විජයානිගෙ ආදරේ කුමාර මහත්තයාට සුබ ද? අසුබ ද? / Sri Lanka state-owned Dinamina in love with JVP rebels
ආරක්ෂක අංශ සමග එක්ව වාමාංශිකයන්ට පරිප්පු ඉවීම රස්සාව කරගෙන සිටි දිනමිණේ විජයානි නෝනා ජවිපෙ ප්‍රේමකුමාර් ගුණරත්නම් පාර්ශ්වයට සෙනෙහෙවන්ත වීම තරමක් ප්‍රශ්නකාරී තත්වයකි. පෙනෙන හැටියට නම්, මේ ආදරය ගොඩනැඟෙන්නේ ජවිපෙ සෝමවංශ කණ්ඩායම එජාපය, දෙමළ ජාතික සන්ධානය හා ආණ්ඩුව ඇතුළේ කණ්ඩායමක් සමග එක්ව ආණ්ඩු පෙරළියකට කටයුතු කළ නිසා වන්නට පුළුවන. ජවිපෙන් මතු වූ සභාග විරෝධයට ආණ්ඩුව සහාය දක්වන්නට හේතුව එය විය හැකි ය. පහත පළ වන්නේ ජවිපෙ අර්බුදය ගැන විජයානි නෝනාගේ ලිපි එකතුවයි. ඇය මුලින් කුමාර මහත්තයාගේ නමවත් හරියට දැන සිටියේ නැති වුණාට දැන් කුමාර මහත්තයාගේ පාර්ශවය පවත්වන රැස්වීම්වලට පවා සහභාගි වන බව පෙනේ. ජවිපෙ මූලස්ථානයේ බලය ගන්න යුද්ධයක් අලුත් නායකයා සෝමවංශද-පේ‍්‍රමකුමාරද ආණ්ඩුවට එරෙහි ජවිපෙ මඩ මෙහෙයුම් කඩාවැටෙයි * ‘ලංකා’ බෙදාහැරීමත් නවතී * වෙබ් අඩවි ගණනක් අක්‍රීයයි සෝමවංශ-ටිල්වින්-අනුර-විජිත ප්‍රමුඛ ජවිපේ නායකයන්ට ඉවත් වන්නැයි ප්‍රේමකුමාරගෙන් රතු එළියක් ජවිපෙ මූලස්ථානයේ සේවය කළ සාමාජිකයෝ 30ක් නෙරපා හැරෙති මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න