අපේ ගෙදර අලුත් විදුලි බිල වැඩි වීම රු. 900යි

මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කර ඇති නව සංශෝධනය අනුව, අපේ ගෙදර විදුලි බිල වැඩි වන ආකාරය අධ්‍යයනය කර බැලීමි.

කලින් යෝජනා වූ විදුලි බිල වැඩි වීම අනුව අපේ ගෙදර විදුලි බිල රු. 1000කින් පමණ වැඩි වීමට නියමිත අන්දම මෙම ලිපියෙන් පෙන්වා දුන්නෙමි.

අලුත් සංශෝධනය අනුව විදුලි බිල වැඩි වන්නේ මෙසේය:

ඒකක 31-60 දක්‌වා

ඒකකයක්‌ රුපියල් 4.70 බැගින් ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 35 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 60.00 ක්‌ද අයකරනු ඇත.

ඒකක 61 සිට සංශෝධිත විදුලි ගාස්‌තු අයකරනු ලබන අයුරු මෙසේය.

ඒකක 61-90

පළමු ඒකක 60 සඳහා රුපියල් 10.00 බැගින් අයකරනු ලැබේ.

සෙසු ඒකක 30 ඒකකයක්‌ රුපියල් 12 බැගින් ගණනය කරනු ඇත.

ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 10 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 90.00 ක්‌ද අයකරනු ලැබේ.

ඒකක 91-120

පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 දක්‌වා රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 දක්‌වා රුපියල් 26.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 ක්‌ සහ මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 315 ක්‌ අයකරනු ඇත.

ඒකක 121-180

පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 ක්‌ද මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 315.00 ක්‌ද අයකරනු ලැබේ.

ඒකක 180 ට වැඩි

පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද, ඒකක 180 ට වැඩි වූ විට රුපියල් 42.00 බැගින්ද ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 ක්‌ද, මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 420.00 ක්‌ද අයකරනු ලැබේ.
අපේ ගෙදර විදුලි බිල ඒකක 115 දක්වා අඩු කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විට දියත් වේ. ඒකක 115ක් කර ගැනීමට සමත් වුණහොත් අපේ බිල මෙසේ වනු ඇත.


පළමු ඒකක 60 රුපියල් 10 බැගින් රු. 600.00
ඒකක 61-90 දක්‌වා රුපියල් 12.00 බැගින්ද රු. 360.00
ඒකක 91-120 දක්‌වා රුපියල් 26.50 බැගින් ඒකක 25කට රු. 662.50
එකතුව 1622.50
ඉන්ධන ගැලපුම් ගාස්‌තු සියයට 40 රු. 649.00
මාසික ස්‌ථාවර ගාස්‌තු රුපියල් 315 
එකතුව රු. 2586


කලින් ක්‍රමය අනුව විදුලි බිල මෙසේය:

ඒකකයක මිළ රු. 15 බැගින් 115ක් = 1725
ඉන්ධන අධිභාරය 40% = රු. 690
මාසික ස්ථාවර ගාස්තුව = රු. 315
එකතුව = රු. 2730.00

නව ක්‍රමය නිසා ලැබෙන සහනය = රු.  144යි.

බිරිඳත්, සැමියාත් දෙදෙනාම රැකියා කරන, පාසල් යන දරුවන් සිටින, ඒ නිසා වතුර මෝටරයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, විදුලි ඉස්තිරික්කයක් ආදිය පාවිච්චි කරන, පුංචි ශීතකරණයක් ඇති, විදුලියෙන් කෑම පිසීම හා වතුර උණුකිරීම ආදිය නොකරන, රස්නය අධික විට විදුලි පංකා පාවිච්චි කළ, දවසට පැයක් පමණ බලන රූපවාහිනියක් ඇති, බ්ලොග් පඩංගු ලියන්නට පරණ පරිගණකයක් ඇති, අත්‍යවශ්‍ය විදුලි බල්බ පමණක් පත්තු වන, වැඩිපුර CFL තිබෙන අපේ නිවසේ පසුගිය මාසයේ විදුලි පරිභෝජනය ඒකක 119කි. බිල රු. 1739කි.

මගේ විදුලි බිල වැඩි වීම = රු. 2586 - 1739 = රු. 847යි. 

මට නැවතත් කීමට ඇත්තේ මේ රු. 144 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයක් බවයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. යුද්ද කාලේ තද කරගත්තු පටිය තාම බුරුල් වුනේ නැහැ.ඉස්සරහට වෙන එකකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. පටියෙ තව දාන්න හිලක් නෑ.... ඉතුරු වෙලා තියෙන්නෙ මගේ පුකේ හිල විතරයි..... මෙහෙම ගියොත් ඒකත් ඉවරයි....

      Delete
    2. කෝබන් මෙතන හැමදාම රිලා යන බොක බර සේනාවේ අම්බානක දේශප්‍රේමියෝ සෙට් එකයි මහින්දයගේ දන්කුඩ අප්පුහාමිලා ටිකයි කට්ටියට කරන්ට් වැදිලද?

      Delete
    3. සිරාවට කෝ බන් මේ උලමලාත්

      Delete
  2. දීප්ති අයියා වරුණ ගියාද දීප්ති අයියා? වරුණ හරි හොද එකා නේද අයියා!

    ReplyDelete
  3. /* විදුලි ඉස්තිරික්කයක් ආදිය පාවිච්චි කරන */

    තනිකරම අනවශ්‍ය දෙයක්! අපරාද වියදමක්. විදුලි බල නාස්තියක්.

    ReplyDelete
  4. උන්න හැටියට මලා මදැයි කිව්වලු. විරෝධතා දැක්වීමේ ප්‍රතිඵල තමා මේ. දැන් මේක සාධාරණයි කියලා කෑ ගහපු ආන්ඩුවේ හාල් පාරුවෝ මක්කයි දන්නෙ නෑ දොඩන්නේ. මළ බද්දේ හැදිලා නටනවා ඇති මයේ හිතේ...

    අජිත් නෙවාඩ් ක්බ්‍රාල් මහත්තයා කිව්වේ උද්දමනය අඩුවෙලයි කියලා. එයාගේ එකද අපේ එකද දන්නෙ නෑ....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා