ඇමති එස්.බී.ගේ ආරක්ෂක රථ ගායට ජීවිතයක් බිලි / Sri Lanka's Minister's back up vehicle takes life of an engineer

ඇමති එස්.බී. දිසානායකගේ පුතා ගුවන් තොටුපළෙන් කැඳවාගෙන ඒමට පවනට බඳු වේගයෙන් ඉගිල්ලෙමින් තිබුණු මහජන මුදලින් නඩත්තු වන ඇමති ආරක්ෂක රියක් විසින් යට කර දමා ගිය 61 හැවිරිදි විශ්‍රාමික ඉංජිනේරුවරයකු අභාවප්‍රාප්තව ඇති අතර, ඔහුගේ බිරිඳ අසාධ්‍ය තත්වයෙන් කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. 

මෙසේ මෙම පුරවැසියන් දෙදෙනා යට කර පළා ගිය ඇමති ආරක්ෂක රිය පදවා ඇත්තේ පොලිස් නිලධාරියෙකි. ඔහු පොලිසියට භාර වී ඇත්තේ පොලිසිය හා යුද හමුදා බුද්ධි අංශ විසින් ඒ පිළිබඳ සොයද්දී ය. 

තමන් මෙම අනතුර නො දුටු බව මෙම පොලිස් නිලධාරියා පවසා තිබේ. 

රට බල්ලන්ට ගොසිනි. බල්ලෝ ර‍ට ගොසිනි. 

රට ගිය උන් රට සිට එන විට මෙහේ උන්ට රථ ගාය හැදේ.  

‍මේ ඇමතිලාගේ ආරක්ෂාව මේ රටට මළ වධයකි. ඇමතිලා ආරක්ෂා සහිතව පවුල් පිටින් රට ම හිටියත් මේ රටට තවත් කිසිදු අයහපතක් වන්නේ නැත. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. දේශපාලන බලය නිසා පැන නැගී සිටින මේ නව පන්තිය සහ උන්ට බල මෙහෙවර කරන ගැත්තන් කරන කියන දේවල් නිසා ජනතාවගේ ජීවිත තුට්ටුවට වැටී තිබෙන බව තම මේවයින් පෙනෙන්නේ...දේශප්‍රේමය කියල තමා දැන් ලංකාවේ මේ වැඩ කිඩ වලට කියන්නේ...

    කොහොම නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කීවත් සමාජවාදය කීවත් ඔක්කොමල මෙහෙම තමා අවසාන වෙන්නේ...සුළු පිරිසක් බලවතුන් වෙලා බහුතරය මානසිකව පාලනය කරමින් ජීවත් වෙනවා...

    මේකට උත්තරය විපක්ෂයක් හොයාගෙන ඒකෙන් මේකට ගහල වට්ටලා දාන තාවකාලික සැපය බුක්ති විඳීම තමා...

    ඊට පස්සේ එයාලත් මේ ගමනට වැටෙනවා...

    ඔයාල ලියනවා...අපි කොමෙන්ට්ස් දානවා නව තාක්ෂනය තියන නිසා...

    ReplyDelete
  2. Yes, this mania should be stopped asap!!

    ReplyDelete
  3. "ඇමතිලා ආරක්ෂා සහිතව පවුල් පිටින් රට ම හිටියත් මේ රටට තවත් කිසිදු අයහපතක් වන්නේ නැත."

    අනේ ඒ තරම් වාසනාවන්ත නෑ මේ රටේ මිනිස්සු. මුං ගියත් ආපහු එනව කරුමෙට.

    ReplyDelete
  4. ඩස්පියාSeptember 1, 2011 at 2:49 PM

    රට බල්ලන්ට හා තක්කඩින්ට ගොසිනි .

    ReplyDelete
  5. රියැදුරා පොලිසියට භාර වී ඇත. මට හොඳටම ෂුවර් මිනිහට හොඳ පනිශ්මන්ට් එකක් ලැබෙනවා.
    මට මෙහෙමත් හිතෙනවා.. මේකට හේතුව මේ මළා කියන ඉංජිනේරුවා විශ්‍රාමිකයෙකු වීමයි. ඔහු සේවයේ යෙදී සිටියා නම් මේ අන්තුර සිදු නොවනු ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා