ජනකාන්ත මනකාන්ත රූකාන්ත නැවතත් වේදිකාවේ


වික්ටර් අයිවන් විසින් ලියන ලද 'චෞර රැජින' කෘතිය කියවන කෙනෙකුට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංගගේ මනෝ ස්වභාවය පිළිබඳ යම් අවබෝධයක් ලබා ගත හැකිය.

ඇගේ කාලයේ කරන ලද වික්‍රම අතරින් එකකි, රූකාන්ත හා චන්ද්‍රලේඛා යුවලට අඩන්තේට්ටම් කිරීම. සංවේදී කලාකරුවකු වූ රූකාන්ත එයින් අතිශය භීතියට පත් විය.


බොහෝ නිර්මානවලින් අප පිනවන්නට සිටි ඔහු රටින් පිටමං කර නිව්යෝක්හි දේවස්ථානයක ඕගන් වාදනයට යැවූ මේ රට සැබැවින් ම අවාසනාවන්ත ය.



අමරදේවයන් විසින් වරෙක 'ජනකාන්ත මනකාන්ත රූකාන්ත' ලෙස හදුන්වනු ලැබූ රූකාන්ත සිව් වසරකට පසු ලංකාවේ ප්‍රසංගයක් පවත්වයි. 


රූකාන්ත චන්ද්‍රලේඛා ලයිව් ඇට්‌ ස්‌ටේඩියම් ප්‍රසංගය - අගෝස්තු 14 වැනිදා පස්‌වරු 7.00 ට කොළඹ සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේදී.

Comments

  1. 1983 දී පමණ මා ප්‍රථම වතාවට රෑපවාහිනි විකාෂයක් ඔස්සේ රස විඳි චන්ද්‍රලේඛා ගේ තරැණ සේවා සමුච්චයේ ගීතත් ඊටත් මෙහා 1987 දී පමණ රසවිඳින්නට යෙදුනු රෑකාන්තයන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ මගේ ගී රස විඳුම්වල නිම්වළලු පුළුල් කලේ යැයි සිතමි. ඔහුගේ ගීතවලට මම ඉමහත් සේ ප්‍රිය කරමි.

    රෑකාන්තට චන්ද්‍රලේඛා යුවලට සුභ පැතුම්.

    ReplyDelete
  2. Welcome Rookantha....we missed u alot.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා