ආණ්ඩුවේ නීතියේ හස්තය විහිදෙන දුර කෙතරම්ද?

අගමැති දි.මු. ජයරත්න විසින් මැයි 08 දින පාර්ලිමේන්තුවේදී පැහැදිලි කරන ලද පරිදි, කොළඹ හිටපු උප නගරාධිපති අසාද් සාලි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඉන්දියාවේ විකටන් වෙබ් අඩවියට කරන ලද ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය මගින් විග්‍රහ කර ඇති පරිදි වැරදි වන "ලංකාණ්ඩුවට විරුද්ධත්වය දැක්වීමේ හැඟීම් ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත්කිරීම, වැසියන් අතර අසන්තෝෂය හෝ විරුද්ධත්වය ඇති කිරීම හෝ පන්ති අතර සතුරු වූ ද අසමඟි වූ ද හැඟීම් වැඩිදියුණු කිරිමට තැත්කරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම" යන චෝදනා මත ය. (for exact section visit Section 120 of Penal Code of Sri Lanka and the Azath Salley's interview)

මේ චෝදනාව මත තව කීදෙනෙකු නම් අත්අඩංගුවට ගන්නට පුළුවන්ද යන්න වහා විමසා බැලිය යුතුය. 

පාලක රෙජිමට කඩේ ගොස්, ලැබුණු වරදාන මදි යයි සිතමින‍් අතෘප්තියට පත්ව සිටි තනි අලියෙකු වූ අසාද් සාලිට තිබුණ ප්‍රශ්නය වන්නේ සිය දේශපාලන අනන්‍යතාව නව මානයකින්  ගොඩනඟා ගැනීමයි. ඒ සඳහා මුස්ලිම් ජාතිවාදය හොඳ පාරක් ලෙස ඔහු දක්න්නට ඇත. දුරදිග බැලීමට තරම් බුද්ධියක් නැතිකමත් මේ තණ්හාව සමග මුසු වන්නට ඇත.

අවසානයේදී ඔහු කියා ඇත්තේ මෙ‍සේය:"මුස්ලිම් ජාතිකයෝත් දෙමළ ජාතිකයන් කලින් කළ ආකාරයේ සන්නද්ධ අරගළයක් දියත් කළ යුතුයි. අවශ්‍ය ආයුධ මිළ දී ගත් පසු ඒ අරගළය ආරම්භ වේවි."

‍සැබෑ සන්නද්ධ අරගළකරුවෙකු මෙවැනි මෝඩ ප්‍රකාශ කරාවි යයි සිතන්නට බැරිය. අනෙක සාලිගේ අවස්ථාවාදීකමේ තරම අනුව ඔහු මෙවැනි අනතුරුදායක වැඩකට අත ගසනු ඇතැයි ද සිතිය නො හැකිය. 

මෙතැන සිදු වන්නට ඇත්තේ අර "කොහොමද නයින්ගේ අපේ වැඩ?" කියා ගැරඬියා කියූ ආකාරය හා සමාන දෙයකි.

හැබැයි, ලංකාවේ සිටින මෙවැනි එකම ගැරඬියා මොහු පමණක් නොවේ. 

ප්‍රසිද්ධ ජාතිවාදී භික්ෂූන් ඇතුළු තවත් බොහෝ දෙනෙක් ඉහත චෝදනාව යටතේ විග්‍රහ කළ හැකි ප්‍රකාශ කර තිබේ. ප්‍රකාශ පමණක් නොව ඇතැමෙක් පැහැදිලිවම මෙවැනි ක්‍රියාවලද යෙදී ඇත. 

ෆේස්බුක් වීරයෝ ද විශාල පිරිසක් ද මෙවැනි ක්‍රියාවල යෙදෙති. දැන් අපට අසන්නට තිබෙන ප්‍රශ්නය මෙසේය: ආණ්ඩුවේ නීතියේ හස්තය විහිදෙන දුර කෙතරම්ද?

Read: Section 120 of Penal Code of Sri Lanka and the Azath Salley's interview

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. නීතීයේ හස්තය කොහොමත් පීඩිතයට, සාධාරණ මනුස්සයට, ඇත්ත කතාකරන එකාට, ලියන එකාට එල්ල වෙලා ගොඩක් කල්. ඒකට විරුද්ධව කතා කරන්න ලියන්න ඕනා තමයි. ඒත් හලාල් නීති ගත කරගෙන, මුස්ලිම් ව්‍යාප්තවාදයක් සමග, තලෙයිබාන්කරනයකට ලංකාව ගෙනයාම නම් අනිවාර්යයෙන් නැවැත්විය යුතුමයි. නුවර ඉන්න පැරාට නොපෙනුනාට. කොළඹ ඉන්න අපි ඒක හොඳට දකිනවා. බොරුනම් සෙනසුරාදා හවසක ගෝල්පේස් පිට්ටනියට ඇවිත් යන්න. මේක නිකන් සව්දිය වගේ. බොබසෙ ක්‍රියාදාමය කිසි සේත්ම අනුමත නොකලත් (පැවිද්දන් මැදිහත් වූ නිසා.) පල්ලියේ ක්‍රියාකාරිත්වය එයින් පසු බැස්සා. අන්වර් මනතුංගලත් කට වහ ගත්තේ ඊට පස්සෙයි. බලයට පෙරේත අසාත් සාලි අවි අතට ගන්න ඕන කියන්නේ, ඒ මොරාල් එක ආයෙත් පටන් ගන්න. ඒ ගත්ත ක්‍රමය පිළිබඳ නීතී ප්‍රශ්න , සදාචාර ප්‍රශ්ණ තියෙන්න පුළුවන්. ඒත් ෆොන්සේකා මහත්තයට තරම් පීඩාවක් දීලා නෑනේ. කස්ටියක් අවි අරගෙන අවුරුදු 30 ක් මේ රට කාබාසීනියා කලා. පැරා කැමති මුස්ලිම් අයත් ආයෙත් ඒ වගේ ගේම් එකකට සෙට් වෙනවටද...?

    සාලිට නෙමෙයි, සිංහල එකෙකුට උනත් මේ ආන්ඩුව සලකන්නෙ මෙහම තමයි. ඒත් ත්‍රස්තවාදයක් නවත්වන එක ළොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. 100% hari mathalan.

      rata venuven karanna puluwan uparima kepakirima karapu SF va hire dagena vada deddi katak eriye nethi samaharak higana sinhalayo me vage melo rahak nethi jambayan venuvenuth peni sitima lajjavak.asad sali kiyanne hakeem vagema avasthavadiyek.thamange vasiyata eheta meheta penna eka vitharai u kale.

      Delete
    2. මාතලන් ඔබ අමතක කරන දේ තමයි මුස්ලිම් / තලේබාන් ව්‍යාප්තවාදයක් තිබේනම් එය නැවැත්විය යුතු වන අතරම සිංහල බෞද්ධ අන්තවාදයද නැවැත්විය යුතුයි කියන දෙය. ඔබ මුස්ලිම් අන්තවාදයට තදින් විරෝධය දක්වන අතර සිං/බෞ අන්තවාදයේදී ඉතාම සහනශීලීයි. [ .... බොබසෙ ක්‍රියාදාමය කිසි සේත්ම අනුමත නොකලත් (පැවිද්දන් මැදිහත් වූ නිසා.!!!] සහ එය අනුමතත් කරනවා [පල්ලියේ ක්‍රියාකාරිත්වය එයින් පසු බැස්සා.!!!!]

      මාතලන්, ඔබ මේ ඉල්ලන්නේ කැලේ නීතියයි.

      ..සෙනසුරාදා හවසක ගෝල්පේස් පිට්ටනියෙ, සුපිරි වෙලඳ සැල්වල, පෞද්ගලික රෝහල්වල මුස්ලිමුන් (සිං/බෞද්ධයන්ට වඩා ) වැඩිපුර සිටීම ඔබට දරාගැනීමට අමාරුද?

      -Dimithri

      Delete
    3. //".සෙනසුරාදා හවසක ගෝල්පේස් පිට්ටනියෙ, සුපිරි වෙලඳ සැල්වල, පෞද්ගලික රෝහල්වල මුස්ලිමුන් (සිං/බෞද්ධයන්ට වඩා ) වැඩිපුර සිටීම ඔබට දරාගැනීමට අමාරුද?"//

      ඔබ සිංහලයෙකු නම් (නමට හෝ) ඔබටත් දරාගැනීමට බැරි දවසක් එයි,එදාට ප්‍රමාද වැඩිවෙයි,

      Delete
    4. ඒ මිනිස්සු ඕන තරම් උන්නට අවුලක් නෑ. අපි ඔහෙලට වඩා සාමයට කැමතියි. නමුත් ලංකාවේ තලේබන්කාරයෝ ඉන්නවා දකින්න නම් කිසිසේත්ම කැමති නෑ. ලාංකික මුස්ලිම් මිනිහට තිබුනා වෙනම ඇඳුමක්, ඒ ඇඳුමේ මුස්ලිම් මිනිහට නිදහසකුත් තිබුනා. ඔය මැලේසියාවේ ඉන්දුනීසියාවේ අය අඳිනවා වගේ. අද මැද පෙරදිගත් වේගයෙන් ළෝගු ගලවලා විසිකරලා, හිජාබ් එකත් බොඩර්න් වෙලා, සව්දියෙත් කාන්තා නිදහස වෙනුවෙන් කතා කරන අය බිහිවෙලා ඉන්න කාළේ මුදල් බලයෙන්, මෙහේ හලාල් බලෙන් දීගෙන කරන්න ගිය දේ නවත්තපු එක බොබසෙ නෙමෙයි මොකා කලත් හොඳ හ්ඩෙයක්. ඒත් බොබසෙ ඒක පැපිලියානේ ක්‍රමේට කරනවටත් අපි විරුද්ධයි. ඒක කරපු උන් ගිහියෝ තිය පැවිද්දෝ උනත්, අසාත් සාලිට කරන දේ උන්ටත් කළ යුතුමයි. නැතිනම් සාලිට කරපු දෙයින් වෙන්නේ, ජාත්‍යන්තරව කිච වෙන එක විතරයි. කොහොමත් මම කොළඹ තලෙයිබාන් කාරයෝ දකින්න කැමති නෑ.

      Delete
    5. @ දිමිත්‍රි

      කැලෑ නීතිය, ෂරියා නීතියට වඩා බොහෝම ඉදිරියෙන් තියෙන්නේ..

      Delete
    6. //".සෙනසුරාදා හවසක ගෝල්පේස් පිට්ටනියෙ, සුපිරි වෙලඳ සැල්වල, පෞද්ගලික රෝහල්වල මුස්ලිමුන් (සිං/බෞද්ධයන්ට වඩා ) වැඩිපුර සිටීම ඔබට දරාගැනීමට අමාරුද?"//

      අප කැමති වුවත් අකමැති වුවත් සත්‍යය ඒය නම් ඒහි වැරදි කරුවන් කවුද? ඒ වැනි තත්වයක් අැති වුනේ කෙසේද? යන්න විමසා බලා ඒයට පිලියමක් යොදනු වෙනුවට බෞධයින් ගේ සිත්තුල මුස්ලිමුන් කෙරෙහි අපුසාදයක් අැති කිරීමට උත්සාහ කිරීම ඥානාන්විත නොවේ. ඒය ජාත්‍යන්තරවද ශ්‍රී ලංකාවට අවාසි සහගත තත්වයක් උදා කිරීමට බලපෑ හැක.අද වනවිට මිලියනයකට අධික පිරීසක් මැද පෙර දිග සේවය කරන අතර ඔවුන් සියළු දෙනාම සේවය කරන්නේ මුස්ලිම් රටවලය. පදනම් විරහිත චෝදනා නගමින් මුස්ලිම් දේශපාලන නායකයින් අත් අඩංගුවට ගැනීම් සහ පසු ගිය කාලයේ බොදු බල සේනා වැනි සංවිධාන වලින් මුස්ලිම් ජාතිකයින්ට සිදු වූ අසාධාරනකම් වැනි දේ ඒම රටවල නායකයින් සැලකිල්ලට ගතහොත් ශ්‍රී ලාංකිකයින්ට මැද පෙර දිග රැකියා අවස්ථා අහිමි වීම වැනි අවදානම් සහගත තත්වයක් උදාවිය හැකිය.
      ඒ මෙන්ම අසාද් සාලි වැනි අවස්ථාවාදී ස්ථිර ප්‍රතිපත්තියක් නැති දේශපාලනඥයෙකුට ත්‍රස්තවාදය වැනි උපරීමයෙන් කැපවිය යුතු ක්‍රියා දාමයකට නායකත්වය සැපයිය හැකියයි සිතිය නොහැක. ඔහු තලේබාන් වරුන් සමග සම්බන්ධතා පවත්වනවා නම් ඒ පිලිබද් සාක්ෂි ඉදිරිපත් කර ඔහුව අත්අඩංගුවට ගැනීමට නීතියෙන් ඉඩක් තිබේ. ඔහු සමග ගනුදෙනු කල තලේබාන් වරයෙකු තබා ඒක් අැෆ්ඝන් ජාතිකයෙකු ගැන හෝ තොරතුරු තිබේද? ඒසේත් නැතිනම් ඔවුන් සමග ගනුදෙනු කල "ඊමේල්" හෝ "දුරකථන සංවාද" වැනි සාක්ෂි තිබේද? ඒසේත් නැතිනම් ඔහු කෙලින්ම අැෆ්ඝනිස්තානයට හෝ පාකිස්තානයට තලේබාන් වරුන් හමු වූ බවට තොරතරු තිබේද? ඒ වැනි තොරතුරු කිසිවක් නැතිව කොළඹ තලේබාන් වරුන් දකින්නට අකමැති යයි ප්‍රකාශයක් කිරීමේ පදබමක් තිබේද?
      //".සෙනසුරාදා හවසක ගෝල්පේස් පිට්ටනියෙ, සුපිරි වෙලඳ සැල්වල, පෞද්ගලික රෝහල්වල මුස්ලිමුන් (සිං/බෞද්ධයන්ට වඩා ) වැඩිපුර සිටීම ඔබට දරාගැනීමට අමාරුද?"//

      මේ තත්වයට වගකිව යුත්තේ රාජපක්ෂ රජයයි.සිංහල ව්‍යාපාරිකයින්ට සිදුකරනු ලබන අකටයුතු කම් හමුවේ අද සිංහල ප්‍රජාව ව්‍යිපාරික ෙක්ෂ්ත්‍රය තුල මුදල් අායෝජනය කිරීමෙන් වැලකී සාටීමේ පිලිවෙතක් අනුගමනය කරති. ඒහි ප්‍රතිඵලයක් වශයෙන් තමය් අදවන විට ගෝල් ෆේස් ඒකේ, සුපර් මර්කට වල සහ පෞගලික රෝහල් වල සිංහල බෞධ ජනයා අඩු වෙලා තිබෙන්නේ. අාදායම අඩු වීමත් ජීවන වියදම ඉහල යාමත් නිසා සිංහල බෞධයා ගෙන් බහුතරයක් තව තවත් ප්‍රශණ වලින් මිරිකෙමින් අත්‍යාවඹ්‍යය දේ වලට පමනක් වියදම් කරමින් ජීවත් වන තත්වයට ඔවුන් පත් කල රජයයි මෙයට වගකිව යුත්තේ. සිංහල වුවත් මුස්ලිම් වුවත් තමන්ට කුට්ටිය ලැබෙනවා නම් ඔවුන්ට රැකවරණය දෙන්න මෙ මුග්ධ අාණ්ඩුව නොපැකිල ඉදිරිපත් වේ. දැන් දැන් ධම්මික පෙරෙරාටත් පලා බෙදන අයුරක් දක්නට අැත.
      "උෟ මුස්ලිම් නිසා උෟට කෙලවුනාට කමක් නැතැ"යි සිතා අප නිහඩව සිටිය හොත් හෙට අපටද බෙදන්නේ ඒ හැන්දෙන්ම බව අප සිහි තබා ගත යුතුය.අද වන විට අැති අළුත්ම අාරංචිය නම් "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රදවා ගැනීමේ නියෝග නිකුත් කරන පත්‍රිකා 5000ක් අළුතින් මුද්‍රණය කිරීමට අැනවුම් කර අැත" යන්නයි.

      Delete
    7. @මාතලන්,

      මම හිතන්නෙ කැලේ නීතිය (ශරියා නීතියට එදිරි දේශීය චින්තනය!) ශරියා නීතියට වඩා හොඳයි කියපු ඔබට කීර්ති රටේරාල ඉතාම පැහැදිලි පිලිතුරක් ඉහත දීලා තියෙනවා.

      - Dimithri

      Delete
  2. \\‍සැබෑ සන්නද්ධ අරගළකරුවෙකු මෙවැනි මෝඩ ප්‍රකාශ කරාවි යයි සිතන්නට බැරිය\\
    ( හ්ම් හ්ම් )

    ReplyDelete
  3. I have not sympathy for Asath Sali, whether the way he was dealt with right or wrong, these oppurtunistic buggers need a good slap on their cheeks.

    See Rauf Hakeem keeping silent, because he was a fraud and he raped Kumari Cooray and murdered, he can open his mouth or Rajapaksha will send him to jail..

    I am 100% agree with dealing with muslim extremism, whether its right way or wrong way, i dont care..

    You will understand, the day, when your daughter is kidnapped, raped and murdered by a muslim...

    ReplyDelete
  4. රටේ බෙදුම්වාදී කුමන්ත්‍රණ ඉටු කරනා අජිත් ජයසිංහ වැනි කුහකයන්ට දැන් දැන් ඇන්ජිඕ මුදල් පෙර සේ ලැබෙන්නේ නැත. එම නිසා අන්ත හිගමනෙට වැටී ඇති අජිත් ජයසිංහ වැනි උදවිය දැන් වියුරු වැටී ඇත. එම නිසා ඔවුන්ගේ වැයම යුද්ධය අවසන් කෙරු,ත්‍රස්‌තවාදය පරාජය කොට රට එක්සේසත් කෙරු මෙම රජය පලවා හැර කොටියා නැවත රජකොට කියක් හරි හොයා ගැනීමය.

    අජිත් පැරකුම් ජයසිංහ දැන් මෙහි වෙළද දැන්වීම් පලකොට කියක් හරි හොයා ගැනීමට වැයම් කරන්නේ එබැවිනි. මෙහි වෙළද දැන්වීම් පලකරන්නට යම්කසි පාර්ශවයක් අදහස් කරන්නේ නම් අප ඔවුන්ට දන්වා සිටින්නේ මෙවැනි රට පාවාදෙන කුහකයන්ගේ බ්ලොග් අඩවිවල දැන්වීම් දමා තමුන්ගේ නිෂ්පාදනයේ තිබෙනා අලෙවියත් අඩු නොකරගන්නා ලෙසය. උඩ දාගෙන හලාල් කරේ තියං ගිය වෙන්ඩෝල් උන්නැහේට උන දේ අමුතුවෙන් මතක්කොට දියයුතු නැත.

    එසේම අජිත් ජයසිංහ ගේ භාෂා පරිවර්තන සේවාවන් ලබා ගන්නා උදවියද තමුන්ට වටින්නේ රටද නැත්තන් මෙලෙස රටට කෙලවෙනකන් බලන සිටිනා අජිත් ජයසිංහ වැනි උදවියද බව තීරණය කල යුතුය.

    අජිත් ජයසිංහ සේවාවන් ලබා දෙන Yamu වෙබ් අඩවියටද මොහුගේ සේවය ලබා නොගන්නා ලෙසට බලපෑම් කලයුතුය.

    කල යුත්තේ මෙවැනි රටට එරහිවන පුද්ගලයන් කොන්කර දැමීමය.

    ReplyDelete
    Replies
    1. අනේ පලයන් පොන්නයො යන්න.... ගිහින් පුක දීපන්..... තොපි තමයි රට කාපු ගෙරි හැත්ත.....

      Delete
  5. මෙහිදී පැන නගින ගැටළුව වන්නේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීඹ නොව ඒයට ඉවහල් වූ නිතිමය රාමුවයි. SF ගේ සුදු කොඩි නඩුවේ මෙන්ම මෙහිද මූලික චෝදනාව ගොනුවන්නේ පුවත් පත් වාර්තාවක් පදනම් කොට ගෙනය. මුස්ලිම් තරුනයන් අවි අතට ගන්නවා නම් ඒ වෙනම රාජ්‍යයක් ලබාගැනීමේ අරමුණ අැතිව විය යුතුය. කොලඹ අැතුළු නාගරික පලාත් බොහොමයක තම ව්‍යාපාර කටයුතු සාර්ථකව කර ගෙන යන මුසුලිම් ජාතිකයින් වෙනම රාජ්‍යයක් දිනා ගැනීම වැනි අඥාන වැඩපිලි වෙලකට යොමු වෙතැයි උපකල්පනය කැරීම අපහසුය. තමුන්ට වඩා දේශපාලන මෙන්ම පිරිස් බලය අතින්ද ඉදිරියෙන් සිටි දෙමල ජාතිවාදීන්ට අත්වූ ඉරණම පිලිබදව මුස්ලිම් ජාතිකයින් හොදින් දනී. අඩුම තරමේ මුස්ලිම් ජාතිකයින් රටේ රාජ්‍යය බලය අල්ලන්න හදනවා යයි චෝදනා කලානම් ඒය පිලිගැනීමට පුළුවන් කම තිබුනි.
    ඡන්ද දායකයින් ඉදරියේ තමන්ගේ ප්‍රතිබිම්භය පුම්භා ගැනීම සදාහා අැතැම් දේශපාලනඥයින් නොයෙකුත් ප්‍රකාශ සිදුකරන අතර අසාද් සාලිද ඒ වැන්නෙකි. අවස්ථාවාදී දේශපාලනයේ යෙදීම නිසා කොළඹ නගරාධිපති වීමට තිබූ ඉඩකඩ අසුරා ගත් අසාත් සාලි සමස්ත මුස්ලිම් ජනතාවගේම වීරයෙකු වීමට උත්සාහ දරනවා වෙන්නට පුළුවන. අජිත් ජයසිංහ සදහන් කර තිබුනා සේ මෙම අත්අඩංගුවට ගැනීමේ පිලිවෙත රජය විවේචනය කරන අනෙකුත් දේශපාලනඥයින්ටද අනුගමනය කිරීමෙ අවදානමක් අප ඉදිරියේ අැත. අපට අාරක්ෂා වීමට සිදු වී අැත්තේ මුස්ලිම් ත්‍රස්තවාදහන් නොව රාජ්‍යය ත්‍රස්තවාදයෙනි.
    තමන් සතු අාණ්ඩු බලය හැකිතාක් කල් පවත්වා ගෙන යාම සදහා ඔවුන් විසින් ග්‍රීස් යකුන්, ගෝනි බිල්ලන්,ත්‍රස්තවාදීන්, අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රණ කරුවන්, අාර්ථික ඝාතකයින්,වැනි නිර්මාණ සමාජ ගත කරයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා