Posts

Showing posts with the label නිශාන්ත මුතුහෙට්ටිගම

අරාබියේ ලේ වන්දි ක්‍රමය ආසියාවේ ආශ්චර්යයටත් එයි ද? / Will the Arab blood money system be introduced in Sri Lanka?

Image
(2011 ජුලි 26,   W3Lanka )  ගාල්ල මධ්‍යම බස් නැවතුම්පොළේ හික්කඩුව වේදිකාවේ යකඩ වැට කපා දැමීමෙන් සිදුවූ අලාභය ලෙස රුපියල් 18,000 ක මුදලක් නගර සභාවට පුද්ගලයකු විසින් ගෙවා ඇතැයි අද දිනමිණ වාර්තා තරයි. මේ සිද්ධිය පිළිබඳ අපි 'මේකත් රටක් ද මර්තේලිස්?' නම් ලිපියෙහි ලියුවෙමු. ඇත්තෙන් ම රට නම් ආසියාවේ ආශ්චර්යය ම තමා ය. ප්‍රසිද්ධියේ පොදු දේපලවලට හානි කළ බලවත් පුද්ගලයකුට එරෙහිව නීතිමය පියවර නො ගෙන ගැනීම සඳහා මෙවැනි සෙල්ලම් දාන්නට ඉඩ දෙන වෙනත් රටක් ලෝකයේ නැත. නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා මෙම වාධ්‍ය සංදර්ශනය හරහා ලබා ්‍ගත් ප්‍රසිද්ධිය මිළ කළ නො හැකි ය. එහෙත් වැටේ අලාභය රු. 18,000ක් පමණි. මෙය ඉතා නරක පූර්වාදර්ශයක් විය හැකි ය. ප්‍රසිද්ධිය ලබා ගැනීම හා ප්‍රචාරය පිණිස පොදු දේපලවලට හානි කර පසුව අලාභය ගෙවන ක්‍රමයක ආරම්භය මෙය විය හැකි ය. තව ටික කලක් ගිය පසු මෙය මිනී මරා, මරණකරුගේ පවුලේ අයට මුදල් ගෙවා නිදහස් වන අරාබි ලේ වන්දි ක්‍රමයක් දක්වා 'සංවර්ධනය' වන්නට ද පුළුවන. එක අතකට එය බලවතුන් මිනී මරා, පොදු දේපල සොරකම් කර, කිසිදු දඬුවමක් නො ලැබ ඉන්න වත්මන් ක්‍රමයට වඩා හොඳ ය....

මේකත් රටක් ද මර්තේලිස්? / Galle bus stand joke

Image
(2011 ජුලි 22,   W3Lanka )  ලංකාවේ දිග ම ද, ලොතු ම ද කියන බස් නැවතුම්පොළ ජුලි මාසයේ මුල ලොකු සද්දයක් දමා විවෘත කළේ රටේ රාජ්‍ය නායකයා විසිනි. ඊයේ හා පෙරේදා මේ බස් නැවතුම්පොළ නිසා ගාල්ලේ සිට බස් ධාවනය වන මාර්ග 14ක පෞද්ගලික බස් දින දෙකක් තිස්සේ වර්ජනය කළේ ය. වර්ජනයට හේතුව වැටක යකඩ බට කීපයකි. මේ බස් නැවතුම්පොළට මෑතකදී නො ගිය නිසා මේ කුණුහරුපය අපට තේරෙන්නේ නැත. හික්කඩුව වේදිකාවේ තිබූ සුළු ඉඩකඩකින් අම්බලන්ගොඩ බස් මගීන් ප්‍රවේශ වීම මේ වර්ජනයට හේතු වූ බව ආණ්ඩුවේ දිනමිණ පුවත්පත පවසයි. දිනමිණ කිසිදාක බොරු කියන්නේ නැති පත්තරයකි. යකඩ බට කීපයක් නිසා පළාතක ආර්ථිකයක් අඩපණ වන්නට ඉඩ දෙන මධ්‍යම ආණ්ඩුවක් හා පළාත් සභාවක් ඇති ලෝකයේ එක ම පාලනය තිබෙන්නේ ලංකාවේ ය. මෙවැනි දේට වර්ජනය කරන මිනිසුන් ඉන්නේත් ලංකාවේ පමණක් වන්නට පුළුවන. වර්ජනය අවසන් වූ ආකාරය ද නියම ජෝක් එකකි. එය ආණ්ඩුවේ දිනමිණ වාර්තා කරන්නේ මොස් ය: "වර්ජනය පවතිද්දී මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා තවත් පිරිසක් ද කැටුව පැමිණ එම වේදිකා දෙක වෙන්ව තිබූ යකඩ වැට යකඩ කියතකින් කපා දැමීමෙන් පසුව වර්ජනය නිමවිය." මුතුහෙට්ටිගම යනු ප්‍රයිවෙට් බස්...

මහින්දානන්ද හා මුතුහෙට්ටිගේ රාජකීය ගුටි කෙළි හිල්ටන් හෝටලේදී

Image
(2009 ඔක්තෝබර්  18 - W3Lanka ) මේ රටේ ප්‍රභූ පැළැන්තිය නිර්මානය කරන රාජකීය විද්‍යාලයේ ආදි සිසුන් වෙනුවෙන් පසුගිය 15දා හිල්ටන් හෝටලයේ පැවති සාදයකදී ආදි රාජකීය ශිෂ්‍ය හා වර්තමාන රාජකීය රාජපක්ෂයන්ගේ සුවච ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පසුගියදා පැවති දකුණු පළාත් සභා මැතිවරණයේ දේශපාලක තරුවක් වූ නිශාන්ත මුතුහෙට්ටිගම සමග ගුටි කෙළි සංදර්ශනයක් පවත්වා තිබේ.  මේ ගුටි කෙළිය සිදු වී ඇත්තේ ජිප්සීස් සංගීත කණ්ඩායම සංගීතය සපයමින් සිටියදී ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ඇරැයුමින් මුතුහෙට්ටිගම ගීයක් ගයන්නට යද්දී ය.  ගුටි කෙළියට පෙර මේ දෙන්නා තිත්ත භාෂාවෙන් බැණගෙන ඇති බව ද වාර්තා වේ. මේ රාජකීය සැඳෑ සාදයට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගි වී සිටියේය.

මුතුහෙට්ටිගම සීනිගමදී ගැසූ පොල් කොළඹට වැදුණා ද? ඔහුට ම වැදුණා ද?

Image
(2009 ඔක්තෝබර්  14 - W3Lanka ) ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයකු ලෙස තරග කරමින් මහත් ආන්දෝලනාත්මක ලෙස කටයුතු කළ නිශාන්ත මුතුහෙට්ටිගම තම මනාප ප්‍රතිඵල පිළිගත නො හැකි බව ද, පළමු තැනට මනාප ලැබූ තමාගේ මනාප වෙනස් කර තමන් තුන්වන තැනට පත් කළ බව ද කියමින් සාධාරණත්වය පතා අද සිනිගම දේවාලයේදී මිරිස් අඹරා පොල් ගැසුවේය.  ඔහුගේ සාපය ඉලක්ක විය යුත්තේ කාටදැයි නිශ්චිතව නො කීව ද ඔහු චෝදනා නඟන ආකාරය අනුව නම් ඔහුට කළේ යයි කියන අසාධාරණය පසුපස සිටිය යුත්තේ ඔහුගේ පක්ෂයේ නායකයා වන ජනාධිපති මහිනිද රාජපක්ෂයි.  ඔහු ගැසූ පොල් ගෙඩිය ඔහුට ම වැදීමකින්දෝ ඔහුගේ විනය විරෝධී ක්‍රියාවලට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වනු ඇති බව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුම් දුන්නේ ය. තමන් ඕනෑ ම පරීක්ෂණයකට සූදානම් බව මුතුහෙට්ටිගම ද පවසයි.  ලංකාවේ දෑතින් ම වෙඩි තැබිය හැකි දෙවන මහ ඇමතිවරයා වන්නේ තමන් බව මුතුහෙට්ටිගම මැතිවරණ ව්‍යාපාරය අතරතුර පැවසීය. පළමුවැනියා කොටි සංවිධානයේ ළමා සොල්දාදුවකු ලෙස දේශපාලන ජීවිතය ඇරඹූ නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන් ය.