සයිබර් අවකාශයේ රාජ්‍ය ත්‍රස්තවාදය


(2009 ජුලි 13) දින ගනණාවක සිට සාමාන්‍ය ආරක්ෂක විධිවිධාන සහිත පරිගණකයකින් රජයේ දිනමිණ පුවත්පතේ වෙබ් අඩවියට පිවිසෙන්න උත්සාහ කරන ඔබට මුලින්ම ලැබෙන්නේ මෙම පණිවුඩයයි. "Reported Attack Site!" එනම්, මෙම වෙබ් අඩවිය ප්‍රහාරක අඩවියක් ලෙස වාර්තා වී ඇති බවයි. 

එවැනි වෙබ් අඩවි ඔබේ පරිගණකයේ ඇති පෞද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා වැඩසටහන් ස්ථාපනය කරන බව. ඔබේ පද්ධතියට හානි කරන බව හා සෙසු පරිගණකවලට පහර දීම සඳහා ඔබේ පරිගණකය භාවිතා කරන බව පැවසේ. 

මේ අතර, විකල්ප මතවාදයක් මත පදනම් වූ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පළ වන වෙබ් අඩවියක් වන ලංකා නිව්ස් වෙබ් පසුගිය 11දා සිට ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන්ට පිවිසිය නොහැකි ආකාරයට බාධා කර තිබේ.



Reblog this post [with Zemanta]

Comments

  1. සමහර විට සයිට් වලට ඉබේම මේ විදියෙ මැල් වෙයා ඇතුළු වෙනවා. අපේ ්‍රවීන් ඉන්ද්‍රනාම සොයුරාටත් මේ විදියෙම ඇබැද්දියක් වෙලා තියෙනවා. ඔහුගේ බ්ලොග් සටහනෙන් වැඩිදුඑ විස්තර බලා ගන්න පුළුවන්

    ReplyDelete
  2. හික් හික්... ඉන්ද්‍රනාමගෙ බ්ලොග් එක කවද්ද වැඩ කලේ.. :P :P උගෙ domain එකේ හැමදාම අවුල්.. හැබැයි මට විතරද දන්නෙ නෑ..

    ReplyDelete
  3. දෙයකට මඩ ගහන්ඩ කලින් දැනගෙන ඒ වැඩේ කරන්ඩ ඕනෙ.
    නැත්තං වැඩේ මාට්ටු වෙනවා.

    ඉන්ද්‍රනාම ඕවගේ වැඩක් කරලද රිපෝට් උ‍නේ.
    පෞද්ගලික මත කිව්වට කමක් නෑ. පෞද්ගලික හිතලු කියන්ඩ එපා.

    ReplyDelete
  4. ගොඩක් වෙලාවට ඔහොම ඒව වෙන්නෙ bots නිසා. ඒවා හොයාගන්න බැරි විදියට වෙබ් අඩවි වලට ඇතුලුවෙලා ඒව වෙනස් කරනවා. ඉන්ද්‍රනාමගේ සහ මීට කලින් ලංකාවේ වැදගත් වෙබ් අඩවි ගණනාවකට එහෙම වෙලා තියනවා.
    ඔය ලංකා නිව්ස් වෙබ් එක නං බ්ලොක් කරල තියෙන්නෙ රජයට අපක්ෂපාතී ප්‍රචාර කරන නිසා.

    ReplyDelete
  5. දිනමිණට වෙච්ච හදිය නම් ඉන්ද්‍රනාමට වෙච්ච දේ ම තමයි. රජයට අපේ පුද්ගලික තොරතුරු ගන්න ඕන නම් ඔච්චර බොළඳ වැඩ කරන්නෙ නැහැ. ISP level එකෙන්ම කරන්න පුළුවන් මරු වැඩ තියෙනවා අපට නොදැනී අපේ Gmail password එක පවා උස්සන්න පුළුවන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා