ජනාධිපතිතුමා විදුලි බිල අඩු කළ සේක. ඒත් මගේ බිල රු. 1000කින් පමණ වැඩි වී තිබේ.

දැන් හරියට  ආණ්ඩුව කතා කරන්නේ විදුලි බිල අඩු කළා‍ වගේය. ජනතා විමුක්ති පෙරමුේ අනුර කුමාර දිසානායක කී පරිදි ආණ්ඩුව ජනතාවට බිේ අඩියක් පස්සට ගෙන තිේ. ජනතාව සටන් කරනවා නම් ඉල්ලීම් දිනා ගන්නට පුළුවන. එහෙනම් විදුලි බිල වැඩි කරලා නැති විය යුතුය.

ආණ්ඩුවත් හරියට සමහර වෙළෙන්දන් වගේය. මිළ රු. 100කින් වැඩි කර රු. 10ක වට්ටමක් දෙයි. ඒත්, මිළ රු. 90කින් වැඩි කරලාය.

විදුලි බිල වැඩිකිරීම සිදු වූයේ මෙසේය:

දැන් වැඩි කළවිදුලි ගාස්තු අඩු කිරීම සිදු වන්නේ මෙසේය:

ඒකක 66 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයිනට ඒකකයකට රුපියල් 4.70 කට පැවති මිල ගණන් යටතේ විදුලි බිල ගණනය කිරීමට විදුලිබල මණ්‌ඩලය තීරණය කර ඇත.ඒ වැඩි කළ විදුලි ගාස්‌තුවලට අනුව ඒකකයක්‌ රුපියල් 6 ලෙස ඉහළ දමා තිබිණි.

ඒකක 90 සීමාව අනූහය දක්‌වා වැඩිකර එම ඒකකයක්‌ රුපියල් 8.50 යටතේ විදුලි ගාස්‌තු ගණනය කිරීමට තීරණය කර ඇත. ඒකකයේ වැඩි කළ මිළ අඩු කර නැත.

නව සංශෝධනය යටතේ විදුලි ඒකක 120 සීමාව ඒකක 126 දක්‌වා දීර්ඝ කර ඇත. ඒ අනුව විදුලි ඒකක 126 දක්‌වා පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල ගණනය කරනු ලබන්නේ ඒකක 120 දක්‌වා අය කරනු ලැබූ රුපියල් 15 බැගින් වූ මිල ගණන් යටතේය. ඒකකයේ වැඩි කළ මිළ අඩු කර නැත.

එසේම ඒකක 61 සිට ඒකක 180 දක්‌වා විදුලිය ඒකක ප්‍රමාණයක්‌ පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් අය කරනු ලබන 40% ඉන්ධන ගැලපුම් ගාස්‌තු 25% කින් අඩු කිරීමට තීරණය කර ඇත.

මේ වචනවලට අනුව නම් මාසික විදුලි බිලට 40%ක ඉන්ධන අධිභාරයක් එකතු කර ඉන්පසු එයට 25%ක වට්ටමක් දෙනු ලැබේ.

බිරිඳත්, සැමියාත් දෙදෙනාම රැකියා කරන, පාසල් යන දරුවන් සිටින, ඒ නිසා වතුර මෝටරයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, විදුලි ඉස්තිරික්කයක් ආදිය පාවිච්චි කරන, පුංචි ශීතකරණයක් ඇති, විදුලියෙන් කෑම පිසීම හා වතුර උණුකිරීම ආදිය නොකරන, රස්නය අධික විට විදුලි පංකා පාවිච්චි කළ, දවසට පැයක් පමණ බලන රූපවාහිනියක් ඇති, බ්ලොග් පඩංගු ලියන්නට පරණ පරිගණකයක් ඇති, අත්‍යවශ්‍ය විදුලි බල්බ පමණක් පත්තු වන, වැඩිපුර CFL තිබෙන අපේ නිවසේ පසුගිය මාසයේ විදුලි පරිභෝජනය ඒකක 119කි. බිල රු. 1739කි.

අපට මෙය තවත් පිරිමසන්නට අමාරුය. කොහොමහරි 115ට අඩු කරගත්තාය හිතමු. එවිට අපේ අලුත් බිල මෙසේ වනු ඇත.

ඒකකයක මිළ රු. 15 බැගින් 115ක් = 1725
මාසික ස්ථාවර ගාස්තුව = රු. 315 (මෙහෙම එකක් කලින් තිබුණු බවක් බිලේ සඳහන් නොවේ)
එකතුව =  රු. 2040
ඉන්ධන අධිභාරය 40% = රු. 816
එයට ජනාධිපති සහනය 25% = රු.204
එවිට ගෙවිය යුතු ඉන්ධන ගැලපුම් ගාස්තුව = රු. 612

මගේ අලුත් විදුලි බිල = 1725 + 315 + 612 = 2652

මගේ විදුලි බිල වැඩිවීම =  රු. 913

ජනාධිපති සහනය නැතිනම් මගේ විදුලි බිල රු. 2856කි.

(ගණන් වැරදි නම්, සහනය වැඩි වන පරිදි නිවැරදි කර දෙන්න)

විදුලි බිල වැඩි ොවී සිටින්නට නම් මා විදුලි කක 66ට අඩුවෙන් පාවිච්චි කළ යුතුය. ඒ සඳහා රස්සාවෙන් අස් වී හද්දා පිටිසර ගමකට ොස්, ගඟකින් නා, එයින් රෙදි ෝදාගෙන,  ොමැද ඇඳ, වත්තෙන් පිටියෙන් ගෙඩි, ොළ, මල් කඩාගෙන කා (ශීතකරන පාවිච්චි ොකර), රස්නෙ කාලෙට ගහක් යට පැදුරක් එළාගෙන නිදාගෙන, අන්තර්ජායෙන් අත්මිදී, ස්වාධීන රූපවාහිනිේ ප්‍රවෘත්ති හා මහින්ද අසුන්දරආගිය කතා පමණක් බලා ේලාසනින් නිදාගෙන, ප්‍රමාද වී අවදි විය යුතුය.  ආසියාආශ්චර්යයෙන් මට ලැබෙන සංවර්ධනය කියන්ඒකය. දියුණුව ඒකය. 

ජනාධිපතිතුමා මට දුන් රු. 206ක 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. රූපවාහිනියේ, සිරිමගේ කාළේ වයර්ලස් එකේ උදේ පානදර ගියපු ඔය ටී ඇම්ලා අයිවෝ ඩැනිස්ලා නීලලා ගායනා කරපු කේමදාස මහත්තයා සංගිතේ සපයපු "උදාන ගී" කියන සමාජවාදී ගීත එහෙම ප්‍රචාරය කොරගෙන ආයෙත් රට අරගෙන යන්නේ ඒ යුගයට තමයි. එකම වෙනස ඒ කාළේ වගේ නෙමෙයි බඩු තියෙනවා, ඒත් මිළදී ගැනීමේ හැකියාව නෑ. පැරා වෙළඳ පොළ පැත්තේ ගිහින් නෑ වගේ, බිල එන්නත් කලියෙන් ඔක්කොම වගේ භාන්ඩවල මිළ වැඩිකරලා ඉවරයි. කොහොමත් බත් ටිකක් කාලත් ඉවර වෙන සයිස් එකක් එන්නේ. හාල් මෝල් වල නොමිලේ වී කොටන්නේ නැහැනේ.

    ReplyDelete
  2. කච්චතිව් කියන දුපතේ න්‍යෂ්ඨික විදුලි බලාගාරයක් හැදුවොතින් අපට මේ විදුලි අර්බුධයෙන් ගොඩ එන්නට පුළුවන් වෙයි කියලා විද්වතුන් කියනවා මා අසා තිබෙනවා.
    කොහොමත් ඉදිරියේදී යල්පැන ගිය ඩිසල් බලාගාර හා ගල් අගුරු ගැන විශ්වාසය නොතියා න්‍යෂ්ඨික බලය ගැන යොමුඋනොත් හොදයි.
    භුමි කම්පා වලට ඔරොත්තු දෙන්න පුළුවන් නවීන තාක්ෂනය යොදාගෙන එහම කච්චතිව් දුපතේ බලාගාරයක් හදන්න පුළුවන් කියලා කියනවා. නමුත් ඒකට ඉන්දියාව සමග සමීපව සිටිනා රජයක් අවශ්‍යව වේවි. අජිත් පැරකුම් මහතාගේ අදහස මොකක්ද මේ න්‍යෂ්ඨික බලාගාරය ගැන?

    විදුලි බිල නං දරා ගන්නට අමාරුයි.මම වැඩකරන්නේ විදේශීය ජාතිකයන් සමග. ඔවුනුත් පවසා තිබෙනවා ලංකාවේ විදුලි බිල ප්‍රතිශතයක් ලෙස ඉතා ඉහල බව.

    අනික වැදගත්ම දේ තමයි මම පසුගිය දින වාර්තාවක දැක්කා ලංකාවේ මනුස්සයෙක් දල වශයෙන් භාවිතා කරන විදුලි ඒකක ප්‍රමාණය 50 වගේ වෙනකොට ඉන්දියාවේ ඒ ගන්න 300 වගේ වෙනවා කියලා. ලෝකේ අනිකුත් රටවල් සමග, ආසියාවේ අනිකුත් රටවල් සමග බලද්දිත් ලංකාවේ මිනිස්සු අන්තිම අරපිරිමැස්මෙන් තමයි විදුලිය භාවිතා කරන්නේ. ආණ්ඩුවෙන් අපිට ඇන ඇන, ඇඩ් දම දමා කියන්න ඕනි නෑ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න කියලා.

    ඇසල

    ReplyDelete
    Replies
    1. න්‍යෂ්ඨික බලාගාරයක් හැදුවොත් විදුලි අර්බුදෙන් ගොඩ ඒම කෙසේ වෙතත් තව පරම්පරා හතරක් පහක් වත් ගොඩ දාගන්න කස්ටියට පුලුවන් වෙයි.....

      Delete
  3. අස්චර්යය කියන්නේ මේකට තමයි.

    ReplyDelete
  4. ජනාධිපතිතුමා මට දුන් රු. 206ක 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයකි.
    හික්

    ReplyDelete
  5. වෙනත් පක්ෂයක් (UNP හෝ ගිනිසිළුව හෝ වෙන ඕන උලව්වක්) විදුලි බිල අඩු කරන්න පුළුවන් වෙයිද?

    ReplyDelete
  6. සේක කියල එනවා නම් අනිවා වහන්සේ කෑල්ලක් තියෙන්නම ඕන. හරියට මේ වගේ:

    “ගොන් රජාණන් වහන්සේ මගේ විදුලි බිල අඩු කල සේක.“

    වහන්සේ නැති නම් ‘හ‘ වලින් ඉවර කරන්න පුලුවන්. මේ වගේ:

    “මහජන පොල් බූරුවෝ ලණුව ගිල්ලහ.“

    එහෙම නැති නම් ‘ති‘ වලින් ඉවර කරන්න පුලුවන්. මේ වගේ:

    “මෝඩ ඡන්දදායකයෝ හැමදාමත් ලණු ගිලිති.“

    කර්ම කාරකෙන් ලියන්නත් පුලුවන්:

    “අප විසින් අපගේ ම පුක පලාගන්නා ලදී“

    ප්‍රස්ථාව පිරුලක් දෙකක් මැදට දැම්මම පෝස්ට් එකට පොඩි ගතියක් ගන්නත් පුලුවන්. මේ බලන්න:

    “පුක පලනකම් බලා සිටි මැහුම් දැම්මාට පින් දුන්නා වාගෙයි“

    ReplyDelete
    Replies
    1. නියම කොමෙන්ටුව...!
      +++++++++++++++++

      Delete
  7. Nikan boruvata kiyanna apa. Janapathithuma makata kochara mahansi vunada kiyala May day speech ekin danaganna puluvan. janathavata sevayak karana janapathita ogollan mahama kiyanna lajja nadda?

    ReplyDelete
  8. ජනාධිපතිතුමා මට දුන් රු. 206ක 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයකි.
    THIS IS THE WISH OF MAJORITY OF SRI LANKANS

    ReplyDelete
  9. මෙම අර්බුයේ යථා තත්ත්වය තේරුම් ගැනීම සඳහා විදුලි ජනනයේ ප‍්‍රභවයන් හා ඒවා අනුව දරන්නට සිදුවන නිෂ්පාදන වියදම් සොයාබැලීම වැදගත්ය. ආචාර්ය තිලක් සියඹලාපිටියට අනුව විදුලි නිෂ්පාදනයෙන් සියයට 30ක් නිපදවන්නේ ජලයෙනි. තවත් සියයට හතක් කුඩා බලාගාරවලිනි. තවත් සියයට 15ක් ගල්අඟුරු බලාගාරයෙනි. ඉතිරි සියයට 48 තෙල් බලාගාරවලිනි.

    හිටපු විදුලිබල ඇමතිවරයාගේ ඇස්ත මේන්තුව අනුව තෙල් බලාගාරවලින් නිපදවන විදුලි බලයේ පංගුව සියයට 65කි. විදුලිබල මණ්ඩලයේ සභාපති කියන්නේද ජලයෙන් නිපදවන විදුලියේ ප‍්‍රමාණය සියයට 25%ක් පමණක් බවය. එවිට හිටපු ඇමතිවරයා තෙල් බලාගාරවලින් නිපදවන විදුලියේ පංගුව ගැන දෙන ඇස්තමේන්තුව වඩා නිවැරදි වේයැ’යි කිව හැකිය.

    පෞද්ගලික අංශය විදුලිබල මණ්ඩලයට සපයන විදුලි නිෂ්පාදනයෙන් සියයට 90ක් හෝ ඊට වැඩි ප‍්‍රමාණයක් පොසිල ඉන්ධනවලින් නිපදවන විදුලි බලය වන අතර ලංකාවේ ඛනිජ තෙල් අලෙවියෙන් සියයට 30ත් 40ත් අතර ප‍්‍රමාණයක් යොදා ගැනෙන්නේද පොසිල ඉන්ධනවලින් නිපදවන විදුලිබලය සඳහාය.

    දැන් අපට මෙම ක‍්‍රම තුන යටතේ විදුලිය නිපදවීමට යන නිෂ්පාදන වියදම් සලකා බැලිය හැකිය. 1. ජලයෙන් නිපදවන විදුලි ඒකකයක් සඳහා නිෂ්පාදන මිල රු. 1.50කි. 2. ගල්අඟුරුවලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා නිෂ්පාදන මිල රු. 8.00කි. 3. ඞීසල්වලින් නිපදවන විදුලි ඒකකයක් සඳහා ඞීසල් නිෂ්පාදන වියදම පමණක් රු. 23.00කි. ඞීසල්වලින් නිපදවන සමාගම් විදුලිබල මණ්ඩලයට විදුලි ඒකකයක් විකුණන්නේ රු. 40ත් 45ත් අතර මිලකටය.

    දැන් අපට මෙම ප‍්‍රශ්නයේ ස්වභාවය යම් පමණකට තේරුම්ගත හැකිය. විදුලි නිෂ්පාදනයේදී අඩුම වියදම් ප‍්‍රභවය ජලයයි. ඊළඟට ගල් අඟුරුය. වැඩිම වියදමක් දරන්නට සිදුවී තිබෙන්නේ පොසිල ඉන්ධනවලින් නිපදවන විදුලිය සඳහාය. එය ජලය මෙන් 26 ගුණයකටද ගල්අඟුරුවල මෙන් පස් ගුණයකටද සමානය. ඒ මිල ඉතාමත් අසාමාන්‍ය මිලක් වන අතර ඒ ප‍්‍රභවය පාවිච්චි කරනවා නම් පාවිච්චි කළ යුත්තේ ඉතාමත් හදිසි අවශ්‍යතාවලදී පමණය. එහෙත් ඇත්තටම ලංකාවේ සිදුවී තිබෙන්නේ ජනතාව දැනුවත් කිරීමකින් තොරව පොසිල ඉන්ධනවලින් තනන විදුලි බලය මත වැඩියෙන් යැපෙන තත්ත්වයකට තල්ලූ කිරීමය. එය හරියට පාන් නැතිකම නිසා ජනතාව පාන් වෙනුවට කේක් කන්නට පුරුදු කළා වැනිය. මෙම විනාශකාරී තත්ත්වයට ඒ ක‍්‍රමය රටට හඳුන්වා දුන් ආණ්ඩුවේ සිට මේ දක්වා කිසිදු විවේචනයකින් තොරව ඒ ක‍්‍රමය පවත්වාගෙන ගිය සියලූ ආණ්ඩු වගකිව යුතුය.

    http://www.ravaya.lk/articals.php?d=4b6538a44a1dfdc2b83477cd76dee98e

    ReplyDelete
  10. ඔබේ විදුලි බිල තව අඩු කරගත හැකියි. රෙදි මැදීම නවතන්න. එය අනවශ්‍ය දෙයකි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා