Posts

Showing posts with the label දිනමිණ

‍මහජන මුදලින් නඩත්තු වන ‍දිනමිණ කුඩා දරුවන්ට වස කවන කොම්පැනි ආරක්ෂා කරන හැටි

Image
පහත සඳහන් දිනමිණ පුවත බලන්න. පසුගිය දිනවල මානසික ප්‍රශ්නයක් මත කලබල කිරීම නිසා පළමු වරට සැකපිට අත් අඩංගුවට ගන්නා ලද, රෝහණ විජේවීර‍ගේ වැඩිමහල් දියණියගේ සමස්ත පැටිගිරිය ම එළියට ඇද්ද ජනමාධ්‍ය පොදු වැදගත්කමක් ඇති සිද්ධියකදී අදාළ සැකකරුවන්ගේ අනන්‍යතාව හිතා මතා සඟවන ආකාරය බලන්න. දිනමිණ පළ කරන ලේක්හවුස් සමාගම මහජන මුදලින් යැපෙන පොදු සමාගමකි. එහි වැඩිපුර පළ වන්නේ ද මහජන මුදලින් නඩත්තු වන රජයේ දැන්වීම් ය. එහෙත්, දිනමිණ මහජනතාවට සේවය කරන අන්ද මෙන්න. මියගිය හූනකුගේ කොටස් සහිත ළදරු බිස්කට් ආනයනය කොට අලෙවි කරන ලද ප්‍රසිද්ධ සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය වහා අත්අඩංගුවට ගන්නා ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්‍යන්ත එපිටවෙල මහතා ඊයේ ( 6) පොලිසියට නියෝග කළේය.ඕමාන් රටේ නිෂ්පාදිත ලාංකීය සමාගමක් මඟින් බෙදාහරින මෙම ළදරු බිස්කට් පැකට්ටුව තුළ මියගිය හූනෙකුගේ ශරීර කොටස් තිබූ බවත් එහි එක් බිස්කට් එකක් අටමස් වියැති සිය දරුවාට කෑමට දීමෙන් පසු දරුවා රෝගී වූ බවට පැමිණිල්ලේ සඳහන් විණි. මෙම පුවතේ අදාළ සමාගමේ නම සඳහන් කිරීම මගහැර තිබෙන ආකාරය බලන්න: කොළඹ 10, විනයාලංකාර මාවතේ පිහිටි පුද්ගලික සමාගමේ අධ්‍යක්...

රට, ජාතිය වෙනුවෙන් දිනමිණ කතුවරයාගෙන් ඉල්ලීමක්

ආණ්ඩුවට කඩේ යන දිනමිණ පුවත්පතට හා එහි කතුවරයාට සදාචාරයක් මෙන්ම වෘත්තිකභාවයක්ද නැත. තමන්ට ඕනෑ දේ කියවාගැනීම සඳහා ඕනෑම කෙනෙකු යොදාගන්නා දිනමිණ අගවිනිසුරුවරියට බැනීම සඳහා සාමාන්‍ය නීතිඥයකුගේ ප්‍රකාශයක් දිනමිණේ මුල්පිටුවේ පළකර තිබේ. පුවත්පතකට ලිපියක් ලියාගැනීමටවත් දක්ෂතාව නැති අයට පත්තරයේ මුලපිටුවේ ප්‍රකාශ පළකරවාගෙන කැපී පෙනෙන්නට ‍දිනමිණ අවස්ථාව ලබා දෙයි. කබ්බන් ටොයියන් කරන මේ මෙහෙයුම් පසුබිමේ අත යට මුදල් ගනුදෙනුද තිබේ. කෙසේ වෙතත් දැන් ඒ නිසා 'අගවිනිසුරුවරියට එරෙහිව ඉදිරිපත්ව ඇති දෝෂාභියෝග යෝජනාව පිළිබඳව පුවතක් පළකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ‘දිනමිණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හා ඊට අදාළ සියලුදෙනා පාර්ලිමේන්තුව හමුවට කැඳවන බව කතානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (16) ප්‍රකාශ කෙළේය.' කරුණාකර පාර්ලිමේන්තුවට යනවිට ඇඳුමක් ඇඳගෙන යන ලෙස අපි දිනමිණ කර්තෘගෙන් රට, ජාතිය වෙනුවෙන් ඉල්ලා සිටිමු.  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න -->

දිනමිණ ලංකා ඊ නිව්ස්ට එරෙහිව නඩුකීම

දිනමිණ ලංකා ඊ නිව්ස්ට එරෙහිව නඩු පවරා ඇති බව දිනමිණේ පළවූ පහත සඳහන් වාර්තාවෙන් කියැවේ. ඒ අසත්‍ය ප්‍රවෘත්තියක්, ද්වේශසහගතව, අගතියක් කිරීමේ චේතනාවෙන් පඝ කිරීම නිසාලු. හත්ඉලව්වේ එතකොට දිනමිණ කරන්නේ ඒක නොවේද? ලංකා ඊ නිව්ස්හි පළවන වාර්තාවලට සමාන හා ප්‍රතිවිරුද්ධ වාර්තා නොවේද දිනමිණේ පළවන්නේ? ඉතින් මේ වාර්තාකරණය නිව්ටන්ගේ තුන්වන නියමය අනුව තුලනය වන්නේ නැද්ද? මේ ජනමාධ්‍ය දෙකම ප්‍රබන්ධ සාහිත්‍යය පැත්තෙන් ගත් කල එකකට එකක් නොපරදින අන්දමින් තරගකාරීය. ද්වේෂය පැත්තෙන්ද එසේමය. එකම කාසියේ දෙපැත්ත වැනිය.  වෙනසකට ඇත්තේ දිනමිණ බලවත් පාර්ශ්වයත්, ලංකා ඊ නිව්ස් ජනප්‍රිය පාර්ශ්වයත් නියෝජනය කිරීමයි. කෙතරම් මුදල් තිබුණත්, කෙතරම් සම්පත් තිබුණත්, රාජ්‍ය බලය තිබුණත් ලංකා ඊ නිව්ස් අභිභවායන්නට නොහැකිවීම ගැන දිනමිණ කණගාටු වනබව පෙනේ.  අහෝ දුකකි! ද්වේශ සහගත අසත්‍ය ප්‍රවෘත්තියක් පළකිරීමෙන් සිදු වූ අගතියට රුපියල් මිලියන සියයක වන්දියක් ඉල්ලා සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම “ලංකා ඊ නිවුස්” වෙබ් අඩවියට විරුද්ධව පැවරූ නඩුව දෙසැම්බර් 12 දින විභාගයට ගන්නා බව කොළඹ දිසා අධිකරණය ඊයේ (20) දන්වා සිට...

ලන්ඩන් චාරිකාවෙන් වරදක් වුණා ද? දිනමිණ කතුවැකිය ගැන වැකියක්

ලන්ඩන් චාරිකාවෙන් වරදක් වුණා ද?  මේ අද දිනමිණේ කතුවැකියයි.  මෙහෙම අසන්නට සිදු වී ඇත්තේ ආණ්ඩුවේ වීරයන්ගේ මහ ලොකු අධිරාජ්‍ය විරෝධය සමග මේ රැජිනගේ දෙපතුල් ලෙව කෑම නො ගැලපේ යයි ආණ්ඩුවේ අය ම සිතන නිසා විය යුතු ය.  එහෙම සිතිය යුතු නැත. එංගලන්තයේ මහ රැජින හා පොදු රාජ්‍ය මණ්ඩලය බවට අද පත්ව ඇති ඉංගිරිසි හිරු නො බසින අධිරාජ්‍යය යනු ඇත්තෙන් ම අපේ පාලකයන්ගේ ඇති යටත් විජිත මානසිකත්වයේ සංකේතයි. රැජිනගේ ගෙදර පාටියකට ගොස් එන්නට ඇත්නම් ඔවුන්ට වෙන චූන් එකක් නැත.එහෙම නැති පාලකයන් අපේ රටේ කවදාවත් සිට නැත.  රැජිනගෙන් ආරාධනාවක් ලැබුණා නම් පපුව කීං නො ගාන අධිරාජ්‍ය විරෝධීන් මේ රටේ ප්‍රසිද්ධ අධිරාජ්‍යවාදීන් අතර නම් නැත. තද ම අධිරාජ්‍ය විරෝධීන් වන මාක්ස්වාදීන් යයි තමන් හඳුන්වා ගන්නා අයට මෙවැනි ආරාධනාවක් ලැබුණා නම් ඔවුන් එහි යනු ඇත්තේ හතර ගාතෙන් ය. ඇවිත් කතා කරන්නේ අපි අධිරාජ්‍යය ඇතුළින් වටලන්නට ගියා කියා ය. මේ අය මහ නායක හිමිවරුන් හමු වන්නට ගොස් කාටත් වාඩි වන්නට දෙන මිටි පුටුවල හෝ වාඩි නොවී බල්ලන් ලගින කාපට් මත වාඩි වූ හැටි ඔබට මතකද? දිනමිණට කතුවැකි ලියන්නට සිදු වන්නේ මේ ඇත්ත සුදු ...

බාල ගුවන් යානා ඉන්ධන, දිනමිණ හා දිවයින

Image
පහත සඳහන් පුවත් දෙක සසඳා බලන්න. බාල තෙල් පාඩුව කෝටි 14යි ශිරාන් රණසිංහ (දිවයින, මැයි 09) මෙරටට ගෙනා ප්‍රමිතියෙන් තොර ගුවන් යානා තෙල් (Jet oil) මෙට්‍රික්‌ ටොන් හත්දහස්‌ පන්සියය භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි දහහතරක්‌ (මිලියන 140 ක්‌) යැයි තෙල් සංස්‌ථා මුදල් අංශය ගණන් බලා තිබේ. නෞකාවට ගෙවූ ප්‍රමාද ගාස්‌තු මෙන්ම මේ දිනවල පවතින විදේශ විනිමය අනුපාතවල අවාසියද මෙම පාඩුව මෙතරම් වැඩිවීමට බලපෑ බව මුදල් අංශයේ ප්‍රධානියෙක්‌ "දිවයින" ට පැවැසීය. සිංගප්පූරු බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් (සිංගප්පූරු බී. පී.) නමැති සමාගමකින් මෙම ඉන්ධන තොගය ඛනිජ තෙල් සංස්‌ථාව මිලදී ගෙන ඇත. මීට දින කිහිපයකට පෙරාතුව ASDRAL EXTRA ESS නමැති නෞකාවකින් මෙරටට ගුවන් යානා තෙල් මෙට්‍රික්‌ ටොන් විසිදහසක්‌ රැගෙනවිත් තිබේ. මෙම මෙට්‍රික්‌ ටොන් විසිදහසින් ප්‍රමිතියෙන් තොර මෙට්‍රික්‌ටොන් 7500 ක්‌ වෙනම ටැංකියක අසුරා තිබී ඇත. ඉන්ධන තොගය ගොඩබෑමට පෙරාතුව ලබාගත් සාම්පල් පරීක්‍ෂණයේදී ගුවන් යානා තෙල් තොගයේ ප්‍රශ්නයක්‌ ඇතැයි තහවුරු වූ පසුව අදාළ සිංගප්පූරු තෙල් ස...

ගණිතය සමත් වීම මාධ්‍යකරුවකු වීම සඳහා අනිවාර්ය කළ යුතු ය / Maths should be made compulsory for media persons

දිනමිණ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති මූලාශ්‍රයකි. මන්ද, එය රජයේ ප්‍රධාන මුද්‍රිත සිංහල ජනමාධ්‍යය වීමයි. එහෙයින් විශේෂයෙන් ම රජය සම්බන්ධ පුවත් සම්පාදනයේදී හා මත ගොඩනැංවීමේදී දිනමිණ කරන කාර්යය නිරතුරු අපගේ අවධානයට ලක් වේ.  පහත පළ වන්නේ දිනමිණ පුවත්පතේ පළ වූ ඉතා වැදගත් පුවතකි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය මුත් ඊට පෙර එහි ගණිතය ගැන සාකච්ඡා කිරීමට අපට සිදු විය.  ලෝකයේ කිසිදු පැහැදිලි සුදුසුකමක් අවශ්‍ය නැති රැකියා අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ප්‍රමුඛ ය. එහෙත්, සරළ ගණිත ගැටලුවක් විසඳා ගැනීමේ හැකියාව හෝ මාධ්‍යකරුවන්ට තිබිය යුතු ය. ඔවුන්ට එසේ නැතිනම්, අඩු ගානේ උප කර්තෘන්ට හෝ පුවත්පතේ ප්‍රධාන කර්තෘට හෝ තිබිය යුතු ය.  පරිසර අමාත්‍යාංශයේ වාහනත් දුම් පරීක්ෂණයෙන් අසමත් වාහන 50කින් සමත් වුණේ 15යි දිස්නා මුදියන්සේ පරිසර අමාත්‍යාංශයට අයත් රථවාහනවලින් දුම් (වායු විමෝචන) පරීක්ෂණය සමත් වී ඇත්තේ 30%ක් බව පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අනුර ජයතිලක මහතා පැවැසීය.රාජ්‍ය ආයතනවල වාහන පරීක්ෂා කිරීමේ මූලික පියවරක් වශයෙන් පරිසර අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල වාහන ...

දිනමිණේ ** සිංහල (වැඩිහිටියන්ට පමණයි)

Image
මෙවැනි වතුර මලක් බෙවිස් බාවා විසින් ගොඩනඟන ලද ධර්ගා නගරය අසල කාලවිල පිහිටි බ්‍රීෆ් මල් වත්තේ ඇත.  (2011 අප්‍රේල් 06,   W3Lanka )  මේ දිනමිණ පුවත්පතේ සිරස්තලයකි. 'වත්තට ‘චූ’ කළැයි වක් පිහියකින් කොටලා සිසුවා රෝහලේ ඉඩම් හිමියා අත්අඩංගුවේ' මුත්‍රා වැනි බර වචන වෙනුවට චූ කියා සරළ වචනයක් යෙදීම නරක නැත. භාෂාව ද වෙනස් විය යුතු ය. රජය කරන නිසා එසේ වෙනස් කිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක් විය යුතු ය. ඒ අනුව, තව ටික කලක් යන විට අසූචි වෙනුවට ගූ කියා ද, ශුක්‍රානු වෙනුවට කැරි කියා ද, සංසර්ගයේ යෙදෙනවා වෙනුවට හුකනවා කියා ද දිනමිණේ යෙදෙනු ඇත. පසුව ඒවා පාසල් පෙළ පොත්වලට ද එනු ඇත. අපි නම් සිරාවට ම මේ වෙනසට කැමති ය. මන්ද, කුණුහරුප හෙවත් සිංහල ස්ලෑං ලිඛිත ව්‍යවහාරයට ගැනීමට මෙය කදිම අවස්ථාවක් නිසා ය. මෙය විශේෂයෙන් ම සිංහල සාහිත්‍යයේදී ප්‍රශ්නයකි. යමෙකු තවෙකෙකුට 'කැරි බල්ලා' කියා බැන්නා යයි ලියන්නට බැරිකම සිංහල සාහිත්‍යයේ ගැටලුවකි. ශුක්‍රානු සුනඛයා යයි ලියුවාට ඉහත අදහස එන්නේ නැත. ඉහත සිද්ධියේදී වාසනාවට ඉඩම් හිමියා වක් පිහියෙන් කොටා තිබෙන්නේ 13 හැවිරිදි සිසුවාගේ කකුලට ය. පහත ...

රණවිරුවන් මංකොල්ලකරුවන් කිරීමේ මාධ්‍ය මෙහෙයුම් හා යුද්ධයේ අතුරු ඵල | Side effects of war and media operations to dehumanize war heroes

Image
( 2010 දෙසැම්බර් 24,  W3Lanka )  හමුදා, පොලිස් සේවාවන්වලට සම්බන්ධ අය විසින් කරනු ලබන අපරාධ පිළිබඳ වාර්තා මේ දිනවල නිතිපතා ම මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබේ. මෙම වාර්තාකරණයත් සමග ම, හමුදා, පොලිස් සේවයෙන් ඉවත් ව සිටින ලක්ෂ ගණනක් පිරිස කෙරෙහි සමාජය සැක මුසු වීමේ ප්‍රවණතාවක් ද ඇති වී තිබේ.  වාර්තා වන මෙම සිද්ධි ඇත්ත ය. වාර්තාකරණය විසින් ඒවා විශේෂයෙන් මතු කර දක්වනවා යයි ද ඍජුවම චෝදනා කළ නො හැක. එහෙත්, ඒවා වාර්තා කරන අය තත්වය වෙනස් කිරීම සඳහා ඉවහල් වන සුබවාදී අදහස් වෙනුවෙන් පෙනී නො සිටීම නිසා එම වාර්තාකරණයෙන් අගතියක් සිදු වේ.  මෙසේ මාධ්‍ය විසින් වාර්තා කරනු ලබන අපරාධකරුවන් වන ආරක්ෂක අංශ නිලධාරීන් අතරින් ඇතැමෙක් තවමත් සේවයේ යෙදී සිටින අය වෙති. බොහෝ දෙනෙක් හමුදාවෙන් ඉවත් වූ, පළා ගිය අය හා පොලිස් සේවයෙන් ඉවත් කළ අයයි. ප්‍රධාන සිද්ධි දෙකක් ගතහොත්, එච්.එස්.බී.සී. බැංකුවේ මුදල් රු. කෝටි හතක් මංකොල්ලකෑම හා සම්බන්ධ පිරිස අතර ද වරකාපොල උගස් ආයතනයකින් ලක්ෂ විස්සක් මංකොල්ල කා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද මරා පොලිසිය විසින් ඝාතනය කර දමන ලද අය අතර ද හමුදා, පොලිස් සේවාවල සිටි අය ...

දිනමිණේ අන්තර්ජාල දැනුම හා පොලිසියේ ඊමේල් | Tell IGP email service and the internet literacy of The Dinamina

Image
‍ ( 2010 ඔක්තෝබර් 14,  W3Lanka )  මහජනයාට විද්‍යුත් තැපෑලෙන් පොලිස්පතිට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ඊමේල් ලිපිනයක් වෙන් කර තිබේ. 'පොලිස්පතිට කියන්න' හෙවත් Tell IGP ලෙස නම් කර ඇති මෙම විද්‍යුත් තැපැල් ලිපිනය telligp@police.lk නම් වේ. වෙබ් අඩවිය හා සම්බන්ධව ආරම්භ කර ඇති මෙය පොලිස් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත්තේ online service centre හෙවත් ජාලගත සේවා මධ්‍යස්ථානයක් ලෙසයි. මෙය ආරම්භ කිරීම යනු වෙබ් අඩවියක් විවෘත කිරීමක් නො වේ.  මෙම සේවාව වෙත මෙතනින් ප්‍රවේශ විය හැකි ය. මෙම විද්‍යුත් තැපැල් ලිපිනය ප්‍රවර්ධනය කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව එය උත්සවාකාරයෙන් දියත් කළේ ය. ඊමේල් ලිපිනයක් හැදීම පිළිබඳ උත්සවයක් පැවැත්වීම එසේ සාධාරණීකරණය කළ හැකි ය. එහෙත්, මෙවැනි සේවාවක් භාවිතා කිරීමෙහි ලා ලංකාවේ ජනතාවට ඇති හැකියාවේ මට්ටම පෙන්වා දෙන කදිම නිදසුනක් වන්නේ ආණ්ඩුවේ දිනමිණ පුවත්පත මෙය වාර්තා කර ඇති විසුළු ස්වභාවයයි. රජයට අයත් සිංහල ජාතික පුවත්පතේ පොලිස් පුවත් වාර්තාකරුගේ සිට ප්‍රධාන කර්තෘ දක්වා පිරිස අන්තර්ජාලය පිළිබඳ අන්දෝ සංසාරයක් නො දන්නා තත්වයක් තිබේ ...

දිනමිණ කර්තෘට වඩා බුද්ධිමත් පොලිසියට මල් කළඹක්; ලෝක ළමා දිනයට 14 හැවිරිදි ළමයකුට දරුවෙක්

Image
( 2010 එක්තෝබර් 01,  W3Lanka )  අපයෝජනයට ලක් වී දරුවකු ප්‍රසූත කළ දැරියක ගැන ආණ්ඩුවට අයත් දිනමිණ පුවත්පත කළ මෝඩ පහේ වාර්තා කිරිමක් පිළිබඳ අපි ඊයේ ලියුවෙමු. එම ලිපිය පහත සබඳතා පුරුක ඔස්සේ කියවිය හැකි ය. 14 හැවිරිදි දැරියක දරුවකු ප්‍රසූත කිරීම නිසා ළමාරක්ෂක අධිකාරියේ සභාපතිට මල් කළඹක් දිනමිණේ තුන්වන පිටුවේ මහජන අවධානය යොමු වන පරිදි පළ කර තිබුණු වාර්තාවක මෙසේ සඳහන් වේ. "පියකු නොමැතිව දරුවකු බිහිකරන්නට කඳුළු හෙළන මේ දැරිය පිළිබඳව කරුණාබරිත වූ දැරියගේ මස්සිනාගේ මිතුරකු ඇයට පිහිට වන බවට ප්‍රතිඥා දුන්නේ එයින් පසුවය. "එහෙත් පෙරේදා (28) උපන් මේ බිළිඳාට රැකවරණය සපයන්නට ඔහුට නීතිය හරස් වී ඇත්තේය. දැරිය අඩුවයසේ පසුවන බැවින් ඔහුට ඇය හා විවාහවීමට නොහැකිය. එහෙත් ඇයටත් බිළිඳු පුතුටත් තෑගි රැගෙන ඊයේ (29) ඔහු කාසල් රෝහලට පැමිණ සිටිනු දක්නා ලදී. "ඇයට සෙනෙහෙබර සැමියකු වීමට තමන් කැමති බවත්, මේ දක්වා ඇයව ආදරයෙන් රැකබලා ගත් බවත් ඔහු ළමා අරක්‍ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ නිලධාරිනියනට පැවැසුවේය." මෙන්න මේ වාර්තාව තිබෙන දිනමිණ වෙබ් පිටුවට සබැඳියාව. මේවා බලන්නට පම...

අපි නො දන්න ජගත්? මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ මෙයා

Image
(2010 ජුලි 21,  W3Lanka )  යටිතල පහසුකම් ජාලය පුළුල්කොට සංවර්ධනය කිරීම සඳහා ජගත් මූල්‍ය ආයතනයෙන් රුපියල් කෝටි 11,000ක මුදලක් ලබාගැනීමට රජය සූදානම් වන බව අද දිනම්ණ පුවත්පතේ පළ වී තිබේ. මොකක්ද මේ ජගත් මුල්‍ය ආයතනය? එහෙම එකක් ගැන මීට පෙර අප අසා නැහැ නොවැ? දිනමිණ පුවත මුල සිට අගටත්, අග සිට මුලටත් ආදී වශයෙන් කියවා බැලුවද මේ ජගත් මුල්‍ය ආයතනය කුමක්දැයි ‍දැන ගැනීමට බැරි වුණා.  ඉන් පසු අපි දිනමිණේ සහෝදර පුවත්පත වන ඩේලි නිව්ස් පෙරළා මේ හරුපය කුමක්දැයි සෙව්වෙමු. අපි නො දන්න ජගත්? මේ ඉන්නේ ගෙඩි පිටින්. The government will obtain a loan of one billion US Dollars from the International Monetary Fund (IMF) for development of expressways, ports and airports. පුවත් දෙකම ලියලා තියෙන්නේ එක ම ජයසිරි මුණසිංහ. හානේ ජයසිරි, ඔයා හරිම හොරා. ඔයා මේ කියන ජගත් මුල්‍ය ආයතනය අර අපි හොඳට දන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදලනේ. හා, හා, ඔයා අපට කොළේ වහන්න නේද හැදුවෙ? හූ, හූ අපි දන්නවා ඇයි කියලා. ආණ්ඩුව අයවැය හැදුවෙ ඔය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදියටනේ. You may also like t...

ආණ්ඩුව අද ගංවතුර ගැන කරන විශේෂ ප්‍රකාශය මෙන්න | The special statement by Sri Lanka government on floods

Image
(2010 මැයි 20 -  W3Lanka )  වැසි ජලයෙන් කොළඹ නගරය ඇතුළු රට පුරා නගර රැසක් යටවීම පිළිබඳව පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව අද (20) විශේෂ ප්‍රකාශයක් කරන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන පවසයි. ඒ විශේෂ ප්‍රකාශය මෙවැනි එකක් වනවාට මෙන්න කැට! (මෙම කතාව සකස් කිරීම සඳහා දිනමිණ පත්තරයේ මැද පිටුවක පළ වන මහින්දගේ ආගිය කතා මහත් සේ ප්‍රයෝජනවත් වූ බව කරුණාවෙන් සලකන්න.) මහ වැසි ඇද වැටෙන්නේ ආණ්ඩු පක්ෂයේ දේශපාලකයන්ගේ වරදක් නිසා නොව විපක්ෂයේ කුහකකම නිසා ය. 'දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච විපක්ෂ නායකයා භවතු ධම්මිකෝ' යයි බුදු බණේ ද කියැවේ. 'විපක්ෂ නායකයා කොටින්ට සම්බන්ධ ය. කොටි ඇමරිකාවට සම්බන්ධ ය. ඇමරිකාවට ගුවන් හමුදාවක් තිබේ. ඒ නිසා ඇමරිකාව අහසට සම්බන්ධ ය. වහින්නේ එහෙම ය. මේ වස්සන්නේ ලංකාව ප්‍රභාකරන් මැරූ සංවත්සරය සමරන එක වළක්වන්න ය. උන්ට වැරදිලා ය. වැස්ස පායපු දාට අපි මේ ගෝත්‍රික උත්සවය පවත්වන්නෙමු.  'මෙතැන තිබෙන්නේ ඊලාම් කුමන්ත්‍රණයක් බව ඕනෑ ම පොඩි එකෙකුට තේරිය යුතු ය. වැඩි විස්තර විමල් වීරවංශ හා කොළඹ කුණු ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම විසඳ...

2010 දෙවන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල දිනමිණ අනුග්‍රහයෙන් ලේක්හවුස් කැන්ටිමේදී | 2010 second Filmfare awards held in Lake House canteen sponsored by The Dinamina

Image
ශිල්පා ෂෙට්ටි නංගි  2010දි නම් ඔය සෙල්ලම් බෑ. බුරියට ප්ලාස්ටර් කැල්ලක්වත් ගහගන්න (2010 මාර්තු 26- W3Lanka  )  අන්තර්ජාතික ඉන්දියානු ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පැවැත්වීම සඳහා මෙවර ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති බවට හා ආරක්‍ෂක, සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍යාංශවල ද සහයෝගයෙන් මේ උළෙල ලබන ජුනි 02 දා සිට 04 දා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ඉතා සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සියලු පහසුකම් සළසා දෙන බව සංචාරක කටයුතු අමාත්‍ය අචල සුරංග ජාගොඩ පැවසූ බවට පට්ට පල් කෙබරයක් අද දිනමිණ කියා තිබේ. 2010 වසරේ ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙල පසුගිය පෙබරවාරි 27දා පැවැත්විණි. එය නැවත පවත්වන්නට යන්නේ මන්දැයි විපරම කළ අපට දැනගන්නට ලැබුණේ ලංකාවේ පවත්වන්නට යන්නේ International Indian Film Academy (IIFA) Awards බවයි. ඇත්තෙන් ම ලංකාව මෙම චිත්‍රපට උළෙල ලංකාවේ පැවැත්වීමට උත්සාහයක් දැරූ බවක්වත් කලින් වාර්තා වූයේ නැත. බොහෝ දෙනෙක් අනුමාන කළේ එය දකුණු කොරියාවේ සියොල්හි හෝ අයර්ලන්තයේ හෝ පැවැත්වෙනු ඇති බවයි. ඉන්දියාව මෙය ලංකාවට බලෙන් මෙන් දී ඇත්තේ ලංකාව දැපනෙ දමා ගැනීමේ ඉන්දීය ප්‍රයත්නයේ කොටසක් ලෙසයි. IIFA සං...

ෆොන්සේකාට පක්ෂව දේශපාලන රැල්ලක් තිබුණා - දිනමිණ කියයි

Image
(2010 ජනවාරි 16 -W3Lanka) විපක්ෂ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට පක්ෂව දේශපාලන රැල්ලක් රටේ තිබුණු බව අද දිනමිණ පුවත්පතේ කතුවැකිය පවසයි. දිනමිණට අනුව මෙම රැල්ල තිබී ඇත්තේ ෆොන්සේකා ජනාධිපතිවරණයට නාම යෝජනා දුන් අලුත වන අතර දැන් එය අඩු වී තිබේ. ජනාධිපතිවරයාට පක්ෂව රැල්ලක් තිබෙන බවක් එහි සඳහන් වන්නේ නැත. විශ්‍රාමික ෆොන්සේකා මහතාට දේශපාලන රැල්ලක් තිබුණු බව සමහරු කියති. ඔහු දේශපාලන කරලියට පැමිණි පළමු දින කිහිපය තුළ ඒ කතාවේ කිසියම් ඇත්තක් තිබිණි. දැන් එම රැල්ල මුළුමනින් ම හේබා ගොසිනි. නැඟෙන හැම රැල්ලක් ම වෙරළ අබියස දී බිඳී විසිරී යන්නා සේ ෆොන්සේකා රැල්ල ද විසිරී ගොසිනි. දිනමිණ පුවත්පත මෙතෙක් ප්‍රචාරය කළ අන්දමට නම් එවැනි දේශපාලන රැල්ලක් රටේ තිබුණු බව පිළිගත නො හැකි අතර එවැනි රැල්ලක් තිබිය හැකි වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂටයි. නිදසුනක් ලෙස දිනමිණ පුවත්පතේ දෙසැම්බර් 19දා පළ වූ මෙම පුවත අනුව එවැනි රැල්ලක් කිසි සේත් තිබිය නො හැකිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර ජනාධිපතිවරණයේදී සියයට 62.2 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් ජයග්‍රහණය කරන බව සමීක්ෂණයකින් හෙළි වී ඇතැයි එක්සත් ජනතා නිදහස් ...

අනාගත අගමැති ඉන්දියාවට කඩේ යනවාද?

Image
(2009 ඔක්තෝබර්  21 - W3Lanka ) පහත පළ වන්නේ ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් වූ ද, දැනට රජයේ ජ්‍යේෂ්ඨ ම ඇමති තනතුරක් වන කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමති ධුරය දරන්නා වූ ද, පසුගිය උතුරුමැද පළාත් සභා මැතිවරණයේදී අනාගත අගමැති තමා යයි ප්‍රචාරය කරන ලද්දා වූ ද මෛත්‍රීපාල සිරිසේන විසින් පවසන ලද අදහසකි. මෙම අදහස කියවන අතර මේ රටේ විපක්ෂයට ජනාධීපතිවරයාගේ ගම වන හම්බන්තොටදී පවා 35%ක පමණ වඩා ජනයා ඡන්දය දුන් බව ද සිහි තබා ගත යුතු ය. මෙම ප්‍රකාශය අනුව එම ජනයා රටට ආදරය නො කරන පිරිසක් විය යුතු ය. පාලකයින්ගේ මහා පරිමාණ දූෂණ පිළිබඳ සලකා බැලූ විට සන්ධානයට ඡන්දය දෙන්නන් ද රටට ආදරය කරන්නන් යයි සිතිය නො හැකි අතර, රටේ ජනගහණයෙන් බහුතරයක් රටට ආදරය නො කරන එක ම රට ලංකාව විය යුතු ය. කෙසේ වෙතත්, අපට ඇති එක් ප්‍රශ්නයක් වන්නේ රටට ආදරයක් නැති මෙවන් විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් වෙනුවෙන් මහජන මුදලින් වැටුප්, දීමනා, වරප්‍රසාද හා ආරක්ෂාව ආදිය සපයන්නේ ඇයි ද යන්නයි. අනෙක් ප්‍රශ්නය නම් මේ රටේ මන්ත්‍රීන්ට මේ රටේ ජනතාව හමු වීමට නො දී තමිල්නාඩුවේ මන්ත්‍රීන්ට ඒ අවස්ථාව දෙන්නේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් නිසා ද? සන...

කටකතාවලට තිත තියන්න ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන්නැයි ජනරාල්ට කියන්න

Image
(2009 ඔක්තෝබර්  18 - W3Lanka ) අසත්‍ය ප්‍රචාර ගෙන යන මාධ්‍ය ආයතනවලට එරෙහිව දැඩි පියවර: සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ! - හමුදා මාධ්‍ය ප්‍රකාශක මේ ආණ්ඩුවේ ඉරිදා හොරණෑව වන සිළුමිණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියයි. සෙනසුරාදා දිනම්ණ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ ද මෙයමයි. ඒ මෙසේය: ජෙනරාල් සරත් ෆොන්සේකා සමඟ ආණ්ඩුවේ කිසිදු ගැටුමක් නැහැ බොරු ප්‍රචාරවලට නීතිමය පියවර - බ්‍රිගේඩියර් උදය නානායක්කාර එක ම ප්‍රවෘත්තිය එක ම ආයතනයේ දින දෙකක පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්තිය වීම අසාමාන්‍ය බව පුවත්පත් කලාව ගැන දන්නා අය දනිති.  ජනරාල් සරත් ෆොන්සේකා පිළිබඳ පැතිර යන කට කතා හේතුවෙන් ආණ්ඩුව කෙතරම් කලබලයට පත්  වී තිබේ ද යන්න පිළිබඳව මෙය කදිම සාක්කියකි.  මේ කටකතා බොරු බව කීම සඳහා රජය කළ යුතුව තිබෙන්නේ තමන්ගේ ජනමාධ්‍යවල ප්‍රධාන පුවත ලෙස මෙවැනි පුවත් නැවත නැවත පළ කිරීම හෝ ජනරාල්වරයා පිළිබඳ පුවත් පළ කරන කර්තෘන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම නොව ජනරාල් සරත් ෆොන්සේකාට මේ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙස දැනුම් දීමයි.  එම ප්‍රකාශය ජනමාධ්‍යවලින් ප්‍රසිද්ධ වූ විට මේ...

සයිබර් අවකාශයේ රාජ්‍ය ත්‍රස්තවාදය

Image
(2009 ජුලි 13) දින ගනණාවක සිට සාමාන්‍ය ආරක්ෂක විධිවිධාන සහිත පරිගණකයකින් රජයේ දිනමිණ පුවත්පතේ වෙබ් අඩවියට පිවිසෙන්න උත්සාහ කරන ඔබට මුලින්ම ලැබෙන්නේ මෙම පණිවුඩයයි. "Reported Attack Site!" එනම්, මෙම වෙබ් අඩවිය ප්‍රහාරක අඩවියක් ලෙස වාර්තා වී ඇති බවයි.  එවැනි වෙබ් අඩවි ඔබේ පරිගණකයේ ඇති පෞද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා වැඩසටහන් ස්ථාපනය කරන බව. ඔබේ පද්ධතියට හානි කරන බව හා සෙසු පරිගණකවලට පහර දීම සඳහා ඔබේ පරිගණකය භාවිතා කරන බව පැවසේ.  මේ අතර, විකල්ප මතවාදයක් මත පදනම් වූ සිංහල හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පළ වන වෙබ් අඩවියක් වන ලංකා නිව්ස් වෙබ් පසුගිය 11දා සිට ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන්ට පිවිසිය නොහැකි ආකාරයට බාධා කර තිබේ.