අහිංසක පාසල් සිසුවියන් සිය දිවි නසා ගනිද්දී ජනමාධ්‍යවලින් කොලීජියට එක හැන්දක්; මහ විදුහලට තව හැන්දක්

(2009 ජුලි 28, W3Lanka) ජංගම දුරකථනයක් හා සම්බන්ධ සිද්ධියක් හේතුවෙන් ධනවත්, වංශවත් පවුල් සඳහා වෙන් වූ කොළඹ පෞද්ගලික කොලේජ් එකක සිසුවියක ගෙල වැල ලාගෙන මිය ගිය කණගාටුදායක පුවත වාර්තා කිරීමේදී ජනමාධ්‍ය කෙතරම් පරිස්සම් සහගත වීද යත්, කිසිදු ජනමාධ්‍යයක මෙම පාසලේ නම සඳහන් වූයේ නැත. පාසලේ නම "කොළඹ ප්‍රධාන පෙළේ පාසලක්" ය. මේ හේතුවෙන් මෙම සිද්ධිය වුණේ අසවල් පාසලේ ය, අසවල් පාසලේ ය යයි වෙනත් බාලිකා පාසල් සම්බන්ධ කර කටකතා ද පැතිර ගියේය.



එහෙත්, එම සිද්ධිය හා සමාන්තරව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය පාසලක සිසුවියන් දෙදෙනෙක් කණේරු ඇට කා දිවි තොර කර ගැනීම පිළිබඳ කණගාටුදායක සිද්ධිය වාර්තා කිරීමේදී එවැනි වගකිව යුතු ආකාරයකින් කටයුතු කිරීමට මාධ්‍යවලට උවමනාවක් නොතිබිණි. 


නිදසුනක් ලෙස දිනමිණ පුවත්පත ජුලි 27දා එම සිද්ධිය වාර්තා කළේ මෙසේ ය. 


"කනේරු ඇට කෑ ............පාසල් සිසු සිසුවියන් හය දෙනෙකුගෙන් දෙදෙනකු මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ...........මහා විද්‍යාලයේ 10 වැනි වසරේ ඉගෙනුම ලැබූ .............සිසුවියෝය. තවත් සිසුවියක් හා සිසුහු තිදෙනෙක් දඹුල්ල රෝහලේ ප‍්‍රතිකාර ලබති. 
මේ හයදෙනා අතර පැවැති පෙම් සබඳතා පිළිබඳ දැනගත් පන්තිභාර ගුරුවරයා ඔවුන්ට තරයේ අවවාද කැර ඇත. මින් සිත්තැවුලට පත් වීමත්, දෙමවුපියන්ට දන්වනු ඇතැයි බියවීමත් හේතුවෙන් මොවුන් ඉකුත් 24 දා කනේරු ඇට කා ඇති බව හෙළි වී තිබේ."

ගුරුවරුන්, මව්පියන්, අධ්‍යාපන බලධාරීන්, දේශපාලකයන් මෙන්ම ජනමාධ්‍ය ද වගකිව යුතු මෙම සියදිවි නසාගැනීම් මාලාවේ අවාසනාවන්ත ගොදුරු වූයේ සම අධ්‍යාපන අවස්ථා හිමි විශේෂ සැලකිල්ලක් යොමු විය යුතු නව යොවුන් වියට එළඹෙමින් සිටි අහිංසක දැරියන් තිදෙනෙකි. 


කොළඹ ප්‍රධාන පෙළේ කොලීජියෙන් මෙන්ම පොළොන්නරුවේ ගමේ මහ විදුහලෙන් ද ප්‍රකාශ වන්නේ ‍පවත්නා සමාජ ක්‍රමයේ හා අධ්‍යාපන ක්‍රමයේ අර්බුදයයි. කොලීජියට එක හැන්දකින් ද ගමේ මහා විද්‍යාලයට තවත් හැන්දකින් ද බෙදන ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ද මෙම සමාජ අර්බුදයේ ම කොටසකි.


ජනමාධ්‍ය පාලනය කරන්නට පුළුවන් වූ පළියට ලංකාවේ ධනපති පංතියට තම රෙද්ද පල්ලෙන් බේරෙන සංස්කෘතික අර්බුදයේ ඕජස්වල දුර්ගන්ධයෙන් මිදීමට හැකි වන්නේ නැත.

Comments

  1. අපි කෑවෙ කනේරු ඇට හින්ද ඒක උඹලට මදිකමක් ද??

    ReplyDelete
  2. පාසලේ නම "කොළඹ ප්‍රධාන පෙළේ පාසලක්" කියන්නේ මේ Musiues Collage....එක... fu....k..ing principal and teachers....

    ReplyDelete
  3. අනුන්ට කිවාට ඔයත් එහෙම නේද මුල්න්ම කිවේ?

    ReplyDelete
  4. eka sira kathawa.........janamaddiya.....college ekata eka handai game schooleta thawahandakui thama pawichchi karanne........namuth meke pradana warada kageda?............

    ReplyDelete
  5. ඔයාගේ කතාවත් එක්ක අපිත් හදවතින්ම එකගයි.

    ReplyDelete
  6. මේවා අද ඊයෙ ඉඳලා සිද්දවෙන දේවල් නම් නෙමෙයි. ඇමතිවරු, නළු නිළියො වගේ සමාජයට ආදර්ශක් විදියට ජීවත්විය යුතු අය අතින් වැරදි සිද්ධ උනාම නම් ගම් හංගනවා.. දුප්පත් මනුස්සයෙක් ඒ වැරැද්දම කලොත් පරම්පරාවෙ නම් ගම් පවා පළකරනවා.

    ReplyDelete
  7. anyway, in the swarnawahini news, they said the name of the school museus and the other school both

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා