රිසානාලා වෙනුවෙන් කතා කරන රන්ජන් රාමනායකට අපේ ප්‍රණාමය

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක සිනමා තිරයේදී බොල් වීරයකු හා අදක්ෂ නළුවකු වන මුත්, දීර්ඝ කාලයක සි‍ට මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ හිමිකම් වෙනුවෙන් කරන පෙනී සිටීම නිසා ඔහු සිය දේශපාලන ජීවිත‍යට වටිනාකමක් එකතු කරගෙන තිබේ.

දුප්පත්කම නිසා අඩු වයසින් මැදපෙරදිග ගොස් සිටියදී පැටලුණ මිනීමැරුම් චෝදනාවකින් වරදකරු වී එරට රජය විසින් හිස ගසා මරා දමන ලද රිසානා නෆීක්ගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු නොකිරීම ගැන විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති ඩිලාන් පෙරේරාට එරෙහිව ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පරාජය විය.

එහෙත් මේ ඝාතනයට ලංකාවේ ආණ්ඩුව ඉතා පැහැදිලිවම වගකිව යුතුය. රිසානාගේ හිස ගසා දැමීමෙන් පසුව පවා සවුදි රජය ඇය එකී වරද කරන විට බාල වයස්කාරියක බව පිළි ගත්තේ නැත. රිසානා ඝාතනයෙන් පසුව නිකුත් කරන ලද නිවේදනයකින් පවා සවුදි රජය කීවේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ගමන් බලපත්‍රය අනුව ඇය බාල වයස්කාරියක නොවූ බවයි. ජනාධිපති දක්වාම මැදිහත් වී පවා මේ කරුණ ඔප්පු කිරීමට රජය අසමත් වීම මේ ඝාතනයට මුල් විය.

රිසානාලා වැනි දුප්පත් ගැහැනුන් ර‍ට පටවා මෙරටට ගෙන්වා ගන්නා විදේශ විනිමයෙන් ජොලි කරන්නන් සිටින පාර්ලිමේන්තුවේ රිසානා විහිළුවක් වීම ලංකාවේ සමාජ යථාර්ථයේ පිළිබිඹුවක් මිස අන් යමක් නොවේ.

අප මෙහි උපුටා දක්වන්නේ විශ්වාසභංග ‍යෝජනාවේදී රන්ජන් රාමනායක විසින් පවත්වන ලද කතාවේ නෙත් එෆ්.එම්. රේඩියෝවේ පළ වූ කොටසකි. රන්ජන්, ඔබට ස්තුතියි!





මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේක මහා කාළකන්නි ආන්ඩුවක්. අපි හිතාගෙන උන්නේ ඩිලාන් කියන්නේ මහා මානවවාදියෙක් කියලයි. දැන් බැලුවම තවත් දේශපාළ්ණ සක්කිලියෙක් විතරයි, විදේශ සේවා එකේ සේවකයෝ ගෙන්නගෙන එයාට පක්ෂව උද්ඝෝෂණය කරන්න තරම් පහත් තත්වයකට වැටිච්ච කෙනෙක්. ඩිලාන් මහත්තයෝ පිලිපීනෙට ගිහින් වෙදස් ශ්‍රමිකයින් ගැන අධ්‍යයනයක් කරලා එන්න, අපි නිවාඩු අනුමත කරලා දෙන්නම්. ඔය නම්බර වන් කාළකන්නි විදේශ ඇමතිවත් එක්කගෙන යන්න. එයාගෙන් කොහොමත් වැඩක් නෑනේ.

    රන්ජන්ට මේ කැක්කුම එන්නේ එයා ප්‍රසංග වලට සහභාගි වෙන්න ගිහින් ඒ මිනිස්සු විඳින දුක දැකපු නිසා, මැද පෙරදිග සේවකයා ගන්න තුට්ටු දෙකට විදින් කළාකාරයෝ කී දෙනෙක් ඉන්නවද. කෝ උන් එකෙක්වත් කටක් අරිනවද?

    මේක මහා කාළකන්නි රටක්, අඩුගානේ මරලා දාපු කෙල්ලෙක් ගැන කතා කරන කොට, වියක් ඇතුව නිශ්ශබ්දව ඉඳලා ඉඳලා ඒ මැරිච්ච අහිංසකයට ගෞරවයක් වත් කරන්න ඕන..

    කෝඅ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මොරදෙන රෝසිලා... ඔහොම නෙමෙයි තව සීයක් මැරුවත් මුන්ට උත්තර තියෙනවා..

    ReplyDelete
    Replies
    1. මාතලන්,
      සහතික අැත්ත. මැද පෙර දිග වැඩකරන පිලිපීන ජාතිකයින්ට විශේෂ වරප්‍රසාද තිබෙනවා, අග්නිදිග අාසියාවේ අනෙකුත් රටවල අයට වඩා. කෑම බීම ,නවාතැන් සහ වේතනය වුවත් ලංකාවෙ, ඉන්දියාවෙ, බංගලි දේශයෙ, නේපාලෙ අයට වඩා සමස්තයක් වශයෙන් ගත්තම ඉහල තත්වයක් ගන්නවා.
      ගෘහසේවිකාවන් වශයෙන් ( විශේෂයෙන් සව්දි අරාබියට )කාන්තාවන් මැද පෙර දිග ඒවීම ජාතික ව්‍යසනයක් බවට පත්වෙමින් තියෙන්නේ. අැතැම් අවස්ථාවල ඔවුන් ගැන අසන්නට ලැබෙන අාරංචි නිසා ලංකාවෙ කියලා කියන්නත් ලැජ්ජයි.

      Delete
  2. Risana marila ivarai..aaye mona magulatada mava avussanne?

    ReplyDelete
    Replies
    1. සුරංග,
      ඔබ ඒසේ කියන්නේ අැය මුස්ලිම් ජාතික කාන්තාවක් නිසාද? ඒදා ඒතන සිටියේ ඔබේ සොහොයුරියක් නම් අද ඔබගේ ප්‍රතිචාරය කෙසේ වේද? ඒ පිලිබද සොයා නොබැලූ අැමති වරයා පමණක් නොව බාල වයස්කාර දැරිවියකට බොරු විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කල නිලධාරියා හා වැරදි උපන්දින සහකිකයක් නිකුත් කල නිලධාරියාද මෙහිදී වැරදි කරැවන්ය.

      Delete
    2. obathuma ai muslim ayata kade yanne? obathuma baudhdhayak kiyana eka hithe thiyaganna.

      Delete
    3. සුරංග පුතා,
      කඩේ යනව කියන්නෙ මොකක්ද කියල ඉස්සෙල්ලම ඉගෙනගන්න.
      දෙවැනියට, කීර්ති රටේරාල කියපු කතාව කඩේ යාමක් වෙන්නෙ කොහොමද කියල පැහැදිළි කරන්න.

      Delete
    4. Thawath manussayekuta wena asadaranayak wenuwen katha karana eka kade yamak nemei. Ekata kiyanne manussakama. Suranga wage kattiya nisa thamai ada ape rata me thathweta path wela thiyenne. Samaharvita me wenath namakin peni sitina bodu bala sena thrasthawadiyek wennath puluwan

      Delete
  3. රිසනාව බේරා ගන්න තිබුණු එකම ඉඩ ඇය අඩු වයස් කාරියක් බව ඔප්පු කිරීමයි ඒ සදහා ගත හැකිව තිබුනේ ලංකාවේ ජොබ් කාක්කාට එදිරි නඩුවක් පවරා එය සනාත කොට ඉදිරි පත් කිරීමය අපි නොකළේද ඒ ටිකමයි පසුගිය වැරැදී ගැන කතා කරන්නේ ඉදිරියේ දී වත් මොළය මෝරා වී යයි බලාපොරොත්තු වෙනි

    ReplyDelete
    Replies
    1. //පසුගිය වැරැදී ගැන කතා කරන්නේ ඉදිරියේ දී වත් මොළය මෝරා වී යයි බලාපොරොත්තු වෙනි// හරියට හරි

      Delete
  4. ඒ වුනාට රන්ජන් රාමනායකට දොඹෙන් යන්න දීල තිබුන කවුදෝ මන්ත්‍රී කෙනෙක්. මං මුල ඉඳන් අහගත්තෙ නෑ හඩ්ඩගෙ ප්‍රෝග්‍රෑම් එක අද උදේ. රන්ජන් රාමනායක රිසානාගෙ නමින් මුදල් එකතු කරනවලු එයාගෙ පදනම් වලට. තව ගොඩක් මූල්‍ය වංචා චෝදනා කියෙව්වා මං අහගෙන.

    ReplyDelete
    Replies
    1. කඩප්පුලියාMay 9, 2013 at 10:02 PM

      ආ හඩ්ඩද,ඌ ගැන කතා කරලා වැඩක් නෑ,හඩ්ඩා යනු ඌගේ ගූ ඌම කන මිනිහෙක් නේ.බලංගොඩ මානවයා,පාහියන්ගල මානවයා වගේ තව ඉස්සරහට අවුරුදු 10000 කින් විතර කාට හරි මුගේ ඇට ක‍ටු හමු වුනොත් අන්න එදාට තමයි කට්ටිය මූව අඳුරා ගන්නේ හරියට."මේ වලේ නිදන මිනිසා එවකට සිටි රජාගේ ගූ කෑ " පොරක් කියලා.

      Delete
  5. full speech
    https://www.youtube.com/watch?feature=player_embedded&v=vyN8PX7C89s

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා