සොබා මේ රාත්‍රි හරි අගේ - කවදදෝ ඔයා එන්නේ

අජිත් පැරකුම් ජයසිංහ විසිනි
මෙය මොහොමඩ් රාෆි ගායනා කරන, නව්ෂාඩ් සංගීතවත් කළ, ශකීල් බදායුනි ලියූ සොහානි රාත් දල් චුකී ගීයේ ඡායානුවාදයකි. ගීයේ තනුව අනුව පද පෙළ සකසා ඇත. ගායනා කිරීමට උත්සාහ කරන්න. අදහස් කියන්න.


(වානිජමය භාවිතය සඳහා අවසර ලබා ගත යුතුය)

සොබා මේ රාත්‍රි හරි අගේ
කවදදෝ ඔයා එන්නේ
ලෝකයේ හැම තැනම පාට වී
කවදදෝ ඔයා එන්නේ

සොබා මේ රාත්‍රි හරි අගේ
කවදදෝ ඔයා එන්නේ

රසාරේ මිහිර සිහි තබා ගියා
සිතන්නත් කලින් වාගේ
ආකහේ තරු එළිය නිවුණා
හාත්පස අඳුරටම දී
හැම පහනකම දැන් තෙල් සිඳී
කවදදෝ ඔයා එන්නේ


සොබා මේ රාත්‍රි හරි අගේ
කවදදෝ ඔයා එන්නේ

එනතුරා බලා ඉඳ මෙමා//
වියෝගයෙන් පසාරු වී//
නිශාව වර්ණ වී ඉවර සේ 
මේ සොඳුරු වසන්තේ
හමාවී සුළඟ දුකින් වාගේ
කවදදෝ ඔයා එන්නේ 


සොබා මේ රාත්‍රි හරි අගේ
කවදදෝ ඔයා එන්නේ

මුල් ගීතය පද මාලාවේ ඉංග්‍රීසි පරිවර්තනය සමග මෙතැනින් පිවිස බලන්න.

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා