සුළි සුළඟකට මහසෙන් කියා නම තැබුවාම ඇති වැරැද්ද කුමක් ද?
දේශීය වාරි සංස්කෘතික උරුමය සුරැකීම පිළිබඳ ජාතික සභාව නම් අප්‍රකට සංවිධානයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තර්ජනය කර "මහසෙන්" නම සුළි කුණාටුවකට යෙදීම සම්බන්ධයෙන් 'ජාතියෙන්' සමාව ගැන්නූ බව වාර්තා වේ. වැරදි කාලගුණ තොරතුරු සැපයීම සම්බන්ධයෙන් නම් මේ දෙපාර්තමේන්තුව කිසි දිනෙක සමාව ගත් බවක් අපි නම් නො දනිමු. සිදු වූ වරදක්, අතපසු වීමක් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතනයක් මේ අන්දමින් රාජ්‍ය නො වන සංවිධානයක් ඉදිරියේ 'ජාතියෙන් සමාව ගැනීම' කියා දෙයක් මීට කලින් නම් සිදු වූයේ නැත. මේවා ඉතා නරක පූර්වාදර්ශ ය. ජාතියෙන් සමාව ගන්නට උවමනා නම් එය කළ යුත්තේ විධිමත් අන්දමින් ගැසට් නිවේදනයක් වැනි ක්‍රියාමාර්ගයක් ඔස්සේ මිස මේ කොහේවත් යන රාජ්‍ය නො වන සංවිධාන ඉදිරියේ නො වේ. නම් පැවත එන්නේ රජවරුන්ගෙන් නො වේ. රජවරුන් ඒ නම් පාවිච්චි කළ නිසා ඒවා ප්‍රසිද්ධ වූවා පමණි. රජවරුන්ට හෝ වෙන කිසිවෙකුට හෝ නම් හෝ භාෂාව හෝ අයිති නැත. ඒවා පොදු ජන උරුම වේ. මහසෙන් යනු මහා සේනාව යන අරුත් දෙන වචනයක් හෝ නමක් හෝ මිස රජෙක් නො වේ. යමක් නම් කිරීමේදී, විශේෂයෙන් ම රාජ්‍ය ආයතන, සෑම පැතිකඩක් ගැන ම සැලකිලිමත් විය ය...