බොදු බල සේනාවේ අනාගත රජු කවුරු ද?
බොදු බල සේනාව ඉදිරි මහ මැතිවරණයට තරග කරන බව නිවේදනය කළේ ය. එය කිසි සේත් ම පුදුමයට කාරණයක් නො වේ. හැංගි හැංගි වෙස් බඳින්නේ නොබෝ දිනකින් එළියට එන්නට බව නො දැන සිටියේ කවුරු ද? හාමුදුරුවරුන් පාර්ලිමේන්තුව ආදී මහජන නියෝජිත සභාවලට පත් වීමට මැතිවරණවලට තරග නො කරන බව ද ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පැවසී ය. මෙය ඔය කියන තරම් හොඳ දෙයක් නො වේ. ප්රජාතන්ත්රවාදී මහජන නියෝජිතායතන ඉක්මවා ගිය ආගමික සුපිරි සභාවක් ගැන මොවුන් සිහින දකිනවා විය හැකි ය. අනෙක් වැදගත් කාරණය ඥානසාර භික්ෂුව සිය නායකයා ගැන කියූ කතන්දරයයි. අප නම් අනුමාන කරන්නේ මේ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ගැන ය කියා ය. ඔහු හෝ වෙනත් කවුරු හෝ බොදු බල සේනා නායකයා රජ කරන්නට බොදු බල සේනාව ගන්නා ක්රියාමාර්ග ප්රජාතන්ත්රවාදී රාමුව තුළ සිදු වන්නේ ද යන්න ගැන ජනතාව පමණක් නොව පාලකයින් පවා අවදියෙන් සිටිය යුතු බව අපි පෙන්වා දෙන්නෙමු. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ...