ජවිපෙ අභ්‍යන්තර අර්බුදය ගැන අප දන්න තොරතුරු / What we know about the JVP internal crisis
ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළේ ඇති බව කියන අර්බුදය පිළිබඳව යමක් දන්නවාදැයි යම් යම් අය අපෙන් ද අසති. ඇත්ත ම කිව්වොත්, අපි ඔය ගැන සෙව්වේ ම නැත. පක්ෂයේ පිල් බෙදුමක් ගැන ලංකාදීප පුවත්පත හා වෙනත් පුවත්පත් පළ කළ වාර්තාවල ඇත්තක් ඇති බව අද 'රිවිර' පුවත්පතට විජිත හේරත් කර ඇති ප්‍රකාශයකින් තහවුරු වේ. පක්ෂය තුළ මත ගැටුමක් ඇති බව ඔහු කියයි. මත ගැටුම් තිබීම හොඳ දෙයකි. මත ගැටුම් යනු දේශපාලන සංවාදයකි. ඒ කෙසේ වෙත්, දැන් ජවිපෙ සන්ධාන මධුසමය අවසන් ය. ජවිපෙ හරහා තනතුරු, බලය, කීර්තිය අත් පත් කර ගත් අයට දැන් ඒවා අතහැර නිරුවත් වීමට සිදු වී තිබේ. මේ වනාහි පක්ෂ පූර්ණකාලිකයන්ට ආපසු ගෙදර යන්නට හිතෙන කාලයකි. පක්ෂය වෙනුවට පවුල යළි මතක් වන කාලයකි. එහෙත්, නිකම් ම ගෙදර ගොස් හාන්සි පුටු විප්ලවවාදීන් යයි කතන්දර අසා ගන්නවාට වඩා, තත්වයක් තියාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්නට මෙවැනි මත ගැටුමක් සමග පක්ෂයෙන් වෙන් වීම හොඳ ය. කලක් ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පක්ෂ ස්ථාවරය වැරදි ය යන තර්කය ගෙදර යන කට්ටියට පිටිවහලක් වී තිබිණි. පසු කලෙක විමල් වීරවංශ ඔවුන්ගේ පිහිටට පැමිණියේ ය. දැන් ...