'වැට කඩුළු අස්සේ - මල් පිපුණු බිස්සේ' ම සැඟවී යන ආදරයේ උණුසුම
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්න මගෙ රත්තරං.
මං ගාවින්ම උණුහුම නොදී
හාදු දෙන වැස්සේ
දේදුන්න අස්සේ
අපි පා වෙමුද තුරුළටම වී
ඔබේ ඇස් අස්සේ
මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං.
මං ගාවින්ම උණුහුම නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං.
මං ගාවින්ම උණුහුම නොදී
වැට කඩුළු අස්සේ
මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ
දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගෙම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං.
මං ගාවින්ම උණුහුම නොදී
වස්සානයට අත වනල ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නෙ ඇයි රත්තරං.
මං ගාවින්ම උණුහුම නොදී
ගායනය - උමාරා සිංහවංශ
සංගීතය - අමිල දිල්හාන්
ගී පද - එස්. මාධව
මම මේ ගීතය රස වින්දෙමි. එහි ගායනය මනරම් ය. ගායිකාවගේ හඬ හැඟීම්වලින් පරිපූර්ණ ය. ඇගේ ගැයුම කරුණ, ශෘංගාර, විප්‍රලම්බ රසයන් කුළුගන්වයි. කාලයේ ජනප්‍රිය ලක්ෂණ මත පිහිටා ඇති විද්‍යුත් සංගීතය සරළ ය. අලංකාර අඩු ය. ඒ සරළකම තුළ සුන්දරත්වයක් ද නැතැයි කියන්නට බැරි ය. එහෙත්, බෙර හඬ උවමනාවට වැඩියෙන් ඝෝෂාකාරී ය.
ගීයේ පද පෙළ ද අද රැල්ලේ ලක්ෂණවලින් යුක්ත ය. වස්සානය, හාදු, දේදුන්න, සමනල්ලු, රත්තරං වැනි සුලබ භාවිතාව නිසා රස ගෙවී ගිය වදන් බහුල ය. එහෙත්, ගීතයේ සමස්ත වදන් පෙළගැස්ම බොළඳ ප්‍රේමයේ චමත්කාරය මතු කරයි. පෙම්වතිය ඈතින් සිටින පෙම්වතාට තමන්ට ළං වන්නට, ආදරය කරන්නට, තමන් හා එක් වන්නට ආරාධනා කරයි. '
'ඔබේ ඇස් අස්සේ - මං මාව දැක්කේ' වැනි යෙදුමක කිසියම් අපූර්වත්වයක් තිබේ. 'සමනල්ලු පස්සේ - දුව පැනපු කාලේ - දැන් මට දෙන්න නුඹ මගෙම වී' යි කියන්නේ ළමා විය බඳු වූ සැහැල්ලු සුන්දර ජීවිතයක් බලාපොරොත්තුවෙන් ය. එහෙත් විවාහයෙන් එවැන්නක් ලැබේ ද? බොළඳ ප්‍රේමය පියමං කරමින් ගැඹුරු ආදරයක් වෙත ජීවිතය පරිණාමය විය යුතු ය. නැතිනම් 'වැට කඩුළු අස්සේ - මල් පිපුණු බිස්සේ' ම ආදරයේ උණුසුම සැංගී යයි.
විවාහ ජීවිතය ආදරයෙන් හා ජීවන රසයෙන් තොර කාලකන්නිකමක් බවට පත් වේ.
අපි බොළඳ පෙම් ගීවල රසයෙන් මත් වෙමු. එහි වරදක් නැත. එහෙත්, දේදුනු, සමනල් රූපක පියමං කරමින් ජීවිතය පිළිබඳ අපේ ඥානය පුළුල් කරන නිර්මාන අපට අවශ්‍ය ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්න මගෙ රත්තරං.
මං ගාවින්ම උණුහුම නොදී
හාදු දෙන වැස්සේ
දේදුන්න අස්සේ
අපි පා වෙමුද තුරුළටම වී
ඔබේ ඇස් අස්සේ
මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
සංසාරයම මෙය මට නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං.
මං ගාවින්ම උණුහුම නොදී
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං.
මං ගාවින්ම උණුහුම නොදී
වැට කඩුළු අස්සේ
මල් පිපුණු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ
දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගෙම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරං
මං ආවොත්ද නුඹ මට හිමි
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරං.
මං ගාවින්ම උණුහුම නොදී
වස්සානයට අත වනල ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නෙ ඇයි රත්තරං.
මං ගාවින්ම උණුහුම නොදී
ගායනය - උමාරා සිංහවංශ
සංගීතය - අමිල දිල්හාන්
ගී පද - එස්. මාධව
මම මේ ගීතය රස වින්දෙමි. එහි ගායනය මනරම් ය. ගායිකාවගේ හඬ හැඟීම්වලින් පරිපූර්ණ ය. ඇගේ ගැයුම කරුණ, ශෘංගාර, විප්‍රලම්බ රසයන් කුළුගන්වයි. කාලයේ ජනප්‍රිය ලක්ෂණ මත පිහිටා ඇති විද්‍යුත් සංගීතය සරළ ය. අලංකාර අඩු ය. ඒ සරළකම තුළ සුන්දරත්වයක් ද නැතැයි කියන්නට බැරි ය. එහෙත්, බෙර හඬ උවමනාවට වැඩියෙන් ඝෝෂාකාරී ය.
ගීයේ පද පෙළ ද අද රැල්ලේ ලක්ෂණවලින් යුක්ත ය. වස්සානය, හාදු, දේදුන්න, සමනල්ලු, රත්තරං වැනි සුලබ භාවිතාව නිසා රස ගෙවී ගිය වදන් බහුල ය. එහෙත්, ගීතයේ සමස්ත වදන් පෙළගැස්ම බොළඳ ප්‍රේමයේ චමත්කාරය මතු කරයි. පෙම්වතිය ඈතින් සිටින පෙම්වතාට තමන්ට ළං වන්නට, ආදරය කරන්නට, තමන් හා එක් වන්නට ආරාධනා කරයි. '
'ඔබේ ඇස් අස්සේ - මං මාව දැක්කේ' වැනි යෙදුමක කිසියම් අපූර්වත්වයක් තිබේ. 'සමනල්ලු පස්සේ - දුව පැනපු කාලේ - දැන් මට දෙන්න නුඹ මගෙම වී' යි කියන්නේ ළමා විය බඳු වූ සැහැල්ලු සුන්දර ජීවිතයක් බලාපොරොත්තුවෙන් ය. එහෙත් විවාහයෙන් එවැන්නක් ලැබේ ද? බොළඳ ප්‍රේමය පියමං කරමින් ගැඹුරු ආදරයක් වෙත ජීවිතය පරිණාමය විය යුතු ය. නැතිනම් 'වැට කඩුළු අස්සේ - මල් පිපුණු බිස්සේ' ම ආදරයේ උණුසුම සැංගී යයි.
විවාහ ජීවිතය ආදරයෙන් හා ජීවන රසයෙන් තොර කාලකන්නිකමක් බවට පත් වේ.
අපි බොළඳ පෙම් ගීවල රසයෙන් මත් වෙමු. එහි වරදක් නැත. එහෙත්, දේදුනු, සමනල් රූපක පියමං කරමින් ජීවිතය පිළිබඳ අපේ ඥානය පුළුල් කරන නිර්මාන අපට අවශ්‍ය ය.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com
මේක ටිකක් පරණ ගීයක්. ඔමාරියා හා උමාරියා කියන්නේ රටට ආඩම්බරයක්. හොඳ සින්දු නෑ කියලා බයිලා ගහන උන්ට මම හැමදාම කියන්නේ ඒ කතා ඔක්කෝම බොරු කියලා...
ReplyDeleteරැඩිකල් ගීයක්, රැඩිකල් ගායකයෙක්, රැඩිකල් වචන, රැඩිකල් කඩහඬක් බලන්න කැමති නම් මේකත් බලන්න..
ඇයි මොවුන්ට ඉඩක් නොදෙන්න? බයද?
http://www.youtube.com/watch?v=WmosD-wpENk
ඔව් බන් . වොයිස් නම් සුපිරි.අදින ඇදිලි ටික ලස්සනයි. නිසදැස් ටයිප් සින්දුවක්. මගෙත් ෆේවරිට්.
Deleteමාතලං, රැඩිකල් කියන්නේ ගීතයක වචන හෝ ගායකයාගේ පෙනුම නෙමෙයි කියලයි මගේ අදහස. ගීතයක් රැඩිකල්ද නැද්ද කියන්න පුළුවන් එහි සමාජ භාවිතාව කවරාකාරද කියන දේ ගැන අවධානය යොමු කරලයි. රාවය පත්තරේට අජිත් කුමාරසිරි රැඩිකල් වුණාට ඌ ඇත්තටම රැඩිකල් කියලා කරලා තියෙන්නේ මොනවද? අපේ රටේ රැඩිකල් වගේ ගායකයෝ සහ ගීත තියෙනවා කියලා පේනවා. ඒත් ඔවුන් සහ ඔවුන්ගේ නිර්මාණ ඇත්තටම රැඩිකල්ද කියන ප්‍රශ්නෙත් මට තියෙනවා.
Deleteගීයෙත් දේශපාලනයක් තියෙනවා නේද රතු... මේ වගේ ගීතයක් ඔය මොඩර්න් කියන චැනල් එකක දාන්න උනත් බය ඒකනේ...
Deleteදීපාල් සිල්වගේ "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සූ" මහරජාම වාරණයට ලක් කරන්නෙ ඇයි.. ඒ කියන්නෙ සහතික ඇත්ත නිසා...
Deleteමමත් කැමතිම ගීතයක්
ReplyDelete/* ගීයේ පද පෙළ ද අද රැල්ලේ ලක්ෂණවලින් යුක්ත ය. වස්සානය, හාදු, දේදුන්න, සමනල්ලු, රත්තරං වැනි සුලබ භාවිතාව නිසා රස ගෙවී ගිය වදන් බහුල ය. */
ReplyDeleteඒ අද කාලයේ වචන.
මෙන්න ඊයේ කාලයේ වචනවලින් යුතු කවියක කොටසක්.
මල් ගොමු අස්සේ ලියගොමු අස්සේ
පතෝල මැස්සේ ඉඳලයි බැස්සේ
තෙමි තෙමි වැස්සේ පෙම් කළ රිස්සේ
නිකම්ම ගැස්සේ බැන්දට පස්සේ
(චන්ද්‍ර අනගිරත්න)
මේත් ඒකෙම කොටසක්,
Deleteඔබ මගෙ පෙම් කඳ රන් කඳ පොල් කඳ
මාසේ පෝයට පායන පුන්සද
ආ බව ඇත්තයි පොල් කඩමින් ඉඳ
නාලයි ආවේ දැන් නෑ ගස් ගඳ
(චන්ද්‍ර අනගිරත්න)
කකා. බ්ලොග් ලියනව කියාන්නෙ උපහාසය විතරක්ම නෙමෙයි.
Deleteඅජිත්ගේ ලිපිය කියවද්දි ගම්ලත්ගේ 'ගී මිනි ආර' මතක් වෙනවා!
ReplyDeleteඇත්ත.. ඔමාරියා හා උමාරියාගේ ගායනා මිහිරියි.
නමුත් මේ ගීතය ගීතමය බව අඩු රචනා ගතිය වැඩි බවකුයි මට දැනුනේ. '..උද්‍යානයක කෙලවරට වී....' රචනාවක් වගේ. ඒ මට පෞද්ගලිකව හිතුන විදිය...
- Dimithri
මේ ගීතයේ කියන්න තරම් වරදක් මම දකින්නේ නැහැ. සරළ පෙම් ගීයක්, නවක ගායිකාවක් හොඳින් ගයනවා. නමුත් මෙහි විශේෂයෙන් කියන්න තරම් දෙයකුත් මම දකින්නේ නැහැ. ලංකාවේ දැනට බහුලව බිහිවන චොකා බයිලා සමග සංසන්දනය කරනකොට මේක තරමක් වෙනස් ගීයක් කියල කියන්න පුලුවනි. නමුත් අපි හිතේ සන්තෝසයක් හෝ දුකක් ඇතිවෙලාවක කාන්සියට හෝ මුවඟට එන්නේ මොන ගීතද? මිල්ටන්ලා, ජෝතිලා එහෙමත් නැතිනම් අමරදේව,සුනිල්ලා, නන්දලා ගේ ගීත. හේතුව මොකද්ද කියලා මටනම් වැටහෙන්නේ නැහැ. මම හිතන්නේ ඒ ගීත අපේ පපුවට කාවැදුණු ඒවා නිසා වෙන්න පුළුවනි. දැන් බිහිවන බොහොමයක් නව පරපුරේ ගීතවල ඒ ගතිය නැහැ. ඒවා මටනම් පෙනෙන්නේ කිහිප සැරයක් පාවිච්චි කරලා ඉවත දමන රේසර් වගේ.
ReplyDeleteඒ ඔයා නාකි නිසා. දැන් ඉන්න අය කියන්නේ මේ වගේ ගීත තමයි. අපේ සීයත් ජෝතිලාට කින්ඩිය දැම්මා ඉස්සර...
Deleteඔව්. එක වයස නිසා වෙන්න ඇති.
Deleteනමුත් ඔය වයිවාරන්න ටැලන්ට් ෂෝ වලට ඇවිත් සින්දු කියන නව පරපුරේ තරුණ සුපර් ස්ටාර්ස්ලා බොහෝවිට කියන්නෙත් ඔය අපි නාකි අය අහන සින්දුම නේද කියල මට හිතෙනවා
අලුත් ඒවත් කියනවා ඕන තරම්. ඔයාට මතක පරණ ඒවා විතරයි...
Deleteනෑ . පරන ඒව කියනව..හැබැයි ඒ අද වගේම එදා නරකයි කියපු ජෝතිගෙ ඒව .. අමරදේවගෙ නෙමෙයි
Deleteගිය සුමානෙත් අමරදේවගේ ආරාධනා ගායනා කරපු එකා ඇස් ඇම් ඇස් වලිනුත් නම්බර් වන්...
Deleteමහත්මයා.. වර්තමානයේ ගීත එක්ක බලද්දි මේක යම් සාර්තක නිර්මානයක් .ඒ වගේම නවමු ගතියකුත් තිබෙනවා.ඔබ කියනා පරිදි ගීත වලින් දැනුම පුලුල් කල යුතු නම් එයට කසුන් කල්හාර නියම පිලිතුරක් දුන්නා. මම ගීතයක් නිර්මානය කරන්නේ රසවිදින්නයි.සමාජයට පනිවිඩයක් දෙන්න ඕනනම් හෑන්ඩ් බිලක් ගහල බෙදනවානෙ.. කෙල්ලගෙ ගායනය විශිශ්ටයි.ඔබ වන් මිනිසුන් සිටියානම් සරල ගී මේ ලොකෙ නැතිවේවි. අත්තේ ශාස්ත්‍රීවය පද රචනා පමනයි
ReplyDelete- පත්තර මල්ලි -
ඔයා වගේ කට්ටිය සෙට් වෙලා, රසවිදලා, සුප්පු කරලා, හපකරලා අතල් අරන් එළකිරි වගේ සමාජයක් හදල තියන්නේ. මෙලෝදෙකට සංවේදී නැති හිරි වැටුණු සමාජයක්. අපේ ආතල් අපිට ආතල්, විනෝද සාගරයක් වගේ එකක්. රටක් කියල දෙයක් නැත්තටම නැතිවෙනකොටත් සුපර් ස්ටාර්ලට ඇස් .එම් .ඇස් කොටන සමාජයක්. ගිටාර් එකක් පුකේ ගහන් බඩු පස්සේ චාර්ටර් වෙන තාරුන්‍යක්, ඊට පස්සේ එක එකාගේ ලණු කාලා මුස්ලිම් කඩ කොල්ලකන වීරත්වයක්, රජා ලයිට්බිලෙන් පුකේ අරින කොටත් ඇරියේ නෑ වගේ ඉදල පස්සේ මැහුම් දාන සමාජයක්. අනේ ඔයා ගෙයි කසුන් කල්හාරගෙයි රසවින්දනය. කරටි පත් වෙන්න බොන එකයි ගංජා ගහන එකයිද බන් රසවින්දනේ.සමාජයක් ඉස්සරහට යන්නේ සමාජයට වගකීම් ඉටුකරන මිනිසුන්ගෙන් මිසක් ගංජා දුම් පිරිච්ච අදුරු කාමර වල ඉදන් ගිටාර් ගහන උන්ගෙන් නෙවෙයි බන්. අර ගහනවයි කිවුව හෑන්ඩ් බිල ගහගනින් පුකේ. සුබ අනාගතයක්!උබටත් ලගදීම ආශ්චර්ය පෙනේවි!
Deleteවැදගත් වෙන්නෙ කසුන් ගන්ජා ගහන එක නෙමෙයි මචන්. උගෙ නිර්මානයයි. ගන්ජ ගැහුවා කියල බොබ් මාලෙගෙ ගීත වල රසය අඩු උනාද ? ඇයි මෙතනට දේශපාලනයක් ගාවගන්නෙ.
Deleteපත්තර මල්ලි
රට හැදෙනවනම් නන්දා මාලනී කියපු සින්දු ටික ඇති හැදෙන්න. ඔය අපූරුවට හැදිල තියෙන්නෙ
Deleteවිවාහය වූ පසු ආදරය බොලද නොවිය යුතුද ? අවම ලෙස යම් සාර්තක නිර්මානයක් කරන අන්කුරයකුට ශක්තියක් වන්න. නිර්මාන නිර්මාන වන්නේ අලුත් දෙයක් කරන විටයි. පරන නිර්මාන දෙස බලාගෙන අනුකරනය නිර්මාන නොවේ. කොපියක් පමනයි. අක්ශර වින්‍යාසයට සමාවාන්න.සුහද මත ගැටීමක් පමනයි.
ReplyDeleteපත්තර මල්ලි
පැරා.. ඇත්තටම ඔයාල පට්ට ගහන සමාජවාදී හෝ කොමියුනිස්ට් පාලනයක් තිබ්බොත් මේ වගෙ ගීත බිහිවෙයිද? වලියකට නෙවේ අහන්නෙ,
ReplyDeleteකවුරුත් ගීත අහලා කියන්නේ එක දෙයයි. හොඳ සිංදුවක් කියනවා. එච්චරයි. මේ ඒ ගීය ගැන රස වින්දනයක්. තමන් විඳි රසය විධිමත් අන්දමින් පැවසීමට විචාරය කියාත් කියනවා.
ReplyDeleteවිචාරයෙන් කිපෙන එක හැමදාමත් තිබෙන දෙයක්. ඒත්, රස වින්දනයේ නිම් වළලු පුළුල් කරගන්න විචාර අව්‍ශ්‍යයි. එය නිර්මානකරුවන්ටත් තමන් දෙස බලන්න කණ්ණාඩියක් වගේ.
Mama me sinduwa ahapu mohothe indala kemathi wuna sinduwak. Bolanda nethi aadaraya koheda tiyenne? Api koitharam ugath unath, widwath unath,prabuddha kiyala kiyagaththath, aadaraya karana kota mohothak hari bolanda wenawa. Me sinduwe, Umariyage voice eka, melody & music, niyameta mix wela kiyalai mata hithenne. Meka rasa windinna beri Boru Prabuddhayanta witharai. Ithama sundara sinduwak.
ReplyDelete