බොදු බල සේනා, මෙත් සෙවණ හා ජර්මානු රාජ්‍ය නො වන සංවිධාන

Meth Sevana, Galle
(මෙම සිද්ධියට අදාල අපගේ ගවේෂණාත්මක වාර්තාව ඉංග්‍රීසි බසින් මෙතැනින් කියවන්න) ගාල්ලේ, පිලානේ පිහිටි මෙත් සෙවණ මධ්‍යස්ථානයෙන් වහාම ඉවත්වන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණේන්ද්‍ර මුණසිංහ මහතා ජී. ඥානසාර හිමි ඇතුළු බොදු බළ සේනා සංවිධානයටට අද (29) නියෝග කර ඇත.

බටගොඩ ගමගේ අසංක අමරසිරි නමැති අය විසින් ගොනු කරන ලද පෙත්සමක් විභාග කළ විනිසුරුවරයා එම තීන්දුව දී ඇත. බොදු බලසේනාවේ මහ ලේකම් ජී. ඥානසාර හිමි, ඇඹිලිපිටියේ විජිත හිමි, විතාරන්දෙණියේ නන්ද හිමි සහ ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් නමැති රාජ්‍ය නොවන සංවිධානය වග උත්තර කරුවන් කරමින් පෙත්සම පවරා තිබිණි.

තමන්ට අයිති අක්කර 3 ක ඉඩම හා අදාළ දේපල 2012 දෙසැම්බර් 16 දා බොදු බල සේනා සංවිධානය විසින් බලහත්කාරයෙන් අත්පත්කර ගෙන ඇති බව සඳහන් කරමින්, පෙත්සම්කරු 2013 පෙබරවාරි 14 දා අධිකරණයට අදාල නඩුව ඉදිරිපත් කර තිබේ. ඒ අතර, බොදු බල සේනා සංවිධානය පසුගිය මාර්තු මස 09දා තමාට හිමි ඉඩමේ තිබු ගොඩනැගිල්ල 'මෙත් සෙවන' ලෙස නම් කොට ආරක්ෂක ලේකම්වරයා එහි ගෙන්වා එහි අධ්‍යාපන මධ්‍යස්ථානයක් ආරම්භ කල බව අමරසිරි පවසයි.

අප මෙම සිද්ධිය පිළිබඳ කළ අධ්‍යයනයේ වාර්තාව මෙතැනින් ඉංග්‍රීසි බසින් කියැවිය හැකි ය.

මෙහි බොදු බල සේනාවත්, ලිට්ල් ස්මයිල්  ඇසෝසියේෂන් නම් රාජ්‍ය නො වන සංවිධානයත් සම්බන්ධ පාරදෘෂ්‍ය නො වන ගනුදෙනු රැසක් තිබේ.

ලිට්ල් ස්මයිල් ඇසෝසියේෂන් යනු Michael Kreitmeir නම් ජර්මානු ජාතිකයකු විසින් පවත්වාගෙන යනු ලබන රාජ්‍ය නො වන සංවිධානයකි. එහි ලංකාවේ මූලස්ථානය පිහිටා තිබෙන්නේ වැල්ලවාය, කොස්ලන්දේ, පහළ අම්පිටිතැන්න වත්තේ ය. එය ලංකාවේ පිළි ගත් රාජ්‍ය නො වන සංවිධානයකි. බොදු බල සේනා ඇකඩමිය විවෘත කළ දිනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ සඳහන් වන ආකාරයට Michael Kreitmeir මෙම මධ්‍යස්ථානය ඉදි කර නැදිමාලේ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට ලියකියවිලි සහිතව පවරා දී තිබේ.

අදාළ සංවිධානය මෙම මධ්‍යස්ථානය ඉදි කර තිබෙන්නේ ජාත්‍යන්තර වශයෙන් රැස් කරන ලද අරමුදල්වලිනි. එහෙත්, එසේ අරමුදල් රැස් කර තිබෙන්නේ බොදු බල සේනා වැනි ස්වෝත්තමවාදී සංවිධානයක පුහුණු මධ්‍යස්ථානයක් ඉදි කිරීමට කියා නො වේ.

වාර්තා වන පරිදි රු. කෝටි 15ක් පමණ වැය කර ඉදි කරන ලද මෙම මධ්‍යස්ථානය බොදු බල සේනාවට පවරා දෙන්නට මේ ජර්මානු ජාතිකයාට තිබූ‍ හේතුව කුමක්ද? එසේ පවරා දුන්නා නම් වෙනත් පුද්ගලයකු මෙසේ එම මධ්‍යස්ථානය තමන්ට හිමි යයි කියා නඩු දමන්නේ කෙසේ ද? පිළිගත් රාජ්‍ය නො වන සංවිධානයක් පුද්ගලයින්ගේ නමට දේපල මිළ දී ගැනීමක් සිදු වී තිබේ නම් එයට හේතුව කුමක්ද?

2010 අගෝස්තු 17දා Michael Kreitmeir නම් පුද්ගලයා විශේෂ කාර්ය බලකාය විසින් සියඹලාණ්ඩුවේදී නිර්මානය කරන ලද මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් බවක් හා ඔහුට විරුද්ධව නඩු පවරන ලද බවක් ආසියානු මානව හිමිකම් කොමිෂමේ වාර්තාවක දැක්වේ. එම නඩුවට කුමක් වූයේදැයි අපට තවම සොයා ගත නො හැකි විය. 

Read full report:

Bodu Bala Sena's Associations with Little, Little Smiles



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අග මුල නොවැටහේ. කරුණාකර නැවත ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔබට අග මුල නොවැටහේ නම් මං හිතන විදියට මේ පෝස්ටුවේ අරමුණ ඉටු වී ඇත.

      බොදු බල සේනාව, මෙත් සෙවණ, සහ Michael Kreitmeir අතර සම්බන්ධයේ අග මුල මටත් නොවැටහේ.

      Delete
  2. nodanna de gena katha nokaranna ................

    ReplyDelete
  3. මූටද අගක් මුලක් නැත. හරකෙකි

    ReplyDelete
  4. බුද්ධියෙන් අදහස් පළ කරන්න.....???
    hiKKK

    ReplyDelete
  5. පුංචි සිතේ පුංචි සිනා මල් හසරැල්ලේ
    රංචු ගැහී හාද වෙලා........

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා