වන ස්ථානයේ සිටින අතර ලංකාවට හිමි වී ඇත්තේ මේ කලාපයේ අවසන් ස්ථානයයි.


දකුණු ආසියානු කලාපයේ පැරණි ම ප්‍රජාතන්ත්‍රවාදී රට වන්නේ ලංකාවයි.

Comments

  1. චීනය ඔතන නම් අපි මෙතන ඉන්න එක හොදයි නොවැ, ඔවුන් ගේ ලැයිස්තු වල මුල් තැන ගන්නවට වඩා

    ReplyDelete
  2. "සවුදි අරාබිය, සෝමාලියාව, සිරියාව, වියට්නාමය,යේමනය, චීනය, ලාඕසය, කියුබාව, බුරුමය, ඉරානය, තුර්ක්මෙනිස්තානය, උතුරු කොරියාව "
    රටවල් ටිකෙ සමානකමක් තියෙනව කියල පෙනවද.
    ඔතන ලන්කාවත් ඉන්නව කියල අඩන්න තරම් දෙයක් නැතො

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා