මුතුහෙට්ටිගම සීනිගමදී ගැසූ පොල් කොළඹට වැදුණා ද? ඔහුට ම වැදුණා ද?

ඔහුගේ සාපය ඉලක්ක විය යුත්තේ කාටදැයි නිශ්චිතව නො කීව ද ඔහු චෝදනා නඟන ආකාරය අනුව නම් ඔහුට කළේ යයි කියන අසාධාරණය පසුපස සිටිය යුත්තේ ඔහුගේ පක්ෂයේ නායකයා වන ජනාධිපති මහිනිද රාජපක්ෂයි.
ඔහු ගැසූ පොල් ගෙඩිය ඔහුට ම වැදීමකින්දෝ ඔහුගේ විනය විරෝධී ක්‍රියාවලට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වනු ඇති බව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දුන්නේ ය.
තමන් ඕනෑ ම පරීක්ෂණයකට සූදානම් බව මුතුහෙට්ටිගම ද පවසයි.
ලංකාවේ දෑතින් ම වෙඩි තැබිය හැකි දෙවන මහ ඇමතිවරයා වන්නේ තමන් බව මුතුහෙට්ටිගම මැතිවරණ ව්‍යාපාරය අතරතුර පැවසීය. පළමුවැනියා කොටි සංවිධානයේ ළමා සොල්දාදුවකු ලෙස දේශපාලන ජීවිතය ඇරඹූ නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් ය.
ඔහොම යනකොට වදින තැන්වලට වදි.
ReplyDeleteලංකාවේ දෑතින් ම වෙඩි තැබිය හැකි දෙවන මහ ඇමතිවරයා වන්නේ තමන් බව මුතුහෙට්ටිගම මැතිවරණ ව්‍යාපාරය අතරතුර පැවසීය
ReplyDeleteMaara sudusu kamak thama maha amathi wenna...ratakata giya kala
Niyamai..
ReplyDeletePatangaththeth Dakunen Iwara wenneth Dhakunen wage..
ReplyDeleteකොහොම වුනත් මේ මසෙ එතුලත 1Kg කින් මගෙ බර වැඩිවෙලා. හොයල බැලින්නම් කාරනාව මුතු සහෝදරයගෙ Comedy Talk අහලා. මරු පොරක් හලෝ.
ReplyDeletewww.geethge.blogspot.com