ඕස්ට්‍රේලියාවට පනින්න ගිහින් 260ක් ලාංකිකයෝ ඉන්දුනීසියා අත්අඩංගුවේ


(2009 ඔක්තෝබර්  13 - W3Lanka) බඩු ප්‍රවාහන නැවකින් ඕස්ට්‍රේලියාවට පැන ගැනීමට උත්සාහ කරමින් සිටි ශ්‍රී ලාංකිකයන් 260ක් ඉන්දුනීසියානු නාවික හමුදාව විසින් සුන්ඩා සමුද්‍ර සන්ධියේදී පසුගිය ඉරිදා අත් අඩංගුවට ගෙන රඳවා තබා ඇති බව ජකර්තා පෝස්ට් පුවත්පත වාර්තා කරයි. 


ලංකාවේ සිට බෝට්ටුවල නැගී ඔස්ට්‍රේලියාවට යන ලාංකිකයන් ගණන වැඩි වීමත් සමග ගම්වලට ගොස් ‍මෙවැනි බෝට්ටු ගමන්වල අනතුරුදායකබව හා නීති විරෝධී ස්වභාවය වෙරළබඩ ගම්මානවල මිනිසුන්ට වීදි නාට්‍ය, පෝස්ටර්, පත්‍රිකා, බැනර් හා සම්මන්ත්‍රණ ආදිය ආශ්‍රයෙන් ඉගැන්වීමේ කොන්ත්‍රාත්තුවක් ඕස්ට්‍රේලියානු රජය විසින් සාචි ඇන්ඩ් සාචි ප්‍රචාරක සමාගමට භාර දී තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ අලූත් ම වාර්තාවකට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවල සිට සංවර්ධිත රටවලට එමින් සිටින අය මහ පිරිසක් නො වන අතර, එසේ පැමිණෙන අය පවා පැමිණෙන රටවල ආර්ථිකයට දායක වනවා විනා බරක් නොවන අය වෙති.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන ව්‍යාපෘතියේ 2009 මානව සංවර්ධන වාර්තාවේ අධ්‍යක්ෂ ජෙනී ක්ලූගන් පවසන පරිදි සංවර්ධනය සඳහා සුවිසල් දායකත්වයක් සැපයීමේ හැකියාවක් සංචලනයට තිබේ. වර්තමානයේදී සංචලනයට ඇති බාධක ඉවත් කරන්නේ නම් එමගින් සංවර්ධනය ඉහළ නැංවීමේ හැකියාවක් තිබෙන බව ද ඇය පවසයි.


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා