මැයි 21 දැන ගියොත් කතරගම ය. නො දැන ගියොත් අතරමග ය.

මැයි 21 වර්ජනයට අපි සහභාගි වෙමු. එහෙත්, අප‍ට ඒ පිළිබඳව අපට තිබෙන ප්‍රශ්න කීපයක් 'පළමුව මරණය - දෙවනුව මව්බිම' හෙවත් මැයි 21දා‍ වර්ජනය නම්  ලිපියෙහි දැක්වීමු. 

අප දකින ආකාරයට මේ වර්ජනයට ජනතාවගෙන් යම් මට්ටමක හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු විය හැකි ය. එසේ සිදු වන්නේ එය කැඳවූ වෘත්තීය සමිතිවල ශක්තිය නිසා නොව ‍රටේ ජනතාවට මේ ආණ්ඩුව එපා වී තිබෙන නිසා ය.  

මෙම වර්ජනය කැඳවූ නායකත්වයට ඊට පෙර උද්ඝෝෂණයක් කැඳවීමේ ශක්තිය තිබුණා ද යන්න ප්‍රශ්නයකි. විදුලි බිල වැඩි කිරීමට එරෙහි වෘත්තීය සමිති එකමුතුව විසින් කැඳවන ලද මැයි 15දා උද්ඝෝෂණය එයට ලැබුණු පුළුල් සහ‍යෝගය නිසා සාර්ථක විය. මැයි 21 වර්ජන තීන්දුවට මෙම වෘත්තීය සමිති එකමුතුව සම්බන්ධ නැත. ඔවුන් මැයි 21 වර්ජනයට සහභාගි වනවාද යන්න ද මේ මොහොත වන විටත් තීරණය කර නැත. වෘත්තීය සමිති සහයෝගය වෙනුවෙන් සහෝදර සාකච්ඡා ද නැත. අනාගත ඇමතිවරයකු වන ලාල් කාන්ත දැන් සිටම හැසිරෙන්නේ බලයෙන් හිස උදුම්මාගෙන ය. 

සමස්ත මහා වැඩ වර්ජනයක් යනු සෙල්ලමක් නොවේ. එවැන්නක් කැඳවිය යුත්තේ මාධ්‍ය නිවේදනයකින් නොවේ. වෘත්තීය සමිති වෙන වෙනම එකී තීන්දුවට පැමිණිය යුතු ය. වෘත්තීය සමිති එවැනි තීන්දුවක නොමැති විට සාමාජිකයන්ට සිදු වන්නේ ලෙඩ නිවාඩු දැමීම වැනි සීමිත ක්‍රියාමාර්ගයකට යන්නට ය. වර්ජනයක් යනු නො දන්වා සේවයට නො පැමිණ සිටීමේ සංවිධානාත්මක විරෝධතාවකි. ලෙඩ නිවාඩු දැමීමක් නො වේ.

මහජන විරෝධය යනු පරිස්සමෙන් හැසිරවිය යුතු දෙයකි. නැතිනම් එයින් යහපත් සමාජ වෙනස්කම් නිර්මානය වන්නේ නැත. ඒ පිළිබඳ ජාත්‍යන්තර උදාහරණ මෑත ඉතිහාසයෙන් ම උපුටා දැක්විය හැකි ය. මහජන උද්‍යෝගය මැදට රිංගන අවස්ථාවාදීන් තවත් පීඩාකාරී ව්‍යූහයක් බිහි කිරීම සඳහා බලය‍ ලබා ගැනීමට ගන්නා උත්සාහය පැරදවීම අරගළයේ ම කොටසකි.

දැන් සිදු වන දේ අනුව, සිය ලාභ පදනම් ආරක්ෂා කර ගැනීමේ චේතනාවෙන් ලංකාවේ පාලනය වෙනස් කිරීමේ ස්ථිර තීන්දුවට දේශීය හා ජාත්‍යන්තර ධනේශ්වර බලවේග එළඹ ඇති බව පෙනේ. ඒ සඳහා අවශ්‍ය මූලික සන්ධානය නිර්මානය කරමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අතරයි. ආණ්ඩුවේම සිටින තවත් තක්කඩින් පිරිසක්ද ගලවාගෙන ඔලු මාරු කර පරණ ඇඟ ම යළි බලයේ පිහිටුවන වෙනසක් සැලසුම් වෙමින් තිබෙන බව අ‍පේ නිරීක්ෂණයයි. ජනතාවගෙන් බලාපොරොත්තු වන්නේ මේ සැලසුම නමි අනුන්ගේ හොද්දට පාන් වීමයි. පාන් වුණාට කමක් නැත. අප අඩු ගානේ රෝස්පාන්වත් විය යුතු ය.

සමස්ත මහා වැඩ වර්ජනයකට පෙර කළ යුතු ගෙදර වැඩ බොහෝ තිබේ. වෘත්තීය සමිති අභ්‍යන්තරයේ මේ පිළිබඳ සාකච්ඡා විය යුතු ය. සන්ධාන ගොඩනැඟිය යුතු ය. ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාමූහික තීන්දු ගත යුතු ය. එක පාරට ම සමස්ත මහා වැඩ වර්ජනයක‍ට නො ගොස් පියවරෙන් පියවරට ඉදිරියට යා යුතු ය. ජවිපෙ මේ ක්‍රමවේදය පැත්තකට දමා ලහි ලහියේ මේ වර්ජනය කැඳවන්නේ ආණ්ඩු වෙනස සඳහා වූ වැඩසටහනේ සිය වැඩකො‍ටස ලෙස  වන්නට පුළුවන. නැතිනම් නැගී එන මහජන විරෝධය දිය කර හැර හෝ කඩාකප්පල් කර හෝ රාජපක්ෂ රෙජිම රැක දීමට වෙන්නත් පුළුවන.

ඔවුන්ට මෙය සැබෑ, සාර්ථක වැඩ වර්ජනයක් බවට පත් කරගන්නට අවංක උවමනාවක් නැත. ඔවුන් සැලසුම් කරන්නේ මාධ්‍ය හරහා වර්ජනය කැඳවූ පරිද්දෙන් ම මාධ්‍ය මගින් එහි සාර්ථකත්වය ද නිවේදනය කරන්නට ය.මේ හා සම්බන්ධ ප්‍රවෘත්ති ටික දැන් ලියා අවසන් ව තිබෙන්නටත් පුළුවන. ආණ්ඩුවේ පච මෝල් ටික වර්ජනය අසාර්ථක බව නිවේදනය කළ විට වර්ජනය සාර්ථක ය කියන පුවතට නිකම් ම යුක්තියුක්තභාවයක් ලැබේ.

අපි මේ ආණ්ඩු වෙනස් කිරීමේ කුමන හෝ වැඩසටහනකට කිසි සේත් ම විරුද්ධ නැත. එය ‍‍එහෙම ගියාට අපට කමක් නැත. ලංකාවේ ජනයා විප්ලවයකට සූදානම් යයි අපි නො සිතමු. එහෙත්, මහජන අරගළයක් හරහා සිදු වන කවර හෝ වෙනසක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් විය යුතු බව අපගේ අදහසයි. ඔලු මාරු වන බල ගේම් හරහා ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වේ යයි සහතික විය නො හැක. ඒ සඳහා ජනතාව අරගළ කළ යුතු ය. ජනතාව සිදු වන දෙය තේරුම් ගෙන සිටීම අනිවාර්ය වේ. 

දැන ගියොත් කතරගම ය. නො දැන ගියොත් අතරමග ය.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. විප්ලවය ආරම්භ කල යුත්තේ කොතනදීද , මෙහෙයවන්න ඕනේ කොතනනදීද , විප්ලවය අවසන් කර නියමිත විදිහට විසිර යායුත්තේ කොහොමද කියන එකත් හරි වැදගත්.ඔය දේවල් ගැන වැටහීමක් නැතුව පටන් ගන්න හැම දේම සුනුවිසුණු වෙනවා.ජයගත්තත් වැඩක් නැහැ.තනතුරු වලට ලෝභ කමේ එක එක්කෙනා මරාගෙන විනාශ වෙනවා පස්සේ පහු වෙද්දී.

    සියල්ල අවසානයේ නැවත මුලට. ආයේම විප්ලවේ....

    ReplyDelete
  2. මේ බලය ලබා ගැනීමේ විරෝධයක් හෝ විප්ලවයක් නොවේ. විදුලි බිල වැඩිවීමට එරෙහි වැඩ වර්ජනයක් පමණි. ආන්ඩුව අපි ඡන්දෙදි පෙරලමු...

    ReplyDelete
    Replies
    1. පෙරලමු..... රනිල්ව ඊලගට පත් කරමු....

      Delete
    2. පරණ බයිලාවක් ආයෙත් ඇහෙන්න පටන් අරන් වගේ......ලාවට වගේ මතකයි ....

      Delete
    3. කවුද බන් රනිල් කියන්නේ? යුඑන්පි කියල ඒකාලේ තිබුන පක්ෂේ පුටුවක් බදන් හිටපු චාර්ටර් බුවාද?

      Delete
    4. එල ඒ මැන්ටලේ තමයි

      Delete
    5. රනිල් නෙමෙයි අපි ගේනවා ලාල් කාන්ත...

      Delete
    6. ඇයි බන් මේ මාතලන් කියන හාදයා පිස්සු පීකුදු වෙච්ච වැරදියට කැරකෙන ග්‍රහයෝ ෆෝම් කරන්න හදන්නේ, ෆුල් කුජිතයිනේ හලෝ.

      Delete
    7. රනිල් නෙවෙයි ජීන මඩම්ව හරි ගෙනල්ල ඉන්න ගොබිලව පන්නන්න ඕන. නැත්නම් ඔක්කොම ඉවරයි.

      Delete
  3. කවුද බන් රනිල් කියන්නේ? යුඑන්පි කියල ඒකාලේ තිබුන පක්ෂේ පුටුවක් බදන් හිටපු චාර්ටර් බුවාද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා