සුළි සුළඟකට මහසෙන් කියා නම තැබුවාම ඇති වැරැද්ද කුමක් ද?

දේශීය වාරි සංස්‌කෘතික උරුමය සුරැකීම පිළිබඳ ජාතික සභාව නම් අප්‍රකට සංවිධානයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තර්ජනය කර "මහසෙන්" නම සුළි කුණාටුවකට යෙදීම සම්බන්ධයෙන් 'ජාතියෙන්' සමාව ගැන්නූ බව වාර්තා වේ.

වැරදි කාලගුණ තොරතුරු සැපයීම සම්බන්ධයෙන් නම් මේ දෙපාර්තමේන්තුව කිසි දිනෙක සමාව ගත් බවක් අපි නම් නො දනිමු.

සිදු වූ වරදක්, අතපසු වීමක් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයක් මේ අන්දමින් රාජ්‍ය නො වන සංවිධානයක් ඉදිරියේ 'ජාතියෙන් සමාව ගැනීම' කියා දෙයක් මීට කලින් නම් සිදු වූයේ නැත. මේවා ඉතා නරක පූර්වාදර්ශ ය. ජාතියෙන් සමාව ගන්නට උවමනා නම් එය කළ යුත්තේ විධිමත් අන්දමින් ගැසට් නිවේදනයක් වැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ මිස මේ කොහේවත් යන රාජ්‍ය නො වන සංවිධාන ඉදිරියේ නො වේ.

නම් පැවත එන්නේ රජවරුන්ගෙන් නො වේ. රජවරුන් ඒ නම් පාවිච්චි කළ නිසා ඒවා ප්‍රසිද්ධ වූවා පමණි. රජවරුන්ට හෝ වෙන කිසිවෙකුට හෝ නම් හෝ භාෂාව හෝ අයිති නැත. ඒවා ‍පොදු ජන උරුම වේ.
මහසෙන් යනු මහා සේනාව යන අරුත් දෙන වචනයක් හෝ නමක් හෝ මිස රජෙක් නො වේ.

යමක් නම් කිරීමේදී, විශේෂයෙන් ම රාජ්‍ය ආයතන, සෑම පැතිකඩක් ගැන ම සැලකිලිමත් විය යුතු බව සැබෑ ය. එහෙත්, මෙවැනි කාරණා සම්බන්ධ නඩු අහන පොල්කටු උසාවි හා චන්ඩි බිහි කර ගැනීම නම් මහත් අනුවණකමකි.

නම් තැබීම මිනිසුන්ගේ සුන්දර සජීවී සංස්කෘතික කාර්යයකි. ඇමරිකාවේ එක්සත් රාජ්‍ය යන අරුත දෙන United States of America ඇමරිකා එක්සත් ජනපදය කියා සිංහලයෝ නම් තැබූ හ. වැරදි වුණත් ඒ භාවිතය දැන් තහවුරු වී තිබේ‍. ඒ වරද සම්බන්ධයෙන් අපි ඒ රටින් සමාව අයැදිය යුතු නැත.

ඇමති නිර්මල කොතලාවලගේ පවුලේ ව්‍යාපාරය විජය ප්‍රොඩක්ට්ස් ය. කරන්නේ කුළු බඩු ඇඹරිල්ල ය. විජය මිරිස් කුඩු, තුනපහ ආදිය තිබේ. ඉස්සර පැරකුම් උකු කිරී කියා ටින් කිරි වර්ගයක් රජයේ කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය විය. පැරකුම්බා කියන දත්බෙහෙත් වර්ගයෙන් දත් මැද මිනිස්සු කෙළ ගැසූ හ. රට පුරා තිබුණු ගාමිනී සිනමාහල්වල ප්‍රදර්ශනය වූයේ සිංහල හෝ‍බෞද්ධ‍ හෝ චිත්‍රපට පමණක් නො වේ. මේ ඇතැම් සිනමා හල් අයිති වුණේ දෙමළ ජනයාට ය. සිනමාස් සමාගමට අයත් ගාමිනී සිනමා හලට 1983දී සිංහල මිනිස්සු ගිනි තැබූ හ. සිදධාර්ථ තෛලය කාන්තාවන්ගේ පපුවේ ගෑවා ය කියා බුදුන්ට අපහාසයක් වන්නේ නැත. 

අනෙක් පැත්තෙන් සුළි සුළඟක් යනු වාර් කර්මාන්තය හා ඍජුව ම සම්බන්ධ වර්ෂාපතනයට ද හේතු වන, ඝර්ම කලාපීය උෂ්ණත්වය පාලනය කිරීමේදී ද වැදගත් වන ස්වාභාවික සංසිද්ධියකි. එයට මහසෙන් කියා නම තැබීමේ ඇති ඔය තරම් වැරැද්ද කුමක්ද? 

ඊළඟට එන්නට තිබෙන්නේ ෆයිලිං සුළි සුළඟයි. ලංකාව විසින් අනාගතයේදී නම් කරනු ලබන සුළි සුළංවලට යොදා තිබෙන නම් වන්නේ ප්‍රියා, ආසිරි, ගිගුම්, සෝබා යන ඒවායි. විරුද්ධ වෙනවා නම් දැන් ම විරුද්ධ වන්න. සුළි සුළංවලට නම් තබන හැටි ගැන මෙතැන විස්තර තිබේ.

මේවා වනාහි රටේ වෙන ප්‍රශ්න නැතිවාට මතු කර ගනු ලබන ප්‍රශ්න නො වේ. ඇති ප්‍රශ්න යට ගැසීම පිණිස උස්සනු ලබන නැති ප්‍රශ්නයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. රටට කිසිම විදිහකින් අගතියක් වෙන්න ඉඩ නොදෙන නායකත්වයක් අද තියෙන්නේ.. නිසා තමයි මේ වගේ සුළු දේකට උනත් තද ක්‍රියාමාර්ග ගන්නේ..තේරුනාද ඔය ළමයට ..?

    ReplyDelete
  2. මෙතන වෙච්ච වැඩේ පැරා හරියටම දන්නෙ නෑනෙ…

    මහසෙන්ය කියන්නෙ ලංකාවෙ එදා ඉඳල අද වෙනකල්ම රාජ්‍යාගම වෙච්ච ථෙරවාද බුද්ධාගමේ ඒ කාලෙ තිබ්බ ප්‍රධාන මධ්‍යස්ථානය, මහා විහාරය සම්පූර්ණයෙන් විනාශ කරල ඒ ගොඩනැඟිලි ද්‍රව්‍ය වලින් මයායානය අනුගමනය කරපු ජේතවනාරාමය ගොඩ නඟපු හාදයෙක්. ථෙරවාද භික්ෂූන්ට දානය දෙන එක පවා මිනිස්සුන්ට තහනම් කල පුද්ගලයෙක්.

    එතකොට මේ සුළි සුලඟෙන් ඒ හැටි හානියක් වෙලා නැහැනෙ 107යි මැරිල තියෙන්නෙත්..ඉතිං ලංකාවෙ රාජ්‍යාගමට අර තරම් හානියක් කරපු පුද්ගලයෙක්ගෙ නමින් හඳුන්වන්න ඕන මීට වඩා බොහොම දරුණු සුළි සුලඟක්ය කියන තර්කය පදනම් කරගෙනයි ඔය දැඩි විරෝදය ඇවිල්ල තියෙන්නෙ..තේරුණය දැං?

    ReplyDelete
    Replies
    1. ථෙරවාද භික්ෂූන්ට දානය දෙන එක පවා මිනිස්සුන්ට තහනම් කල පුද්ගලයෙක්.


      Delete
    2. 100% එකඟයි.

      Delete
  3. බොක බර සේනාවේ තලේබාන් නඩේ රන් කරන චණ්ඩියෝ ටික ගේමට බැහැල ඉන්නේ. දැන් තියෙන්නේ හොදම චන්ඩියා තෝරන සුපර් ස්ටාර් වටේ. බලන් ඉන්න
    මහත්වරුනේ ඉල ඇදෙන සටන් ජවනිකා, ත්‍රාස්ය ජනක විහිළු, ඇග කිලිපොලා යන අදර කතා එන්නේ එළිවෙන ජාමෙට. ඔය ගොල්ලන්ට තියෙන්නේ හොදම බුවාව තෝරලා මහින්ද අයියට ඇස්.ඇම්.ඇස් එකක් යවන එක. මහින්දයා ඔයාලට බිම දාගෙන සලකනවා රොම්බ සුවර්.

    ReplyDelete
  4. අවුරුදු දාස් ගස්නකට පස්සේ තමනේ නම තියෙන පොරක් සිංහල බ්ලොගක් කරනවා කියලා දන්නවා නම් පැරකුම්බා රජ පරපුරම නම වෙනස් කර ගන්නවා සිකුරුයි.

    ඉන්දියාවේ කිං අශෝක් පවා අද ලංකාවේ කේස් දැනගෙන හිටියානම් පුතාගේ නම වෙනස් කරනවා අනිවා.

    ReplyDelete
    Replies
    1. ///ඉන්දියාවේ කිං අශෝක් පවා අද ලංකාවේ කේස් දැනගෙන හිටියානම් පුතාගේ නම වෙනස් කරනවා අනිවා.//

      ;)

      Delete
    2. උප්පැන්න සහතිකයේ තියෙන්නේ ඔය නම නෙවෙයි නේ!

      (කිං අශෝක් ගේ පුතා ගේ නොවේ)

      Delete
    3. නම ලස්සන හින්ද ඉරිසියයි නේද?

      Delete
  5. http://bitternight.blogspot.com/2013/05/blog-post_29.html#

    ReplyDelete
  6. අහේතු කාලෙන ලබ්බේන පුහුලං

    ReplyDelete
  7. සැළලිහිණි සන්දේශයේ එකතැනක තියනවා, මතක විදියට 26වෙනි කවියෙ වගේ.... ‘‘පෙනේ දකුණ මහසෙන් දෙව්රද පාය‘‘ කියලා... මෙතන තියෙන්නෙ කතරගම දෙවියන්ගෙ දේවාලය ගැන... එහෙනම් කතරගම දෙවියන්ගෙනුත් කාලගුණේ සමාව ගන්න එපායැ.....

    අනික මට මතක විදහට නවකතාවක (සමන් වික්රමාරච්චි මහත්මයාගෙ අසනි වැසි නවකතාව වෙන්න ඕන) මහසෙන් කියලා දාමරික චරිතයක් ඉන්නවා.. එහෙනම් එයාටත් නඩු දාන්න එපැයි....

    ඒ කාරණා දෙකම පැත්තකින් තියමු... මහාවංසෙ ලියන මහානාම හාමුදුරැවොත් ලියන්නේ... ඒ රජ බොහෝ පව්ද පින් ද කොට මිය ගියේය.. කියන අදහස... එහෙනම් මහානාම හාමුදුරැවන්ට විරැද්ධවත් නඩුවක් දාමු....

    ReplyDelete
  8. මට නං හිතෙන්නෙ මහසෝනා කියන නම මොඩ් කරල මහසෙන් කියල දාන්න ගිහිල්ල ඇන ගත්තදෝ කියල. ඒ මොනව උනත් මහසෙන් රජ්ජුරුවො ගැන කියනව නම් එයත් හරි දක්ෂයි අනුන්ගෙ දේවල් තමන්ගෙ එකවුන්ට් එකට දාගන්න. මහසෙන් රජ්ජුරුවො මින්නේරි වැව තනවන කාලෙ මහසෙන් රජ්ජුරුවන්ගෙ නංගි බිසෝ බංඩාර දේවියත් අයියට හොරෙන් වැවක් තැනුව. ඒ වැවේ වැඩ අවසන් කරල තමන්ගෙ අයියට ආරාධනා කලා මමත් නෑඹිලියක් විතර වැවක් හැදුව ඇවිල්ල බලන්න කියල. අයියත් හොයල බැලුව මේ කතාව ඇත්තක්ද කියල. හොයල බැලුවම තමන් කරපු මින්නේරි වැව වගේම අති විශාල වැවක් තමයි මේ තමන්ගෙ නංගි බිසෝ බංඩාර දේවිය නිර්මාණය කරලතියෙන්නෙ. තමාට වැඩිය ඉහලින් එම වැව තැනුව කියල මහසෙන් රජ්ජුරුවන්ට කේන්ති ගියා. තද උන තරම කියනවනං හමුදාවත් අරගෙන ආව තමන්ගෙ නංගි හිටපු ප්‍රදේශය යටත් කරගෙන තමන්ගෙ නංගිවත් අත් අඩංගුවට ගන්න. තමන්ගෙම අයිය තමන්ට එරෙහි වුන බව දැනගත් බිසෝ බංඩාර දේවිය තමන් හැදූ වැවටම පැනල දිවි නසා ගත්තා. ඒ දැවැන්ත වාපි කර්මාන්තය තමයි මැදිරිගිරිය ප්‍රදේශයේ තියෙන කවුඩුලු වැව. අදත් ඒ වැව් කන්ඩිය මත බිසෝ බංඩාර දේවිය වෙනුවෙන් තැනුනු දේවාලයක් තියෙනව. එතුමිය දේවතාවියක් වෙලා අදටත් ඒ ප්‍රදේශයේ අයගෙ දුකට පිහිට වෙනව කියල විශ්වාසයක් තියෙනව.අද කාලෙ රජාලත් ඒ වගේම තමයි ඕනම දෙයක් තමන්ගෙ එකවුන්ට් එකට දාගන්න හරි කැමතියි. හැබැයි ඒ කාලෙ රජවරු කොමිස් ගැහුවෙ නම් නැහැ.
    ඒ වගේම මහසෙන් රජ්ජුරුවො ථේරවාදී හාමුදුරුවරුන්ට හිංසා කරල හාමුදුරුවරුන්ව සසුනෙන් නෙරපල මහා විහාරය ඇතුලු පූජනීය විහාර ‍රැසක් විනාශ කරල උඳු වැපුරුව කියල කියනව නේද? මහසෙන් රජ්ජුරුවොත් නිතරම තදවෙන රජෙක් ඉතින් මක් වෙනවද ඒ නමත් සුලි සුලඟකට දැම්මට.

    ReplyDelete
    Replies
    1. පැරකුම් කියන ගොබ්බයා කියන කියන දේට හූමිටි තියන කොමෙන්ට් අතර හොඳ කොමෙන්ට් එකක්,පරකුමාට තියෙන්නේ හීනමානය හා වයිරය ,

      Delete
  9. එකඟයි... මටත් හිතුනේ නැහැ මහසෙන් කියන නම පාවිච්චි කිරීම අගෞරවයක් කියලා... හැබැයි ඉන්දියාව පාව්ච්චි කරලා තියන අග්නි, ආකාෂ්, සාගර්, මේඝ් වගේ නම් දැක්කහම හිතුනා මීට වඩා හිතලා නම් දාන්න තිබ්බා කියලා... මොන හේතුවක් හින්දා හරි කුණාටුවකට "ගෞතම" කියලා නම දාන්නේ නෑනෙ අපි. ඒ වගේ සංවේදීභාවයක් තියෙන්නෙ ඕනේ මං හිතන්නේ. නමක් කියන එකක් අයිතිය කාටවත් නැති උනත් කුණාටුවකට ගැලපෙන ආකාරයේ නමක් යොදන්න තිබ්බා. දැන් අපේ නම් ලැයිස්තුවේ ඉස්සරහට තියන නම තමයි... "ආසිරි"... කොහොමද ආසිරි කුණාටුව ආවහම...

    ReplyDelete
  10. අපේ බල්ලට නමක් දාන්න උඹේ නම කියපන්කො හොද එකා වගේ..

    ReplyDelete
    Replies
    1. උබේ වාසගම දාගනින් එක තමා ගැලපෙනම එක

      Delete
    2. e kiyanne ube ammage ekadha

      Delete
  11. ලිපියත් කමෙන්ටු බොහොමයක් සමඟ එකඟයි. දැං මෙතන අවුල තියෙන්නෙ වැව් හදපු රජ්ජුරුවෙන්ගෙ නම දාපු එකනෙ. ඒක අවුල් නං මගේ යෝජනා මෙන්න,

    1-ප්‍රභාකරන්
    2-කරුණා
    3-පිල්ලෙයාන්
    4-පොට්ටු
    5-සුසෙයි
    6-චාල්ස්-ඇන්තනී
    7-කුමරන්
    8-මර්වින්
    9-දුම්න්ද
    10-මාලක
    ...................
    ...................
    ...................

    ඇයි අවුල්ද?

    ReplyDelete
  12. නම කියන්නෙ අනන්‍යතාවයට තමයි ඕයි. ඔය කුණාටුවට මහින්ද රාජපක්ෂ, මොහොමඩ් නබි කියලා නම දැම්මා නම් උඹේ ඔය ගොන් තර්ක වලට වෙන්නෙ මොකද කියලා සාධක සහිතව බලන්න තිබ්බා

    ReplyDelete
  13. මහා වංශයේ කියන්නේ මහසෙන් රජතුමා බොහෝ පින්ද බොහෝ පව්ද රැස් කර මිය ගිය බවය. ඔය කුනාටුවත් ඒ වගේ තමයි. වැස්ස නැති වියලි කලාපයට වැස්ස ගෙනවිත් වැව් අමුණු පුරවලා පින් රැස් කරගන්නවා. ඒවගේම ගෙවල් දොරවල් ගස් කොළ කඩා දමල ගං වතුර ඇතිකරලා මිනිස්සුන්ට හිරි හැර කරලා පව් පුරෝ ගන්නවා. හිතල හරි නොහිතල හරි කාලගුනේ කට්ටිය කුණාටුවට දාල තියෙන්නේ ගැලපෙනම නම තමයි. මේකට විරුද්ද වුණු බොදු බල සේනාවේ හාමුදුරුවරු මහවන්සයවත් කියවල නැති ජාති ද්‍රෝහී පිරිසක් වගෙයි. හරි වැඩක් කරලා තමන් කරපු වැඩේ වෙනුවෙන් පෙනී හිටින්න කොන්දක් නැති කාලගුනේ අයත් ජාති ද්‍රෝහියෝ පිරිසක්. මේ ගැන ලියපු අජිත් පැරකුම් ද්‍රෝහියෙක්. කොමෙන්ට් කරන මමත් ජාති ද්‍රෝහියෙක්. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම ද්‍රෝ ඕ ඕ ඕ හියෝ! තුන්සිංහලයම ද්‍රෝහියෝ! අ අ ආ අ අ ආ ...................

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා