ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම නොවැම්බර් 20දා

(2009 ඔක්තෝබර් 16 - W3Lanka) ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීම නොවැම්බර් 20දා සිදු වීමට ඉඩ ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

   මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ පළමු සිව් වසර එදිනට සම්පූර්ණ වීමෙන් පසු කඩිනම් ජනාධිපතිවරණයක් පවත්වා ඉදිරි අට වසරක් සඳහා බලය තහවුරු කර ගැනීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙයි.
   2010 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන අතර ජනාධිපතිවරණය ඉන් පසුව පැවැත්වුවහොත් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් උනන්දුවෙන් සහාය නො දක්වනු ඇති ය යන හේතුව මත ජනාධිපතිවරයා මෙසේ ජනාධිපතිවරණය කලින් පැවැත්වීමට තීරණය කර තිබේ.
   එම ජනාධිපතිවරණය ජය ගත්තත්, නැතත්, සිය පළමු ධුර කාලයේ ඉදිරි වසර දෙක තුළ ජනාධිපති පදවිය දැරීම සඳහා නීතිමය විධිවිධාන පාවිච්චි කිරීමට ද ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙයි.
   ජනාධිපතිවරණයේ සංවිධාන කටයුතු සඳහා ජනාධීතිගේ සෙහොයුරු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වීමට නියමිත ය.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා