ගණිතය සමත් වීම මාධ්‍යකරුවකු වීම සඳහා අනිවාර්ය කළ යුතු ය / Maths should be made compulsory for media persons

දිනමිණ රටේ ප්‍රධාන ප්‍රවෘත්ති මූලාශ්‍රයකි. මන්ද, එය රජයේ ප්‍රධාන මුද්‍රිත සිංහල ජනමාධ්‍යය වීමයි. එහෙයින් විශේෂයෙන් ම රජය සම්බන්ධ පුවත් සම්පාදනයේදී හා මත ගොඩනැංවීමේදී දිනමිණ කරන කාර්යය නිරතුරු අපගේ අවධානයට ලක් වේ. 


පහත පළ වන්නේ දිනමිණ පුවත්පතේ පළ වූ ඉතා වැදගත් පුවතකි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය මුත් ඊට පෙර එහි ගණිතය ගැන සාකච්ඡා කිරීමට අපට සිදු විය. 


ලෝකයේ කිසිදු පැහැදිලි සුදුසුකමක් අවශ්‍ය නැති රැකියා අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ප්‍රමුඛ ය. එහෙත්, සරළ ගණිත ගැටලුවක් විසඳා ගැනීමේ හැකියාව හෝ මාධ්‍යකරුවන්ට තිබිය යුතු ය. ඔවුන්ට එසේ නැතිනම්, අඩු ගානේ උප කර්තෘන්ට හෝ පුවත්පතේ ප්‍රධාන කර්තෘට හෝ තිබිය යුතු ය. 


පරිසර අමාත්‍යාංශයේ වාහනත් දුම් පරීක්ෂණයෙන් අසමත්

වාහන 50කින් සමත් වුණේ 15යි
දිස්නා මුදියන්සේ


පරිසර අමාත්‍යාංශයට අයත් රථවාහනවලින් දුම් (වායු විමෝචන) පරීක්ෂණය සමත් වී ඇත්තේ 30%ක් බව පරිසර අමාත්‍යාංශයේ වායු සම්පත් කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ අනුර ජයතිලක මහතා පැවැසීය.රාජ්‍ය ආයතනවල වාහන පරීක්ෂා කිරීමේ මූලික පියවරක් වශයෙන් පරිසර අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල වාහන පසුගිය බදාදා හා බ්‍රහස්පතින්දා පරීක්ෂාවට ලක් කැරිණි.


මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලද්දේ වායු විමෝචන පරීක්ෂණවලින් බහුතරයක් රාජ්‍ය අංශයට අයත් වාහන බව සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වීම නිසාය. අධ්‍යක්ෂවරයා පවසන පරිදි පරීක්ෂණයට ලක්කරන ලද වාහන 50කින් සමත්ව ඇත්තේ 30%ක් පමණි. පරීක්ෂණයට ලක්කළ පෙට්‍රල් වාහන 10න් 3 ක් අසමත් වූ අතර ඩීසල් වාහන වලින් 23ක් සමත්විය.


තවත් ඩීසල් වාහන 3ක් පරීක්ෂණයට ලක්කළ නොහැකි වූයේ ඒවායේ සයිලන්සර් වලින් කාන්දුවීම් ඇතිවූ නිසාය. මේ වාහන තුන හා අනිකුත් අසමත් වාහන අලුත්වැඩියා කිරීමට නියෝග කළ බව අධ්‍යක්ෂවරයා කීය. මෙම විමෝචන පරීක්ෂණ වලින් අසමත් වීමට මූලික හේතුව වාහන නිසි පරිදි නඩත්තු නොකිරීමයි. මෙම පරීක්ෂණ පිළිබඳ පූර්ණ වාර්තාවක් ළඟදීම අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. Good point you are trying to make.

    But see my friend Its Clear,

    Total Number Of vehicles - 50

    Petrol vehicles Inspect - 10
    Diesel Vehicles Pass Inspection - 23
    Diesel Vehicles Did not Inspect - 3

    So... this is the Question?

    Diesel Vehicles Fail Inspection - 14
    [writer forget to write about this]

    So... Total Number of Vehicles - 50

    Human errors not a big deal. No body perfect my friend. Have a good day.

    Hope you will publish this comment

    ReplyDelete
  2. parisara emathiyage silancer eka kunu wela keli mootu karala mahala thiyenne.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා