ජවිපෙ අභ්‍යන්තර අර්බුදය ගැන අප දන්න තොරතුරු / What we know about the JVP internal crisis

ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළේ ඇති බව කියන අර්බුදය පිළිබඳව යමක් දන්නවාදැයි යම් යම් අය අපෙන් ද අසති. 


ඇත්ත ම කිව්වොත්, අපි ඔය ගැන සෙව්වේ ම නැත. 


පක්ෂයේ පිල් බෙදුමක් ගැන ලංකාදීප පුවත්පත හා වෙනත් පුවත්පත් පළ කළ වාර්තාවල ඇත්තක් ඇති බව අද 'රිවිර' පුවත්පතට විජිත හේරත් කර ඇති ප්‍රකාශයකින් තහවුරු වේ. පක්ෂය තුළ මත ගැටුමක් ඇති බව ඔහු කියයි. 


මත ගැටුම් තිබීම හොඳ දෙයකි. මත ගැටුම් යනු දේශපාලන සංවාදයකි. 


ඒ කෙසේ වෙත්, දැන් ජවිපෙ සන්ධාන මධුසමය අවසන් ය. ජවිපෙ හරහා තනතුරු, බලය, කීර්තිය අත් පත් කර ගත් අයට දැන් ඒවා අතහැර නිරුවත් වීමට සිදු වී තිබේ. මේ වනාහි පක්ෂ පූර්ණකාලිකයන්ට ආපසු ගෙදර යන්නට හිතෙන කාලයකි. පක්ෂය වෙනුවට පවුල යළි මතක් වන කාලයකි. 


එහෙත්, නිකම් ම ගෙදර ගොස් හාන්සි පුටු විප්ලවවාදීන් යයි කතන්දර අසා ගන්නවාට වඩා, තත්වයක් තියාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්නට මෙවැනි මත ගැටුමක් සමග පක්ෂයෙන් වෙන් වීම හොඳ ය. 


කලක් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පක්ෂ ස්ථාවරය වැරදි ය යන තර්කය ගෙදර යන කට්ටියට පිටිවහලක් වී තිබිණි. පසු කලෙක විමල් වීරවංශ ඔවුන්ගේ පිහිටට පැමිණියේ ය.


දැන් වෙනත් අලුත් එකක් අවශ්‍ය ය. ඕවායේ හැටි ඔහොම තමා ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජවිපේ ලොක්කා ගේ ෆොටෝ එකක් නැද්ද?

    ReplyDelete
  2. කොහොම උනත් කුමාර හින්දයි ඔය පක්ෂය මෙච්චර කලක් දිවුවේ. කුමාරව කපලා විජිතයි අනුරයි මංගලගේ ගෙදර රිංගලා කාපු බීපුවට ණය ගෙවන්න හදන්නේ පක්ෂය පාවා දීලා.

    ඔතනින් එහාට ගමනක් නැහැ. සොමවංශ පවුලේ උංව ගොඩ දාන්න හදනවා. අපි මේවට නැහුන වැරැද්ද.

    ReplyDelete
  3. රත්නායකSeptember 18, 2011 at 3:41 PM

    ජවිපෙ සංධාන මදුසමය දැන් අවසන් වී ඇති නිසා එමගින් තනතුරු බලය කීර්තිය අත්කරගත් අයට තව දුරයත් හ් තත්වයන් ලබාගත නොහැකි නිසා ඉන් ඉවත්ව යයි නතන්දර අහගන්නවට වඩා න්‍යායික හෝ ප්‍රතිපත්ති පිළිබද ප්‍රශ්ණ ඒ සදහා හේතු වශයෙන් ඉදිරිපත් කර තත්වය රැක ගැනීමට ඔවුන් උත්සාහ දරයි මේ ඹබගේ ලිපියෙන් අදහස් කරන දේ මම තේරැම් ගත් විදියයි එසේ නම් ඔබේ අදහස මතු පිටින් කෙසේවුවත් ගැඹුර්න් නම් නිවැරදි නොවේ ඔබේ අදහසට අනුව එසේ යන්නවුන් ජනප්‍රයතාවයම සොයා ආවාවුන්ය එසස් නොයා රැදී සිටින්නවුන් (ජවිපෙ)එහි ප්‍රතිපක්ෂයයි මේ කරුණු දෙකම යතාර්ථය නොවේ ජවිපෙ ඊයේ අද හෙට තේරුම් ගැනිමට ඒ පිළිබද ගැඹුරින් අධ්‍යායනය කළ යුතුව ඇත

    ReplyDelete
  4. ජවිපෙ හෝ වෙනත් එවැනි පක්ෂ වල අභ්ය්න්තර අර්බුද කියා කියන්නේ මත ගැටුම් ය. ජවිපෙ මාක්ස්වාදී පක්ෂයක් නොවුනත් ඒ බව කියා ගන්නා පක්ෂයක් නිසා, ලෙනින්ගේ පක්ෂයේත් තිබුනු ඔවැනි ලක්ෂණ ජවිපෙ ඇතුලතත් තිබෙන්නට පුළුවන. මත ගැටුම් වනාහි කිසිසේත්ම නිශේධනාත්මක දෙයක් නොවේ. ඉදිරි ගමන සඳහා එය අත්යුවශ්යෙය.
    එහෙත් පාලක පක්ෂයේ සහ එවැනි පක්ෂවල අභ්යින්තර ගැටුම් යනු වෙනස් දෙයකි. ඒවා ඇතිවන්නේ තම තමන්ගේ ලාභ බෙදෙන ආකාරය අනුවයි.
    ලුණු ඇඹුල් සහිතව වැඩි විස්තර ඕනෑම නම් කියන්නට පුළුවනි.

    ReplyDelete
  5. marx waadee paksaya nowei jvp ya.mahindath ekka gihilla balaya ganna puluwan kiyana mathayaka thamai kattiyama hitiye.namata hari wamanshika muhunuwarak thibune Asokalla, pubudu,kumar, opatha wage aya nisai.tilwin,amarasingha,anura,vijitha,bimall,lalkantha ,wage un helaurumayata panna demiya uthui.adumatharame Bahu meeta wada hondai.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා