රට පුරා වර්ජන රැල්ලක් / A wave of strikes in Sri Lanka

රට පුරා රජයේ සේවයේ වෘත්තීය සටන් රැල්ලක් පැන නැඟී ඇත.


ඉන් වැඩි හරියක් වැටුප් විෂමතාවලට අදාළව ය.


විදුලි බල මණ්ඩල සේවකයන්ගේ 2009 වැටුප් වැඩි වීමේ හිඟ වැටුප 2012 ජනවාරි සිට කොටස් වශයෙන් ගෙවන්නට අධ්‍යක්ෂ මණ්ඩලය ලිඛිතව එකඟ වීම නිසා හෙට දියත් කරන්නට සිටි සංකේත වර්ජනය නතර කරන්නට වෘත්තීය සමිති පියවර ගෙන තිබේ.


හෙට අනුරාධපුර රෝහලේ හෙදියෝ ඊයේ පෙරවරු 7 සිට පැය 24ක් වර්ජනය කරන්නේ හෙද කාර්ය මණ්ඩල හිඟය නිසා අධික ලෙස අතිකාල කරන්නට සිදු වීමෙන් තමන් පීඩාවට පත්ව ඇති බව කියමින් හෙද කාර්ය මණ්ඩලය වැඩි කරන ලෙස ඉල්ලා ය.


විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ හෙට කෑම පැයේ පිකටිං කරති. වැටුප් විෂමතා ප්‍රශ්නය නො විසඳන්නේ නම් ඔවුහු 12දා ලෙඩ නිවාඩු වාර්තා කරන්නට තීරණය කර තිබේ.


වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍ෂේත්‍ර නිලධාරීන් සැප්තැම්බර් 02 දා සිට පැය විසිහතරේ රාජකාරිවලින් ඉවත්ව 09/2006 චක්‍රලේඛය පරිදි පැය 08 ක සේවාවක්‌ පමණක්‌ ඉටුකරන බව සමස්‌ත ලංකා වනජීවී නියාමක නිලධාරි සංගමය ඇතුළු වෘත්තීය සමිති පවසයි.


වසර 12ක් පුරා පවතින වැටුප් විෂමතා ඉවත් නො කිරීම නිසා ගුරුවරු ද දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සැරසෙමින් සිටිති.


වෙනත් ක්ෂේත්‍ර රැසක ද ප්‍රශ්න මතු වී ඇත.


මේ වනාහි වැටුප් මදිකම හා අධික ජීවන වියදම නිසා පැසවමින් ඇති ජීවන ගැටලු බුබුළු නගමින් ප්‍රකාශයට පත් වන ආකාරයයි.


ලබන අයවැයෙන් හෝ රජයේ සේවකයන්ට දැනෙන වැටුප් වැඩි කිරීමක් ලබා දීමට රජය අසමත් වුවහොත් තත්වය බරපතල වනු නිසැක ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔය හැම ගොන් නම්බන්ටයි නෑම්බියන්ටයි පඩි ගෙවන්නෙ අපේ සල්ලිවලින්. සෙවාවන් කිවුවට ඔය සමහර සෙවාවන් අපි ගන්නෙ සල්ලිදීලා ඒක හින්දා අපිට හිරිහැර කරන්නේ නැතිව ඕන මගුලක් කරගනිල්ලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා