Posts

Showing posts with the label IDPs

යළි පදිංචි කරන ලද ළමයි දහස් ගණනක් පාසල් නොයති | Thousands of resettled children out of schools

Image
(2010 පෙබරවාරි 25- W3Lanka )   අවතැන් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් අතරින් තවත් දහස් ගණනක් තවමත් පාසල් නොයන බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.  මේ වන විට කලින් කඳවුරුවල සිටි පාසල් වියේ දරුවන් 48,000ක් යළි පදිංචි කරනු ලැබ තිබේ. ඔවුන් අතරින් වයස අවුරුදු 5 සහ 18 අතර සිසුන් 43,469ක් මේ වන විට ලියාපදිංචි වී ඇති බව යුනිසෙෆ් වාර්තා පෙන්වා දෙයි.  වවුනියා, මන්නාරම, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවලට අයත් වන්නි ප්‍රදේශයේ මේ වන විට පාසල් 94ක් ආරම්භ වි තිබේ. අවතැන් වූවන් යළි පදිංචි කරන ලද යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශවල ද පාසල් 14ක් විවෘත කර තිබේ.  මෙම ප්‍රදේශවල කලින් පාසල් සිය ගණනක් පැවැත්විණි. ඒවා බොහොමයක් යුද්ධය හේතුවෙන් විනාශ වී තිබේ.  මෙම ප්‍රදේශයේ අධ්‍යාපනයට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ ගුරු හිඟය බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙයි.  වන්නි ප්‍රදේශයේ පාසල්වල ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ට ගමන් වියදම් දීමනාවක් ලෙස රු.2000ක් ලබා දීමට ලංකා ගුරු සංගමය හා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත අතර පැවැත්වුණු සාකච්ඡාවකදී රජය එකඟ විය.  තවත් පාසල් වියේ දරු ද...

මෝසම් වැසි දිය කාන්දු වී වවුනියාවේ කඳවුරු ‘උණුසුම්‘

Image
(2009 ඔක්තෝබර්  14 - W3Lanka ) ඊසානදිග මෝසම් වැසි සමය ආරම්භ වීමත් සමග ම වවුනියාවේ සරණාගත කඳවුරුවල කූඩාරම් තුළට වතුර කාන්දු වීම හා භූමියේ ජලය එක් රැස් වීම, මළාපවාහන ප්‍රශ්න හා සේඛ්‍ය ගැටළු උග්‍ර වීමත් සමග කඳවුරුවාසී ජනයා නො සන්සුන් වි ඇති බව ග්‍රවුන්ඩ් වීව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.  සෙට්ටිකුලම් කඳවුරේ සයවන කලාපයේ වැසියෝ 1500ක් පමණ කලාපය පාලනය කරන හමුදා අණ දෙන නිලධාරියා හමුවේ උද්ඝෝෂණයක නියැලි බව ද එම වෙබ් අඩවිය වාර්තා කළේය. බොහෝ දේශීය ජාත්‍යන්තර සංවිධාන විසින් මෝසම් වැසි ආරම්භ වීමත් සමගම මෙවැනි ගැටළු ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් කළ මුත් රජය පවසන්නේ ගැටළු ඇති නො වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.  ඉහත පළ වන්නේ වර්ෂාවෙන් ගැටළුවක් ඇති නො විය හැකි යයි රජය පවසන කඳවුරුවල දර්ශනයකි. පහත පළ වන්නේ එම කඳවුරක අගෝස්තු මාසයේ සාමාන්‍ය වැස්සකින් පසු තත්වයකි. ඉහළ මුලින් ම පළ වූ වැසිකිළියේ ඡායාරූපය ද ඒ දිනවල ගත් එකකි.

'ද හින්දු' කර්තෘ ආණ්ඩුවේ හෙලිකොප්ටරයෙන් ගොස් කඳවුරු බලා ඉන්දියන් රෝහල වර්ණනා කරයි

Image
(ජුලි 06, 2009) "කලාප අංක 1 ආනන්ද කුමාරස්වාමි ගම්මානය හා දැවැන්ත අවතැන් සහන සංකීර්ණයේ සෙසු කඳවුරු බැලීමෙන් ද ඇතැම් අවතැන් වූවන් සමග දෙමළෙන් කතා කිරීමෙන්ද අනතුරුව පෙනී ගිය කරුණ වන්නේ පොහෝ විට නොදැක, බෙහෙවින්ම බටහිර මාධ්‍ය විසින් විස්තර කරන ලද ආකාරයට වඩා මෙම කඳවුරුවල තත්වය යහපත් බවයි. පෙනෙන ආකාරයට ඒවා ඉන්දියාවේ පිහිටුවා ඇති ලංකාවේ අනාථයන් සඳහා වූ කඳවුරුවලට වඩා හොඳය. ඒවා තවමත් බොහෝ විට වනමාධ්‍යකරුවන්ට, පර්යේෂකයන්ට හා පිටස්තරයන්ට ඇතුල්වීමට බැරි තැන්ය." මෙසේ පවසන්නේ පසුගියදා ලංකාවේ උතුරේ සරණාගත කඳවුරු බැලීමට යාමේ, එම සරණාගත ජනයාගේ පාර්ලිමේන්තු නියෝජිතයන්ටවත් නොලැබෙන අවස්ථාව හිමි කර ගැනීමේ වරප්‍රසාදය ලත් ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතේ කර්තෘ එන්ත රාම් ය. කඳවුරු බැලීමට යාමට අවසර හා හෙලිකොප්ටර පවා ලබා දීමෙන් ලංකාවේ රජය බලාපොරොත්තු වූ තරම් ම වරණනාවක් නොකරන රාම් මහ ඉහළින් වර්ණනා කරන්නේ සෙට්ටිකුලමේ මැනික් ෆාම් කඳවුරේ දැනට පිහිටුවා තිබෙන ඉන්දියානු තාවකාලික රෝහලයි. වෛද්‍යවරුන් අටදෙනෙකු, හෙදියන් හතර දෙනෙකු ඇතුළු 60ක කාර්ය මණ්ඩලයක් සහිත මෙම රෝහල හොඳම රෝහල බව කියන රාම් එය මේ වන වි...