මෝසම් වැසි දිය කාන්දු වී වවුනියාවේ කඳවුරු ‘උණුසුම්‘


(2009 ඔක්තෝබර්  14 - W3Lanka) ඊසානදිග මෝසම් වැසි සමය ආරම්භ වීමත් සමග ම වවුනියාවේ සරණාගත කඳවුරුවල කූඩාරම් තුළට වතුර කාන්දු වීම හා භූමියේ ජලය එක් රැස් වීම, මළාපවාහන ප්‍රශ්න හා සේඛ්‍ය ගැටළු උග්‍ර වීමත් සමග කඳවුරුවාසී ජනයා නො සන්සුන් වි ඇති බව ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. 

සෙට්ටිකුලම් කඳවුරේ සයවන කලාපයේ වැසියෝ 1500ක් පමණ කලාපය පාලනය කරන හමුදා අණ දෙන නිලධාරියා හමුවේ උද්ඝෝෂණයක නියැලි බව ද එම වෙබ් අඩවිය වාර්තා කළේය.


බොහෝ දේශීය ජාත්‍යන්තර සංවිධාන විසින් මෝසම් වැසි ආරම්භ වීමත් සමගම මෙවැනි ගැටළු ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් කළ මුත් රජය පවසන්නේ ගැටළු ඇති නො වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි. 


ඉහත පළ වන්නේ වර්ෂාවෙන් ගැටළුවක් ඇති නො විය හැකි යයි රජය පවසන කඳවුරුවල දර්ශනයකි.

පහත පළ වන්නේ එම කඳවුරක අගෝස්තු මාසයේ සාමාන්‍ය වැස්සකින් පසු තත්වයකි. ඉහළ මුලින් ම පළ වූ වැසිකිළියේ ඡායාරූපය ද ඒ දිනවල ගත් එකකි.



Comments

  1. අහෝ! මිහිපිට සුරපුර නොදු‍ටු දකුණු ඉන්දියානු මන්ත්‍රි පිරිස.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා