Posts

Showing posts with the label ජවිපෙ

71 කැරැලිකරුවන් අද කළ යුත්තේ කුමක් ද? සරත් ප්‍රනාන්දු සහෝදරයා සිහිපත් කරමින්

Image
ඡායාරූපය: විකල්ප අද අප්‍රේල් 5දා ය. 1971 අප්‍රේල් කැරැල්ල සමරන දවසයි. උදෙන් නැගිට්ටේ මේ දිනවල මා පරිවර්තනය කරමින් සිටින සරත් ප්‍රනාන්දුගේ ජීවිත කතාවේ අවසන් හරිය අවසන් කරන්නට ය. සරත් ඉංග්‍රීසියෙන් ලියූ පොත ඊයේ නව නගර ශාලාවේදී එළි දක්වන ලදී. පොතේ දොරට වැඩුම දකින්නට ඔහු ජීවත් වූයේ නැත. එහිදී මා කළ කතාවේදී මම ඔහුට ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළෙමි. අලියාට තම පුංචි ඇසින් තම විශාලත්වය නො පෙනෙන්නා සේ සරත් ප්‍රනාන්දු තම ස්වයං ලිඛිත චරිතාපදානය පිටු කීපයකට සීමා කර ඇත. ඔහු පිළිබඳ අප දන්නා බොහෝ දේ ද ඔහුගේ චරිතාපදානයේ නැත. සමාජ සාධාරණත්වය වෙනුවෙන් මුළු ජීවිත කාලය පුරා ම සටන් කළ සරත් ප්‍රනාන්දු සිය ජීවිත කතාව ලියූ ආකාරයෙන් සමාජයට බරපතල අසාධාරණයක් කර ඇති බව මගේ අදහසයි. ඉංජිනේරු උපාධිය අතහැර දමා කැරැලිකරුවකු වී, පසුව සමාජ ක්‍රියාකාරිකයකු ලෙස රට පුරාත්, ලොව පුරාත් සැරිසරමින්, ජනතාව සමග සංවාදගත වෙමින්, දැක්ම නිර්මානය කරන්නකු ලෙස ඔහු රැඟූ විශිෂ්ට භූමිකාවේ ඓතිහාසික උරුමය ඔහුගේ පොතෙන් සමාජයට ලැබෙන්නේ අඩුවෙනි. 71 කැරැලිකරුවන් වී, ඉන් පසු සමාජ ක්‍රියාකාරිකයන් ලෙස සුවිසල් වැඩකොටසක් කළ, දැන් ජීවිතයේ සැඳ...

අනේ මං ඌවෙ හිටියා නම්

Image
ඌව පළාත් සභා මැතිවරණය අත ළඟ ය.  මං ඌවේ හිටියා නම් ඡන්දය දෙන්නේ ජවිපෙට ය.  හේතු මෙසේ ය.  ජවිපෙ වනාහි පීඩිත පංති නියෝජිත පක්ෂයකි. පීඩිත ජනතාව විඳින දුක ගැන ඔවුන්ට අවබෝධයක් ඇත. ඔවුන්ගේ හඬ නංවන්නට ජවිපෙට හැකියාව තිබේ. සමන්ත විද්‍යාරත්නගේ හඬ උෟවේ දිළින්දන්ගේ හඬයි.  රාජපක්ෂ පවුල නම් පිළලය ලංකාවේ පැළ කළේ ජවිපෙ නිසා, ඒ පිළලය උදුරා දමන්නට ජවිපෙ ඉදිරිපත් වී සිටින විට අපි එයට උදව් කළ යුතු ය. මන්ද, ඔවුන් එය සිය වගකීමක් ලෙස සලකන බව පෙනෙන හෙයිනි.  රාජපක්ෂ පවුල විසින් මඩ කර තිබෙන දූෂණය නම් පල් වලෙන් දිය බී දූෂිත වී සිටින ජනතාවට බොරු සීලයක් පිරීම සඳහා ජවිපෙ යොදා ගත හැකි ය. එ් කියන්නේ තමන් ද දූෂණයට විරුද්ධ බව බොරුවට පෙන්වන්නට ජවිපෙට ඡන්දය දිය හැකි ය.  පළාත් සභාවේ ජවිපෙ තීරණාත්මක සාධකයක් වූ විට දූෂිත එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, බඩගිිනිකාර යූඇන්පියටත් හිතන හිතන නැටිලි නටන්නට ටිකක් අමාරු ය. අඩු ගානේ ජනතාවට ඔවුන්ගේ ගැහිලි ගැන දැන ගන්නටවත් ලැබේ.  ඌවේ මහ ඇමති රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් බැවින් ඔහුගේ පළාත් සභාව අවුල් කිරීම හා ඔහුගේ මනාප අඩු කිරීම රාජපක්ෂ පවුල...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොවන ලාල් කාන්ත හා ගනිකා නිවාස හිමිකාරියක් පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ ජීවත් වන්නේ කෙසේ ද?

Image
සුමේධා පළමුවෙනි කතාව: මහජන මුදලින් ඉදි කර පවත්වාගෙන යන පාර්ලිමේන්තු නිවාස සංකීර්ණය තිබෙන්නේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු යාම හා මහජන සේවය වඩා හොඳින් පවත්වාගෙන යාමට ය.  එහෙව් පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයක පදිංචි කාන්තාවක් පසුගිය දිනෙක පොලිිසිය විසින් වටලන ලද ගනිකා මඩමක හිමිකාරිය බව ඔප්පු වී තිබේ. ගනිකා නිවාසය පවත්වාගෙන ගිය හෝටලය බද්දට ගැනීමේදී මෙම කාන්තාව ඇගේ ස්ථිර පදිංචි ලිපිනය ලෙස සඳහන් කර තිබෙන්නේ පාර්ලිමේන්තු නිවාස සංකීර්ණයේ නිවසකි. ඇය ඇමතිනී සුමේධා ජී. ජයසේනගේ ඥාති දියණියකි. මේ ඇමතිවරියට බම්බලපිටියේ තවත් නිල නිවාසයක් තිබේ. දෙවෙනි කතාව: උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා නවකතාවේ දොරට වැඩීමේදී ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත පැවසූ කරුණක් වන්නේ තමන් දැන් කලක සිට ජීවත් වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයක බවයි.  ලාල් කාන්ත කලක් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වී සිටි මුත් 2010න් පසු ඔහු මන්ත්‍රීවරයෙක් නොවේ.  මේ නිවාස දී තිබෙන්නේ කොළඹින් බැහැර පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වඩා හොඳ සේවාවක් සපයන්නට ය. කොළඹ පදිංචි ලාල් කාන...

ජවිපෙ ලාල් කාන්තගේ දුක්ගැනවිල්ල

Image
උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොතේ දොරට වැඩුම වෙලාවේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත දුක්ගැනවිල්ලක් කියා තිබිණි. මගේ දුවගේ අම්මත් හැමදාම අවුරුදු ගාණක් උදේ හතරට නැගිටිනවා. දැන් උසස් පෙළ ඉගෙන ගන්නේ. ටියුෂන්වලට මාසෙට රුපියල් තිස් දහසක් විතර ඕනි. විද්‍යා විෂයන් ඉගෙන ගන්නේ. බිරිඳ ගුරුවරියක්. එයාගේ පඩිය මදි. මට කියක්වත් හම්බ වෙන්නේ නැහැ. එයා තනියම ඒ දුක දරාගෙන වැඩ කරගෙන යනවා. මං කොහේ හරි රට වටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන හාල් පොල් ටිකක් ගෙදරට ගෙනත් දානවා. ඒකෙන් වැඬේ හරියන්නේ නෑ. මං කියනවා රටේම මිනිස්සු අපිට එක එක ප‍්‍රශ්න කියනවා. ගොඩක් අයගේ ප‍්‍රශ්න විසඳනවා. ඒවාට මැදිහත් වෙනවා. එතකොට නෝනා මගෙන් ඇහුවා, ‘‘ඉතින් ඔයා ඇයි බලාගෙන ඉන්නේ. ඔයා මොකක් හරි කරන්න බලන්න.’’ ඔයා දන්නවා මම අවුරුදු 30ක් ජේවීපි එකේ ෆුල් ටයිම්. ශත පහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30. දැන් මට එයා කියනවා අවුරුදු තිහක් ෆුල් ටයිම් කරපු මට ‘ඔයත් මොනව හරි කරන්න බලන්න’. ඒ අම්මා අර අම්මාට වඩා වෙනස් තමයි නමුත් තාමත් දුක් විඳිනවා. (උපුටා ගැනීම නෙත් රේඩියෝව) මේ කියන ආකාරය අනුව තවමත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටු...

පළාත් සභා ඡන්දෙන් පසු මෙතැනින් කොතැනට ද?

Image
බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුවේ බහින කලාව ඇරඹී ඇති බව පැහැදිලි ය. ආණ්ඩුව ‍මේ මොහොතේ පටන් ම සැරසෙමින් ඉන්නේ මේ ජනවරම මංකොල්ල කෑමට ය. ඒ කියන්නේ විපක්ෂ ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීන් මිළ දී ගන්නට ය. ඔබේ මනාපයෙන් පළාත් සභාවට තේරී පත් වූ ගෙම්බන් කීපදෙනෙක් ආණ්ඩුවට එක් වනු දැක සිත කම්පා කර නොගන්නට ජනතාව වග බලා ගත යුතු ය. පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයේ වඩාත් කැපී පෙනෙන වෙනස ජවිපෙ නැගීමයි. අප ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පිබිදීම එතරම් නොතකන්නේ ඉතිහාසය පුරා ම මෙවැනි පුද්ගල කේන්ද්‍රීය සෝඩා බෝතල්වලට වැඩි ආයුෂක් නො තිබුණු නිසා ය. ජවිපෙ සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නේ තමන්ට සුපුරුදු අන්දමින් බිම් මට්ටමින් වැඩ කරන්නේ නැතිව වීම විශේෂයකි. ගෙන් ගෙට කැන්වසින් යාම, පෝස්ටර් ගැසීම, ‍කොඩි දැමීම වැනි ජවිපෙ සම්ප්‍රදායික ප්‍රචාරණ කටයුතු මෙම මැතිවරණයේදී එතරම් පුළුල්ව සිදු කෙරුණේ නැත. එයට ප්‍රධාන හේතුව ජවිපෙ බිම් මට්ටමේ ක්‍රියාකාරී බලවේගය පක්ෂයෙන් ඉවත් වී යාමයි. ජවිපෙ ඡන්ද ලබා ගත්තේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙතින් ලද ආවරණය නිසා ය. නායකත්ව වෙනස හා අනුර කුමාර දිසානායක තුළින් ප්‍රදර්ශනය ...

සුමතිපාල මානවඩු සහෝදරයාට අවසන් ගෞරව දක්වන්නට ගිය අජිත් කුමාර මන්ත්‍රීවරයාට පහර දීම

Image
ජවිපෙ ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක, දුම්රිය වෘත්තීය සමිති නායක, දේශපාලන ක්‍රියාකාරික සුමතිපාල මානවඩු සහෝදරයා අපෙන් සමු ගත්තේ ය.  ඔහු වෙනුවෙන් අපට කළ හැකි ආචාරය ලෙස මෙම සටහන සැලකිය හැකි ය. මන්ද, ඔහුගේ ජීවිතය ආශ්‍රය කරගෙන සමාජවාදී සංවාදය ‍පෝෂණය කිරීම වඩා වැදගත් යයි අපි සිතමු. ඔහුට අවසන් ගෞරව දක්වන්නට පැමිණි පෙරටුගාමී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාරට ජවිපෙ සාමාජිකයෝ පහර දුන් හ. ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ගේ ක්‍රියාකලාපය පෙන්නුම් කරන්නේ ඔහු එම ප්‍රහාරය අනුමත කරන බවයි. දැන් ඔහු කියන්නේ පොලිසියේ පැමිණිල්ලක් නැති බැවින් එවැනි සිද්ධියක් සිදු වී නොමැති බවයි.  ජවිපෙ 1971දී රට පුරා පොලිස් ස්ථාන රැසකට පහර දෙමින් කැරැල්ලක් ආරම්භ කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස දහස් සංඛ්‍යාත තරුණ පිරිසක් මිය ගිය හ. 1989දී ද එවැනි ම දෙයක් සිදු විය. ජවිපෙ විසින් මතු කරන නීති තර්ක මෙතැනදී අදාළ වන්නේ කෙසේ ද? ජවි‍පෙ ඇතුළු ගතානුගතික වාම දේශපාලනය හා වෙනත් ක්‍රම විරෝධී අරගල තුළ සාමාන්‍ය මිනිස් ගුණධර්ම දක්නට නො ලැබීම ඇත්තෙන් ම බරපතල අර්බුදයකි. තමන් සමග කලක් එකට සිට මතවාදී හෝ ප්‍රායෝගික...

අනුර කුමාර දිසානායක සහෝදරයාට ලියුමක්

Image
හිතවත් අනුර සහෝදරයා, ජනප්‍රිය සංකේතයක් වන ඔබ ජවිපෙ නායකත්වයට පත් වීම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ බලාපොරොත්තු සහගතවයි. ඒ අනුව ඇත්තෙන් ම පිම්මක් පැනීම සඳහා අලුත් ගැම්මක් ඇති වී තිබේ.  2004දී පැනගත් ජාතිවාදී පිම්ම වැනි පිම්මක් නොව, වඩා සමාජවාදී පිම්මක් පැනීම සඳහා මෙය ඉවහල් කර ගත හැකි වාතාවරණයක් නිර්මානය වී තිබේ. පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ම ඔබ විසින් කරන ලද කාර්ය භාරය හේතුවෙන් ජවිපෙ නියෝජනය සභාවල තිබිය යුතු ය යන අදහසක් ද සමාජයේ තිබේ. ඒ නිසා ඔබට අහිමි වී තිබෙන ඡන්ද පදනමේ හිස් තැන ද පාවෙන ඡන්දවලින් පුරවා ගත හැකි වනු ඇත.  එහෙත්, ජවිපෙ තුළ සිදු වූ ඛන්ඩනයෙන් පසු වත්මන් ජවිපෙ කාවන්ධය නැති හිසකි. ‍එසේම පෙර‍ටුගාමී පක්ෂය ගැන කිව හැක්කේ එය හිසක් නැති කාවන්ධයක් ය කියා ය.  ජවිපෙ කාවන්ධය හිසෙන් ගැලවී ගියේ ඇයි ද යන්න ඔබ ගැඹුරින් සිතා බැලිය යුතු ය. ඔබේ ම භාෂාවෙන් ම කියනවා නම් ජවිපෙ හිස කාලාන්තරයක් තිස්සේ ශරීරයට දුන්නේ ‍ගේම් ය. බලය සඳහා වූ ප්‍රතිගාමී ක්‍රියාමාර්ග ගැනීම සඳහා කුමාර් ගුනරත්නම් ද ඇතුළු ජවිපෙ හිස කඳට අම්බානක් ගේම් දුන්නේ ය. විමල් වීරවංශ වැනි අය නිර්මානය වුණේ ද මෙම ගේම් ...

විජේවීරගේ පරමාදර්ශය හා අද දවසේ ජීවනාදර්ශ

Image
රෝහණ විජේවීර මරා දමා අදට 24 වසරකි. ක්‍රමයෙන් අඩු වී යන උනන්දුවකින් යුතුව ජවිපෙ විසින් 'ආදරණීය රෝහණ විජේවීර සහෝදරයා' සමරමින් සිටියි. අප කිසියම් පුද්ගලයකු සැමරිය යුත්තේ වර්තමානයට ඔහු අදාළ කර ගනිමිනි. මාක්ස්, එංගල්ස්, ලෙනින්, චේ, ගාන්ධි වැනි අය අදටත් අදාළ දාර්ශනික හා ජීවන භාවිතාවන් හඳුන්වා දුන් අයයි. රෝහණ විජේවීර වර්තමානයට අදාළ වන්නේ කෙසේ ද? ඔහු ලංකාවේ කළ මැදිහත්වීම දෙස මැදහත් සිතින් බලන්නට අපි ඔබට ආරාධනා කරමු. ඔහු විසින් නායකත්වය දෙන ලද කැරැලි දෙක ම අතිශය ප්‍රචණ්ඩ ඒවා වූ බව ඇත්ත ය. එහෙත්, ලොව සියලු යුගවල විප්ලවීය අරගල හැමෙකක් ම පාහේ ප්‍රචණ්ඩ ‍ඒවා විය. සමාජ වෙනස්කම් සඳහා මහජනයා අවදි කිරීමේ සංවාදයක්ඇති කිරීමේ අයිතියක් නායකයන්ට තිබේ. එම සංවාදයට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීමේ අයිතියක් පවත්නා තත්වය වෙනුවෙන් පෙනී සිටින්නන්ට නැත. ප්‍රචණ්ඩත්වයට මෙම දෙපාර්ශ්වය ම වගකිව යුතු ය. කැරැලිවල මූලය ඇත්තේ මර්දනය තුළයි. ප්‍රජාතන්ත්‍රවාදී අන්දමින් සිදු වූ සමාජ විපර්යාස අවම ය. ඒවා හැම විට ම ප්‍රචණ්ඩත්වය සමග බැඳී තිබිණි. ජේ.ආර්. ජයවර්ධන ලංකාවේ ආර්ථිකය විවෘත කළේ ද ප්‍රචණ්ඩත්වය භාවිතා කරමිනි. ...

විමල්ගේ පාපැදි ගමන

Image
විමල්ගේ පාපැදි ගමන දුටු විට අතීත කතාවක් මතක් විය. ජනතා විමුක්ති පෙරමුණේ පංති පහෙන් එක් පංතියක් වූ පක්ෂ ඉතිහාසය පංතියේ පක්ෂය ගොඩනැඟීම වෙනුවෙන් රෝහණ විජේවීරගේ කැප කිරීම් උත්කර්ෂයට නංවන ලදී. එහි කියැවුණු එක් කරුණක් වන්නේ පක්ෂය ගොඩනැඟීම සඳහා රෝහණ සහෝදරයා මුට්ට කර ගැසීම පවා කර තිබෙන බවයි. එසේම, ගමන් බිමන් යාම සඳහා මුදල් නැති නිසා ඔහු බස් රියවල හොරෙන් ද ගොස් තිබේ. 1983 තහනමෙන් පසු රහසිගතව පක්ෂය ගොඩනැඟීමේ කාර්යයට උර දී සිටි මෙම ලිපිය ලියන මම ද, විමල් වීරවංශ වැනි අය ද, ජවිපෙ නායකයන්ගේ මේ කැප කිරීම් මහත් භක්තියෙන් යුතුව අනුගමනය කළෙමු. පක්ෂයේ වැඩවලට එහෙ මෙහෙ යාමට මුදල් නැති නිසා මම සෑහෙන්න බස්වල හොරෙන් ගොස් ඇත්තෙමි. ඉදිරි දොරටුවෙන් බසයට නැග 'පාස්' ය කියා යද්දී කොන්දොස්තරවරු එතරම් ඒ ගැන සොයා බැලුවේ නැත්තේ ඇයිදැයි මට ප්‍රහේලිකාවකි. වතාවක්, දෙකක් ටික්කන්ගෙන් බේරුණේ අනූ නමයෙනි. වරක් පෝස්ටර් මිටියක් සමග කෝච්චියේ හොරෙන් යද්දී හදිසි පරීක්ෂාවකට ලක් වීම නිසා මම පානදුරේදී දුවන කෝච්චියෙන් ද පැන්නෙමි. ඒ කාලයේ මේවා මහා වීරකම් ලෙස පක්ෂය විසින් අගය කරන ලදී. ඒත්, ඇත්තෙන් ම පක්ෂය තරුණ අපේ ජීවිත ...

බල සේනාවලට කැසිනෝවලට විරුද්ධ වෙන්න බැරි ඇයි?

Image
ඔස්ට්‍රේලියානු ජාතික ජේම්ස් පැකර් කැසිනෝ ව්‍යාපාරිකයාට රජය සුවිසල් සහන ප්‍රමාණයක් සලසා ඇති බව පවසන අධිරාජ්‍ය විරෝධී ජනතා ව්‍යාපාරයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමි සිංහල බෞද්ධයන් ගැන මහත් කැක්කුමකින් කටයුතු කරන බල සේනා බලකායවල් ඒ ගැන නිශ්ශබ්ද ඇයිදැයි ගිය සතියේ ප්‍රශ්න කළේ ය.  අස්ගිරි මහ නාහිමිත් කැසිනෝවලට එරෙහිව හඬ නැඟුවේ ය.  ජාතික පොලිස් කොමිෂමේ සාමාජික ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් පවසන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීම ඊට වඩා වැදගත් බවයි.  හාමුද්රුවනේ පැහැදිලි ය. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙන්නේ දිගින් දිගට ම 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වැනි මාතෘකාවල එල්ලෙමින් කල් ගන්නට ය. එහෙත්, ඒ අතර ආර්ථිකය ගරා වැටෙමින් තිබෙන්නේ දිළින්දන්ගේ ජීවිත මතට කෑලි හැලෙමිනි. කුමක් වෙනුවෙන් කෙතරම් කලක් ගන්න ද? ආණ්ඩුවට වැලේ වැල් නැත. ජාත්‍යන්තර වශයෙන් ඇති කරගෙන තිබෙන ආරාවුල් හා සමාජ සංහිඳියාව ඔස්සේ දේශපාලන ස්ථාවරත්වය ගොඩනැඟීමට අසමත් වීම නිසා නිසා ආණ්ඩුවට පිළිගැනීමක් සහිත විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට බැරි වී තිබේ. සමාජයේ ප්‍රවර්ධනය කරනු ලබන අධික ධනකාමය නිසා ඉහළ යන වෙළඳ ...

ජවිපෙ විදුලි පෙළපාලියට විමලුත් ඇවිත්

Image
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව අද කොළඹදී ජවිපෙ විසින් පවත්වන ලද පෙළපාලියට විමල් ද පැමිණ සිටියේ ය. ටයි කෝට් ඇඳ සිටිය ද දැන් අලුතෙන් බැඳුණු අයකු සේ නැවත බර ඇද සුදුසුකම් ලබා ගත යුතු නිසාදෝ ඔහු ලයිට් කණුවකට කර ගසා සිටියේ මෙලෙසයි. (ඡායාරූපය ලංකා ටෲත් වෙබ් අඩවියෙනි) කියවන්න:  රාජපක්ෂ පාලනයේ හේමන්ත ඍතුව මනරංජන වැඩ වර්ජන - ජනරංජන ශ්‍රී රෝහණ බෞද්ධයිනි, බොදු බල සේනාවේ ෂාරියා බුද්ධාගමික ප්‍රවණතාවට එරෙහි වෙමු   මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න Read in English blog.parakum.com

'පළමුව මරණය - දෙවනුව මව්බිම' හෙවත් මැයි 21දා‍ වර්ජනය

Image
මැයි 21දින වැඩ වර්ජනයක් කැඳවා තිබේ. කැඳවා තිබේ යයි කීවේ ඒ වර්ජනය වෙනුවෙන් තීන්දු ගැනීමට මා හෝ මගේ වෘත්තීය සමිතියේ නායකත්වය හෝ සහභාගි නොවූ නිසා ය.  පෙනෙන විධියට මේ වනාහි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ කැඳවීමකි. ඔවුන්ගේ භාෂාවෙන් කියන විධියට කුරුට්ටන්ගේ කැඩී යාමෙන් පසුව ඇති වී තිබෙන තත්වය තුළ මෙහෙම ගියොත් කැඳත් නැතිව යන්නට පෙර කළ කැඳවීමකි. රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට කළ කැඳවීමකි.  දැන් මෙතැන ඇති ප්‍රශ්නය මේ වර්ජනය ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ වෙයිද කියා ය.  අනුර කුමාර දිසානායක හිටපු ඇමතිතුමා කියන පරිදි 21 වර්ජනයෙන් පසු 23 උද්ඝෝෂණයක් පැවැත්වේ. 'අහේතු කාලේන කජ්ජේන පුහුලං' කියා විහිළු ශ්ලෝකයක් තිබේ. ඒ කියන්නේ අහේතු කාලයට කජ්ජ ගහේ තිබියදී පුහුලම වැටෙනවාය කියා ය. අපි දන්න විධියට නම්, කම්කරුවෝ වර්ජනය තෝරා ගන්නේ අනෙකුත් ක්‍රියාමාර්ග සියල්ල අසාර්ථක වූ පසු ය. දැන් ක්‍රමය එහෙම නොවේ. මුලින් මාරාන්තික උපවාස කරනවා ය. ඊට පස්සේ මහා වැඩ වර්ජනයක් කරනවා ය. ඉන් පසු එක් දින සංකේත වර්ජනයක් කරනවා ය. ඊට පස්සේ ඒ වර්ජනය ගැන ජනතාව දැනුවත් කරන්නට පත්‍රිකා බෙදනවා ය. ඊට පස්සේ පිකටිං එකක් ක...

අන්ජාන් උම්මා

Image
අන්ජාන් උම්මා ගුරුවරියක ලෙස සේවය කළ සාමාන්‍ය පංතික මුස්ලිම් ගැහැනියකි. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇය පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලදී.  ජවිපෙ සාමාජිකාවක වීමේ වෙනස හැර වෙනත් සුවිශේෂ දක්ෂකමක් නොතිබුණු ඇය සාමාන්‍ය ගැහැනියකි. අඩුතරමේ ෆේරියල් අෂ්රෆ්ට තිබුණු පවුල් සබඳකම් හෝ ඇයට තිබුණේ නැත. ඇය ඉහළට එසවුණේ තනිකරම ජවිපෙ ගැන විශ්වාසය තබා ඡන්දය දුන් ජනතාව නිසාය. 2004 ඡන්දයේදී ජවිපෙ පොල්පිත්තක් ඉදිරිපත් කළත් එය පාර්ලිමේන්තුවට යනු ඇත. ඇත්තෙන්ම කීවොත් ජවිපෙන් පාර්ලිමේන්තු යැවූ වැඩිදෙනෙකු හා පොල්පිති අතර ලොකු වෙනසක් නැත. මෙය සමස්ත පාර්ලිමේන්තුවටම වුව අදාළ විය හැකිය.  කෙ ස ේ වෙතත් සාමාන්‍ය මුස්ලිම් ගැහැනියක මෙ ස ේ පාර්ලි ම ේන්තුවට පත්කිරීම ජවි පෙ කළ උදාර කටයුත්තක් ලෙස සැලකිය හැකිය. එ හෙත්, ජවි පෙට ම ොළය ඇති මුස්ලිම් නායිකාවක නිර්මානය කර ගන්නට බැ රිවීම කණගාටුදායකය.  තමන්ට ඡන්දය දුන් ‍ජනතාවට අන්ජාන් උම්මා දැක්වූ උපහාර මාලාවේ අලුත්ම පියවර ලෙස ඇය ඊයේ එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වයද ලබාගත්තාය. අනේ පව් රනිල්!  අපට කීමට ඇත්තේ එපමණි.  මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් ...

අප්‍රේල් කැරැල්ල සිදු වූ මාසය කුමක් ද? (දිවයිනේ පිළිතුර නොවැම්බර්)

Image
ලංකාවේ පුවත්පත් කර්තෘවරුන් හා මාධ්‍යකරුවන්ට භාෂා දැනුම හා සාමාන්‍ය දැනීම නැතිකම බරපතල ප්‍රශ්නයකි.  සමාජය මෙම නූගතුන් උගතුන් හා බුද්ධිමතුන් ලෙස සලකන අතර, අනාගත පරම්පරාවල ඥානය පාලනය කිරීමේ හැකියාව ද මොවුන්ට තිබේ. මෙය අතිශය කණගාටුදායක තත්වයකි. පහත වාර්තාව කියවන්න.  ඉල්මහ සමරුව අද අජිත් අලහකෝන් (දිවයින) ජනතා විමුක්‌ති පෙරමුණේ ඉල්මහ සමරුව අද (05 දා) සවස 3.30 ට විහාරමහා දේවී එළිමහන් රංග පීඨයේදී පැවැත්වේ. මෙහිදී රෝහණ විඡේවීර මහතා විසින් කළ දේශන දෙකක්‌ ඇසුරින් සකස්‌ කළ "වියට්‌නාම් විප්ලවය ආරක්‍ෂා කරමි" සහ "රතු ඔක්‌තෝබරයේ පාඩම්" යන පොත් දෙක එළිදැක්‌වීමද සිදුකෙරේ. ඉල්මහ විරු සමරුව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

ජවිපෙ බෙදීම ඇතුළේ ම වැඩක්දැයි ආණ්ඩුවට සැකලු

මේ වන විට ආණ්ඩුව සිය අංක එකේ සතුරා ලෙස ජවිපෙ වාම පාර්ශ්වය පත් කරගෙන තිබේ. ආණ්ඩුවට සිය පැවැත්ම සඳහා ශක්තිමත් සතුරකු අවශ්‍ය ය. ඒ එකී සතුරාට එරෙහිව මාධ්‍ය මෙහෙයවීමට ය. එකී සතුරා කොටි සංවිධානය සමග ගැට ගසා, කොටි ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැට ගසා, මුළු ලෝකය ම ලංකාවට එරෙහි යයි කියා ඒ සතුරන්ගේ තුමන්ත්‍රණවලින් රට බේරා ගැනීමට පෙරට එන්නැයි ඉල්ලා සිටින්නට ආණ්ඩුවට පුළුවන. රටේ බඩු මිළ ඉහළ යාම, මූර්ත වැටුප් අඩු වීම, බදු බර ඉහළ යාම, අනාගතය අනාරක්ෂිත වීම වැනි හේතු මත ඇති වන ජනතා අසහනය යටපත් කිරීමට එමගින් පුළුවන. අදත්, සමාජයේ දේශපාලනික වශයෙන් ක්‍රියාකාරී‍ කොටස් සරසවි සිසුන්ගේ සටන් දෙස සුබවාදී ඇසකින් බලන මුත්, අදේශපාලනික කොටස් සිසුන් දෙස වෛරයෙන් බලති. රටේ බහුතරයක් දිළින්දන්ට සේ ම තමන්ට ද පෞද්ගලික විශ්ව විද්‍යාලයකට දරුවකු ඇතුළත් කර ගන්නට වත්කමක් නැති වුණත් ඒවා හොඳ යයි කියති. මේ වන විට විශ්ව විද්‍යාලවල රැඩිකල් බලවේග සිය අණසක පැතිරවීමට සමත් වී ඇති අතර උසස්පෙළ ප්‍රතිඵල ගැටලුවට, පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට හා සරසවි පරිපාලනය සඳහා පත් කර ඇති බත්බැලයන්ටත්, උසස් අධ්‍යාපන ඇමති එස්. බී. දිසානායකටත් එරෙහිව ශක්ති...

ප්‍රේමකුමාර් ගුනරත්නම් සැගවී ඉන්නේ ඇයි?

Image
ජවිපෙ කැරැලිකාර කණ්ඩායමේ සැඟවුණු නායක ප්‍රේමකුමාර් ගුනරත්නම්ගේ බිරිඳ වන ඔස්ට්‍රේලියාවේ පදිංචි චම්පා සෝමරත්න නිවාඩුවකට පැමිණ රටින් පිටව යද්දී ගුවන් තොටුපළේදී ප්‍රශ්න කිරීමට භාජනය වීම පුවත්පත්වල වාර්තා විය. ගුනරත්නම් කොටි සංවිධානයේ කේ.පී. වැනි ජාත්‍යන්තර ත්‍රස්ත නායකයෙක් නො වේ. ඔහු කර ඇති වරද ලෙස පෙනෙන්නේ ව්‍යාජ හැඳුනුම්පත් හා ගමන් පලපත්‍ර භාවිතා කිරීමයි. එහෙත්, ඒවා ව්‍යාජ ද යන්න ද පැහැදිලි නැත. මිනිසකුට සිය නම වෙනස් කර ගැනීමට හිමිකමක් ඇත. සාමාන්‍ය මධ්‍යම පංතික සිහින සහිත පවුලක් හිමි මේ පුද්ගලයා අනවශ්‍ය ලෙස සැඟවී සිටින්නේ මන් ද? ඔහු පිළිබඳ තොරතුරු බුද්ධි අංශවලට දුන්නේ ඔහු රහසිගත ජීවිතයකට තල්ලු කළ අය විසින් ම බවට චෝදනා ඇත. ජවිපෙ මෙවැනි රහසිගත නායකයන් පවත්වාගෙන ගියේ පක්ෂය වෙනුවෙන් සිය දිවි කැප කර සිටි පහළ සාමාජිකයන් තුළ සමාජවාදය පිළිබඳ බලාපොරොත්තුව හා විශ්වාසය පවත්වාගෙන යන්නට ය. අද දවසේ ධනේශ්වර දේශපාලනය සමග සන්ධානගතව නායකයන් විවිධ වැරදි දේශපාලන ක්‍රියාකාරිත්වයන්හි යෙදී සිටියත් පක්ෂයේ සමාජවාදය කෙරෙහි ‍කැපවීම නො නැසී ඇති බව සාමාජිකයන්ට මාකට් කළේ ප්‍රේමකුමාර් ගුනරත්නම් වැනි අය විසින...

ජන අරගල ව්‍යාපාරයක්? හ්ම්හ්, නරක නැහැ අදහස

Image
ජවිපෙ ඛන්ඩනය මේ වන විට ආයතනගත හෙවත් පෙරටුගාමී පක්ෂවාදී ජවිපෙ කණ්ඩායම හා ඒ රාමුවෙන් පිටතට පැමිණි කණ්ඩායම ලෙස සලකුණු වෙමින් ඇතැයි අපට සිතේ. පීඩිත පංතියේ විමුක්තිදායකයා යයි කියන පෙරටුගාමී පක්ෂය රැක ගැනීම උදෙසා ය යි කියමින් ජවිපෙ නායකයෝ හෘදය සාක්ෂිය, සහෝදරත්වය හා මනුස්සකම පවා දෙවන තැනට දමමින් පක්ෂය ආරක්ෂා කර ගත් හ. ආරක්ෂා කර ගත්තේ ද වෙන කාගෙන්වත් නොව පක්ෂයෙන් ම ය.  පක්ෂයත් හරියට කවිය වැනි දෙයකි. කවිය කවිය සඳහා යි කියන්නා සේ පක්ෂය ද පක්ෂය සඳහා ය. මිනිසුන් සඳහා නො වේ. කොටස් වෙළඳපල ප්‍රජාතන්ත්‍රවාදය තුළ ක්‍රියාත්මක වන සමාගම් ද මෙවැනි ය. ප්‍රාග්ධනය එක් රැස් කරමින් වැඩෙන මේ සමාගම්වලින් ඒවායේ කොටස් හිමියන්ට එතරම් ඍජු ප්‍රතිලාභයක් නැත. සමාගම් ද සමාගම් සඳහා වැනි ය. ජවිපෙන් කැඩුණු පසු කැඩුණු අය පක්ෂය හඳුන්වන්නේ කොම්පැනිය කියා ය. පක්ෂයෙන් කැඩුණු අය මොන මොනවා කතා කරනවාදැයි අපි දන්නේ නැත. එහෙත්, ඔවුන් සිය සංවිධානයට දමන්නට යන නම ජන අරගල ව්‍යාපාරය යි කියනු ලැබේ. පක්ෂය කියන වදන වෙනුවට ව්‍යාපාරය යන වදන පාවිච්චි කරන්නට ඔවුන් අදහස් කළේ ඇයි? පක්ෂයක් සහ ව්‍යාපාරයක් අතර ඇති ප්‍රධාන වෙනස වන්නේ...

ජවිපෙ වාමාංශය මේ එන්නේ කොටුවෙන් පිටට ද?

Image
එදා ඔබ වැළඳ ගත් සහෝදරයෝ අද ඔබේ සැක කරති. ඔබ පාදස්තල මත නංවා පිළිම ලෙස පිදුවෝ අද ඔබේ සිරුරු පරීක්ෂා කරන්නට අවශ්‍ය බව කියති. ඔබේ දහදිය මහන්සියෙන් ඉදි කළ ඔබේ පක්ෂයේ මූලස්ථානය අද ඔබට තහනම් කලාපයකි. අද ඔබ ද ද්‍රෝහීහු පිරිසකි. ලෝකයේ බහුතරය ඔබ වැනි ද්‍රෝහියෝ ය. ඉතින් ඔබත් ලෝකය සමන්විත වී ඇත්තේ සහෝදරයන්ගෙන් හා ද්‍රෝහීන්ගෙන් පමණකැයි සිතා සිටි සමය නිමා වී ද? ඔබ ම තනා ගත් සිරගෙදරකින් පිටතට තබන ඔබේ පා යථාර්ථයේ මහ පොළව පාගන්නට සමත් වේ ද?  රතු කොඩිවල, දෑකැති මිටිවල, මාක්ස් එංගල්ස් ලෙනින් රූපවල සෙවණේ සිදු වන නොමිනිස්කම් හඳුනා ගැනීමට ඔබ සමත් වේ ද?  ජවිපෙ නිල අයිතිය වෙනුවෙන් දැඩිව සටන් නො කරන්නට ඔබ තීරණය කර ඇති බව අපේ නිරීක්ෂණයයි. එහෙත්, ඔබ කරන්නට යන්නේ කුමක්ද යන්න අපට තවමත් පැහැදිලි නැත. 

ජවිපෙ මධ්‍යම කාරක සභාව හෙට - බහුතර බලය සෝමවංශ පිලට

ජවිපෙ මහ ලේකම් ටිල්වින් සිල්වා පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවා එහි සාමාජිකයන්ට ලියුම් යවා තිබේ.  එම මධ්‍යම කාරක සභා රැස්වීම හෙට පැවැත්වීමට නියමිත ය.  ජවිපෙ නායකත්වයේ මෙම තීරණය ප්‍රේමකුමාර ගුනරත්නම් පාර්ශ්වය අන්දමන්ද කර ඇති බව වාර්තා වේ. හෙට මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳ ඔවුන් තවමත් තීරණ්‍යකට එළැඹ නැත.  මේ වන විට ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සංයුතිය මෙසේ ය.  සාමාජික ගණන 23යි. අපගේ නිරීක්ෂණ අනුව, ඒ අතරින් බහුතරයකගේ සහයෝගය හිමි වන්නේ සෝමවංශ අමරසිංහ පාර්ශ්වයටයි.  සෝමවංශ අමරසිංහ පාර්ශ්වය:  ටිල්වින් සිල්වා සෝමවංශ අමරසිංහ අනුර කුමාර දිසානායක විජිත හේරත් නිහාල් ගලප්පත්ති සුනිල් හඳුන්නෙත්ති කේ.ඩී. ලාල් කාන්ත බිමල් රත්නායක ලක්ෂ්මන් නිපුනආරච්ච් සමන්ත විද්‍යාරත්න නලින්ද ජයතිස්ස මහින්ද ජයසිංහ ප්‍රේමකුමාර් ගුනරත්නම් පාර්ශ්වය: ජී. කුලරත්න පුබුදු ජයගොඩ දිමුතු ආටිගල අජිත් කුමාර එස්.කේ. සුබසිංහ රාමලිංගම් චන්ද්‍රසේකරන් දිමුතු අබේකෝන් වරුණ රාජපක්ෂ දුමින්ද නාගමුව චමීර කොස්වත්ත ජිනදාස කිතුලෙගොඩ * * ජිනදාස කිතුලෙගොඩගේ පක්ෂපාතිත්වය පිළිබඳ මෙම සටහන...