විජයානිගෙ ආදරේ කුමාර මහත්තයාට සුබ ද? අසුබ ද? / Sri Lanka state-owned Dinamina in love with JVP rebels

ආරක්ෂක අංශ සමග එක්ව වාමාංශිකයන්ට පරිප්පු ඉවීම රස්සාව කරගෙන සිටි දිනමිණේ විජයානි නෝනා ජවිපෙ ප්‍රේමකුමාර් ගුණරත්නම් පාර්ශ්වයට සෙනෙහෙවන්ත වීම තරමක් ප්‍රශ්නකාරී තත්වයකි. 


පෙනෙන හැටියට නම්, මේ ආදරය ගොඩනැ‍ඟෙන්නේ ජවිපෙ සෝමවංශ කණ්ඩායම එජාපය, දෙමළ ජාතික සන්ධානය හා ආණ්ඩුව ඇතුළේ කණ්ඩායමක් සමග එක්ව ආණ්ඩු පෙරළියකට කටයුතු කළ නිසා වන්නට පුළුවන. 


ජවිපෙන් මතු වූ සභාග විරෝධයට ආණ්ඩුව සහාය දක්වන්නට හේතුව එය විය හැකි ය. පහත පළ වන්නේ ජවිපෙ අර්බුදය ගැන විජයානි නෝනාගේ ලිපි එකතුවයි. ඇය මුලින් කුමාර මහත්තයාගේ නමවත් හරියට දැන සිටියේ නැති වුණාට දැන් කුමාර මහත්තයාගේ පාර්ශවය පවත්වන රැස්වීම්වලට පවා සහභාගි වන බව පෙනේ. 


ජවිපෙ මූලස්ථානයේ බලය ගන්න යුද්ධයක්




ආණ්ඩුවට එරෙහි ජවිපෙ මඩ මෙහෙයුම් කඩාවැටෙයි




ජවිපේ නායකයන්ට ඉවත් වන්නැයි ප්‍රේමකුමාරගෙන් රතු එළියක්




ජවිපෙ මූලස්ථානයේ සේවය කළ සාමාජිකයෝ 30ක් නෙරපා හැරෙති



මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. අම්මට හුඩු....
    ඒකයි මේ නඩු...

    ReplyDelete
  2. අජිත් පැරකුම්
    මම හිතන්නේ ඔය විදියට නෙවෙයි. මට හිතෙන්නේ ආණ්ඩුව මේ කැඩී ගිය කණ්ඩායමට වැඩි ද්වේශයක් දක්වනු ඇති බවයි. ජවිපෙ කැඩී ගිය කොටස ආණ්ඩුවේ වරප්‍රසාදවලට වැඩ කළ පිරිසක් විය නොහැකියි. චන්දවලදී ලැබෙන බලය කෙසේ වෙතත් ඔවුන් ආණ්ඩුවට ඉතා දරුණු විවේචකයන් විය හැකියි. එක පුවත්පතක් මා දුටුවා කැඩී ගිය පිරිස සූදානම් වන්නේ තුන්වැනි කැරැල්ලකටදැයි අසා තිබුනා. ඒ කියන්නේ ඔවුන්ට හිස එසවීමට දීම භයානක බව නේද මේ මිනිසුන්ට කියන්නේ? ඒ එන්නේ මොකාටද?

    ReplyDelete
  3. ජ වි පෙ තුල මෙවැනි දේ සිදුවන විට පැරකුම්ලා වැනි වම්මු කණ්නාඩියක් ඉදිරිපිටට ගොස් තමන් දෙස බැලිය යුතුය. ඉන්පසු තමන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්ණය නම් අපි උඩදාන වමේ අදහස් මේ කපේදී සමාන්‍ය මිනිසුන්ට ක්‍රියාවේ යෙදවිය හැකි දෙයක්ද යන්නයි.පෞද්ගලික දේපල වෙනුවට පොදු දේපල වෙනුවෙන් පෙනී සිටින වම්මු මගහැර යන දෙයනම් ඉන්පසු මේ පොදු දේපල කළමනාකරනය කරන්න ඉන්නේත් පෞද්ගලික ආශාවන් ඇති මිනිසුන් බව පිලි නොගැනීමයි.මහින්ද,රනිල් ට වඩා වමේ ටිල්වින්, ජාගොඩ හොඳය ඊටත් වඩා පැරකුම් හොඳය ඒ නිසා අපි සියලුම පෞද්ගලික දේපල ජනසතු කර වම්මුන්ගේ සිහින දේශය බිහිකර පැරකුම් වැනි හොඳ හදවත් ඇති වම්මුන්ට පාලනයට භාරදිය යුතුය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා