'ද හින්දු' කර්තෘ ආණ්ඩුවේ හෙලිකොප්ටරයෙන් ගොස් කඳවුරු බලා ඉන්දියන් රෝහල වර්ණනා කරයි

(ජුලි 06, 2009) "කලාප අංක 1 ආනන්ද කුමාරස්වාමි ගම්මානය හා දැවැන්ත අවතැන් සහන සංකීර්ණයේ සෙසු කඳවුරු බැලීමෙන් ද ඇතැම් අවතැන් වූවන් සමග දෙමළෙන් කතා කිරීමෙන්ද අනතුරුව පෙනී ගිය කරුණ වන්නේ පොහෝ විට නොදැක, බෙහෙවින්ම බටහිර මාධ්‍ය විසින් විස්තර කරන ලද ආකාරයට වඩා මෙම කඳවුරුවල තත්වය යහපත් බවයි. පෙනෙන ආකාරයට ඒවා ඉන්දියාවේ පිහිටුවා ඇති ලංකාවේ අනාථයන් සඳහා වූ කඳවුරුවලට වඩා හොඳය. ඒවා තවමත් බොහෝ විට වනමාධ්‍යකරුවන්ට, පර්යේෂකයන්ට හා පිටස්තරයන්ට ඇතුල්වීමට බැරි තැන්ය."

මෙසේ පවසන්නේ පසුගියදා ලංකාවේ උතුරේ සරණාගත කඳවුරු බැලීමට යාමේ, එම සරණාගත ජනයාගේ පාර්ලිමේන්තු නියෝජිතයන්ටවත් නොලැබෙන අවස්ථාව හිමි කර ගැනීමේ වරප්‍රසාදය ලත් ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතේ කර්තෘ එන්ත රාම් ය.


කඳවුරු බැලීමට යාමට අවසර හා හෙලිකොප්ටර පවා ලබා දීමෙන් ලංකාවේ රජය බලාපොරොත්තු වූ තරම් ම වරණනාවක් නොකරන රාම් මහ ඉහළින් වර්ණනා කරන්නේ සෙට්ටිකුලමේ මැනික් ෆාම් කඳවුරේ දැනට පිහිටුවා තිබෙන ඉන්දියානු තාවකාලික රෝහලයි. වෛද්‍යවරුන් අටදෙනෙකු, හෙදියන් හතර දෙනෙකු ඇතුළු 60ක කාර්ය මණ්ඩලයක් සහිත මෙම රෝහල හොඳම රෝහල බව කියන රාම් එය මේ වන විට දෙමළ සිවිල් වැසියන් 13,000කට පමණ ප්‍රතිකාර කර ඇති බවද, ශල්‍යකර්ම කීපයක් කර ඇති බවද පවසයි.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා