'පළමුව මරණය - දෙවනුව මව්බිම' හෙවත් මැයි 21දා‍ වර්ජනය

මැයි 21දින වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

කැඳවා තිබේ යයි කීවේ ඒ වර්ජනය වෙනුවෙන් තීන්දු ගැනීමට මා හෝ මගේ වෘත්තීය සමිතියේ නායකත්වය හෝ සහභාගි නොවූ නිසා ය. 

පෙනෙන විධියට මේ වනාහි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ කැඳවීමකි. ඔවුන්ගේ භාෂාවෙන් කියන විධියට කුරුට්ටන්ගේ කැඩී යාමෙන් පසුව ඇති වී තිබෙන තත්වය තුළ මෙහෙම ගියොත් කැඳත් නැතිව යන්නට පෙර කළ කැඳවීමකි. රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට කළ කැඳවීමකි. 

දැන් මෙතැන ඇති ප්‍රශ්නය මේ වර්ජනය ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ වෙයිද කියා ය. 

අනුර කුමාර දිසානායක හිටපු ඇමතිතුමා කියන පරිදි 21 වර්ජනයෙන් පසු 23 උද්ඝෝෂණයක් පැවැත්වේ. 'අහේතු කාලේන කජ්ජේන පුහුලං' කියා විහිළු ශ්ලෝකයක් තිබේ. ඒ කියන්නේ අහේතු කාලයට කජ්ජ ගහේ තිබියදී පුහුලම වැටෙනවාය කියා ය.

අපි දන්න විධියට නම්, කම්කරුවෝ වර්ජනය තෝරා ගන්නේ අනෙකුත් ක්‍රියාමාර්ග සියල්ල අසාර්ථක වූ පසු ය. දැන් ක්‍රමය එහෙම නොවේ. මුලින් මාරාන්තික උපවාස කරනවා ය. ඊට පස්සේ මහා වැඩ වර්ජනයක් කරනවා ය. ඉන් පසු එක් දින සංකේත වර්ජනයක් කරනවා ය. ඊට පස්සේ ඒ වර්ජනය ගැන ජනතාව දැනුවත් කරන්නට පත්‍රිකා බෙදනවා ය. ඊට පස්සේ පිකටිං එකක් කරනවා ය. ඊට පස්සේ පෝස්ටර් ගහනවා ය. ඊට පස්සේ ඉල්ලීම් නොදුන්නොත් වර්ජනය කරනවා ය කියා ආණ්ඩුවට ලියුමක් ලියනවා ය. වැඩබිම් මට්ටමෙන් කම්කරුවන් දැනුවත් කරන්නේ අන්තිමට ය. 

දැන් රට පාලනය කරන්නේත්, පාලනයට විරුද්ධ වන්නේත්, ජනතාව සංවිධානය කරන්නේත්, ආණ්ඩු පෙරළන්නේත් ප්‍රවෘත්ති නිර්මානය හරහා ය. ‍ධනවාදය කෙතරම් සංකීර්ණ වී තිබේ ද යත්, ක්‍රම විරෝධී යයි කියන ව්‍යාපාර වැඩ කරන්නේ ධනවාදය විසින් ඒ වෙනුවෙන් වෙන් කර තිබෙන අවකාශය තුළ ය. (ස්වයං විවේචනාත්මකව බැලුවාම මේ ‍බ්ලොගය ලිවීමත් එවැනි ය.)

කොහොම වුණත් මම නම් 21දා වර්ජනය කරමි. 23දා උද්ඝෝෂණය කරමි. අලුත් විදුලි බිල පැමිණි පසු දත්මිටි කමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ගතානුගතික වෙන්නවත්, සම්ප්‍රදායික වෙන්නවත් ඕන නෑ. එහෙම කලානම් යුද්දෙත් තාම කරනවා. අනුපිලිවල නොවෙයි වැදගත්, රිද්දන්න පුළුවන් උපරිමයයි වැදගත්. ඊයෙත් සාර්ථකයි, ඊයේ ආන්ඩුවේ බල්ලෝ නැට්ට පුකේ ගහගෙන ගෙදර ගියා. පොලීසිය කී තැනකදි දැඟලුවද ඉස්ටේසම ගාවට එන එක නවත්තන්න. "21" ත් අනිවාර්යයෙන් සාර්ථකයි..

    කළ යුත්තේ මෙයයි, නැතිව පෙරටුගාමී එකේ පසුගාමින් කියනවා වගේ බිල් නොගෙවා ඉන්න එක නෙමෙයි. "21" සාර්ථක උනත් නැතත්, ආන්ඩුව දැනටමත් බයවෙලා වැඩි කරපුවා සෑහෙන අඩු කරලා තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. බලන්න මාතලන් තාත්තා කෙනෙක් වගේ පැරා ට කියලා දෙන හැටි......ඉස්සෙල්ලා පෝස්ට් එකෙදිත් පැරා ට ගම්බයීයෙක් වෙන්නෙ නැතුව නියම සමාජ් වාදියෙක් වෙන හෑටි කියලා දුන්නා....

      පැරා මේ කියන දේවල් හොදට තේරුම් ගනින්..උඹේ මෝලේට මේවා බර වැඩි නම් ආයේ අහලා සැක හැර ගනින්....මාතලන් තාත්තා උඹට හොදට කියලා දෙයි....

      Delete
    2. ඔන්න ලංකාවේ සාම්ප්‍රදායික වම්මුන්ගෙ තියන කැත ගතිය...

      තමාට හරි තමන්ගෙ වෘත්තීය සමිතියට හරි ආරාධනා නොකරපු නිසා 21 වැනිදට කරන්න යන වැඩවර්ජනේ වැරදියි. ඒකේ අනුපිළිවෙල, අරක, මේක ඔක්කොම වැරදියි. ඉට පස්සේ ඒකට නායකත්වය දෙන්නෙ ජවිපෙ නිසා ඒකත් වැරදියි...........

      ඉතින් ඔයා හරි ඔයාගෙ මහලොකු වෘත්තීය සමිතිය හරි කරන්නකො නිවැරදි අනුපිළිවෙලට ගලපන ලද මහා වැඩවර්ජනයක්...

      අනේ කාලේ වනේ වාසේ......

      Delete
    3. "මහා... "එකක් කරන්න කිව්වට පැරාගේ එකට කීදෙනෙක් ඉන්නවද දන්නේ නැනේ , 21ට කථා නොකලෙත් ඒ නිසාමද දන්නේ නැනේ

      Delete
  2. මාතලන්ට ජය

    ReplyDelete
    Replies
    1. අැත්තටම 2013 මැයි 15 කියන්නෙ සතුටු වෙන්න පුළුවන් දවසක්. ඒ විදුලි බිලට ඒරෙහි උද්ඝෝෂණය සාර්ථක වූ නිසා පමණක් නොව , විශ්ව විද්‍යාල අාචාර්ය මණ්ඩලය, නීතිඥ සංගමය, අාදී වෘතිකයින්ගේ සිට අන්තිම කම්කරුවා දක්වාත් , පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැර ලංකාවේ සියළු දේශපාලන පක්ෂ ඒකම අවස්ථාවක රජයට විරුද්ධව උද්ඝෝෂණයක නියැලීම නිසයි. රටට අවශ්‍යය ඒවන් ඒකමුතුවක්ය. ඒ රජය විසින් අනුගමනය කරනු ලබන විරුද්ධවාදීන් බෙදා වෙන් කර තැබීමේ උපාය මාර්ගය සුනු විසුනු කර දැමීමටය.

      මාතලන් හරි. නමුත් 21 වෙනිදාට මර්ධනය ඊයේට වඩා දැඩි වෙන්න පුළුවන්.

      Delete
  3. den para mokakda karanda kiyanne.

    ReplyDelete
    Replies
    1. ඇයි? සිංහල තේරෙන්නේ නැද්ද? ඔය කියලා තියෙන්නේ ඒක තමයි. 21දා වර්ජනය කරන්න. හැබැයි, වෙන්නේ මොනවද කියලා දැනගෙන කරන්න. නැතිනම් වෙන්නේ, අපි කඩේ ගිය එක විතරයි. ඔය ඊජිප්තුව වගේ රට‍වල වුණේ ඒක.

      Delete
    2. ehenam ithin mahinda uba apita puke eriyath kamak ne, meka thamai nava libaral vadaye heti kiyala,hena bara talk ekak deela 'pasugaami samajavaadi paksaya'vage vedi una current bilath gevagena hithin bena bena imu. apita wedak ne JVP da pasugaminda,unp da kiyana eka. apinam kemathi me jara anduvata poddak hari riddanna.

      Delete
  4. yamda noyamda ayata udawwak.minissunta thawamath light bila prashnayak novee,, mama dan wadata yanne push bike eken ape appachchi wage, nasthiya adu karanna ape janadhipathithuma gaththa hoda theeranayak., mage bila unit 80 kin bassuwa#

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා