Posts

Showing posts with the label රිසානා නෆීක්

රිසානාලා වෙනුවෙන් කතා කරන රන්ජන් රාමනායකට අපේ ප්‍රණාමය

Image
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක සිනමා තිරයේදී බොල් වීරයකු හා අදක්ෂ නළුවකු වන මුත්, දීර්ඝ කාලයක සි‍ට මැදපෙරදිග ශ්‍රමිකයන්ගේ හිමිකම් වෙනුවෙන් කරන පෙනී සිටීම නිසා ඔහු සිය දේශපාලන ජීවිත‍යට වටිනාකමක් එකතු කරගෙන තිබේ. දුප්පත්කම නිසා අඩු වයසින් මැදපෙරදිග ගොස් සිටියදී පැටලුණ මිනීමැරුම් චෝදනාවකින් වරදකරු වී එරට රජය විසින් හිස ගසා මරා දමන ලද රිසානා නෆීක්ගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු නොකිරීම ගැන විදේශ රැකියා ප්‍රවර්ධන ඇමති ඩිලාන් පෙරේරාට එරෙහිව ගෙනෙන ලද විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී පරාජය විය. එහෙත් මේ ඝාතනයට ලංකාවේ ආණ්ඩුව ඉතා පැහැදිලිවම වගකිව යුතුය. රිසානාගේ හිස ගසා දැමීමෙන් පසුව පවා සවුදි රජය ඇය එකී වරද කරන විට බාල වයස්කාරියක බව පිළි ගත්තේ නැත. රිසානා ඝාතනයෙන් පසුව නිකුත් කරන ලද නිවේදනයකින් පවා සවුදි රජය කීවේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ගමන් බලපත්‍රය අනුව ඇය බාල වයස්කාරියක නොවූ බවයි. ජනාධිපති දක්වාම මැදිහත් වී පවා මේ කරුණ ඔප්පු කිරීමට රජය අසමත් වීම මේ ඝාතනයට මුල් විය. රිසානාලා වැනි දුප්පත් ගැහැනුන් ර‍ට පටවා මෙරටට ගෙන්වා ගන්නා විදේශ විනිමයෙන් ජොලි කරන්නන් සිටින ...

මරත්සවුදිය අපේ ගැහැනුන් - පුරත් සවුදිය පිම්පි නිරිඳුන්

Image
සවුදි අරාබිය යනු තෙල් නිසා සල්ලි නිසා ධනවත් වුණත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නැති, අමානුෂික නීති ඇති, ම්ලේච්ඡ පසුගාමී රාජ්‍යයකි.  අපේ රටේ ආඩම්බරකාර තාත්තලා රජ සැප විඳින් න ේ එහෙව් අමන රටවල සල්ලිකාරයන්ගේ ගෙවල්වල වහල් සේවයට යවන ලංකාවේ දුප්පත් ගැහැනු  උපයා එවන විදේශ විනිමයෙනි.  පහත් පෙළේ වෘත්තියක් වන මිනිසුන් අමානුෂික ලෙස වැඩගැනීම පිණිස තැනින් තැනට ගෙනයාම හෙවත් ට්‍රැෆිකිං වෙනුවෙන් ලංකාවේ ඇමතිවරයකුද පත් කර තිබේ.  මෙවැනි තැරැව්කාරයෝ ලංකා ව ේ ත් වතුකරයේ සිටිති. ඔවුන් වෘත්තිය ලෙස කරන්නේ කොළඹ බංගලාවලට වැඩකාරියන් කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් නැති මේ වහලියන් සම්පාදනය කිරීමයි. පිම්පිකම හා සමාන පහත් යයි සම්මත මෙවැනි රස්සා කරන එවුන්ව සමාජ ය ේ කවුරුවත් ගණන් ගන්නේ නැත. ලංකාවේ ආණ්ඩුවත් කරන්නේ එවැනි අතානාත්තුවකි. බාල වයස්කාරියකව සිටියදී පවුලේ දුප්පත්කම නිසා මැදපෙරදිග රටක වහල් සේවයට යවන ලද රිසානා නෆීක් අතින් සිදු වූ බව කියන ළදර ු මරණය මිනීමැරීමකැයි සවුදි අධිකරණය ඔප්පු කළේ ලංකාවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නම් පොල්කටු උසාවිය අගවිනිසුරු ශිරානි බංඩාරනායකගේ නඩුව විසඳූ ආකාර...

රිසානා නෆීක් හිසගසා දැමීමේ ඇත්තම වීඩියෝව

මාතෘකාව ඔ බ ේ සිත් ගත්තාද? කමක් නැහැ. පළමු ව මෙම සටහන කියවන්න.  රිසානාගේ හිස ගසාදැමූ වීඩියෝව කියලා වීඩියෝවක් මේ දිනවල ප්‍රචාරය කරනු ලැබේ.  එහි ඇත්තෙන්ම හිස ගසා දමනු ලබන්නේ ඉන්දුනීසියානු කාන්තාවක් බව කියමින් තවත් සමහරු එයට අලුත් ප්‍රචාරයක් දෙති.  කවුරුත් දුකෙන් හා මුස්ලිම් විරෝධයෙන් පීඩිත වන බව පෙන්වමින් ආසාවෙන් නැවත නැවත මේ වීඩියෝව බලති. අන් අය සමග බෙදාගනිති.  මෙම ක්‍රියාව ඔස්සේ ඔවුන් ඇත්තෙන්ම ප්‍රදර්ශනය කරන්නේ කුමක්ද?  වනචාරී ම්ලේච්ඡත්වයයි. පරපීඩා කාමුකත්වයයි. ධනවාදය විසින් ඔබට විකුණන ම ේ ම් ල ේච්ඡත්ව යෙ න් ඔබ ඔබව පරිස්සම් කරගන්න. මෙවැනි දේට ප්‍රචාරය නොදෙන්න. දැන් අප ලියූ ම ේ ලිපිද කියවන්න. රිසානා වෙනුවෙන් ආණ්ඩුව ගතයුතු පියවර  අරාබි ගෝත්‍රිකයේ රිසානා නෆීක් මරා දැමූහ   මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

රිසානා වෙනුවෙන් ආණ්ඩුව ගතයුතු පියවර

Image
සවුදි අරාබියට විරෝධය පළකිරීමක් ලෙස රිසානා නෆීක් ඝාතනය සිදුවනබවවත් නොදැන සිටි සවුදි ශ්‍රී ලංකා තානාපතිවරයා ආපසු කැඳවීමට ආණ්ඩුව ගෙන ඇති පියවර ජාතික විහිළුවකි.  කොන්ද පණ තිබේනම් කළ යුතුව තිබෙන්නේ දින කීපයකට පෙර රිසානා නිදහස් කරනු ඇතැයි ප්‍රකාශ කළ ලංකාවේ සිටින සවුදි තානාපතිවරයා ආපසු යැවීමයි. එසේම, පාලකයන්ට රජසැප විඳීම සඳහා මැද පෙරදිග වහල් සේවයට යවා තිබෙන කාන්තාවන් ආපසු කැඳවීමටද නැවත එසේ නොයැවීමටද පියවර ගතයුතුය.  රිසානා මරා දමා තිබියදී පවා ඇය නිදහස් කරගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවට පාර්ලිමේන්තුවේදී කයිවාරු ගැසූ , වි ද ේශ ශ්‍රමිකයන් රටවිරුවන්ය කියා ග ො නාට ඇන්දී ම ේ මූලිකත්වය ගෙන කටයුතු කරන ඇමති ඩිලාන් පෙරේරාද ඉල්ලා අස්විය යුතුය.  රිසානා නිදහස් කරන්නැයි සවුදි රජුට ලියුම් ලියූ ජනාධිපතිතුමා සහ රාජපක්ෂ පවුල ඉල්ලා අස්වන්නේනම් එය මේ රටේ දුප්පත් ගැහැනුන්ට වහල් සේවයට පිටරට යාමට සිදුවන දරිද්‍රතාව නිර්මානය කළ දූෂණය හා නාස්තිය නැතිකිරීම සඳහා ගනු ලබන තීරණාත්මක පියවරකි. දුප්පත්කම නිසා මැද පෙරදිග ගිය රිසානාට එ ස ේ ග ොස් දින කීපයක් තුළ ඇය විසින් රැකබලාගන්නා ලද දරුවා මරා දමන්නට කිසි...

අරාබි ගෝත්‍රිකයේ රිසානා නෆීක් මරා දැමූහ

අරාබි ගෝත්‍රික ආණ්ඩුව ශ්‍රී ලාංකික ළමා වහල් සේවිකාවකව සිටියදී මිනීමැරුමකට පැටලී, නිසි නඩුවිභාගයක්ද නැතිව මරණ දඬුවමට ලක්ව වසර ගණනාවක් දෙලොවක් අතර ජීවත් වූ අසරණ රිසානා නෆීක් නම් මුස්ලිම් කාන්තාව ඝාතනය කර තිබේ.  ලංකාවේ අසරණ දිළිඳු ගැහැනුන් අරාබීන් ළඟ වහල් සේවයට යවා උපයන මුදලින් යැපෙන ලංකාවේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා ගිය සති ය ේ සවුදි අරාබි රජුගෙන් ඇය නිදහස් කරන ලෙස ලිඛිතව ඉල්ලීමක් කළේය.  එයත් රජු මෙයත් රජු නිසා ලෙවල් වෙනවා යයි හිතුවාට මේ ලියුම බලු මයිලකට ගණන් නොගෙන සවුදි රජු රිසානා නෆීක්ගේ ඝාතනය අනුමත කර තිබේ.  ලජ්ජා ඇතිනම් දැන් ඉතින් එතුමා ජපාන‍යේ මෙන් හරාකිරි කරගතයුතුය. ඒත් ඉතින්........... මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

රිසානා බේරා ගන්නට ගිය වීරයෝ දැන් කොහි ද? ආණ්ඩුව අත සෝදා ගත්තා ද?

Image
සවුදි අධිකරණයක් විසින් නියම කරන ලද මරණීය දණ්ඩනය කොයි මොහොතක හෝ ක්‍රියාත්මක වීමේ අනතුරක සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකා රිසානා නෆීක් බාල වයස්කාර දැරියකව සිටියදී විදේශගත කිරීමට කටයුතු කළ ඒජන්සිකරුට හා තැරැව්කරුට වසර දෙක බැගින් බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් සහ රුපියල් හැට දහස බැගින් දඩ නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඊයේ (16) නියෝග කළේය. වගඋත්තර කරුවන්ට නියම කළ රුපියල් හැටදහස බැගින් වූ දඩය රිසානා දැරියගේ මවුපියන්ට වන්දියක් ලෙස ගෙවීමට නියෝග කෙරිණි. 2005 අපි‍්‍රයල් මස 5 වැනි දින හා මැයි මස 5 වැනි දින අතර කාලය තුළ මුත්තූර් හි රිසානා දැරිය රැවටීමට ලක්කර වංචා සහගතව විදේශගත කිරීම, මුදලට විකිණීම, වහල් වෙළඳාමේ නිරතවීමට හා ඊට ආධාර අනුබල දීම යන චෝදනා හතරකට මෙසේ වරදකරුවන්කර සිර දඬුවම් නියම කරන ලදී. නඩුවේ තුන්වැනි විත්තිකරු වූ තම්බිලෙබ්බේ අබ්දුල් සලාම් වරද පිළි නොගන්නා බවට අධිකරණය ඉදිරියේ පැවැසීය.  වරද පිළිනොගන්නා චුදිතට විරුද්ධව, වරද පිළිගත් පුද්ගලයන් සාක්කි ලෙස කැඳවන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා පැවැසීය.නඩු විභාගයකට ගොස් අධිකරණයේ ව...

ආසියාවේ ආශ්චර්යය හා ඉන්දුනීසියාව අතර වෙනස

(2011 ජුනි 25,   W3Lanka )   "සෞදි අරාබියේ සේවයට යෑම ඉන්දුනීසියානු ජාතික ගෘහ සේවිකාවන්ට එරට රජය තහනම් කර තිබේ. ඉන්දුනීසියානු ගෘහ සේවිකාවක සෞදි අරාබියේදී මරණීය දණ්ඩනයට ලක් කිරීමත් සමඟම ඉන්දුනීසියානු රජය මේ පියවර ගෙන ඇත. මරණීය දණ්ඩනයට ලක් වූ ගෘහ සේවිකාව ඉන් පෙර සේවය කළ නිවෙසේ හාම්පුතා ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ අතර ඇය හාම්පුතාගේ විවිධ අතවරයන්ට ලක් වී තිබූ බවද විදෙස් වාර්තා පළ කරයි. එරට බලධාරීන් පවසන්නේ සිය සංක්‍රමණික සේවකයන්ට හොඳින් සලකන බවට සෞදි අරාබියාව එකඟතාවකට පැමිණෙන තුරු ඉන්දුනීසියානු සේවකයන් සෞදියේ ගෘහාශ්‍රිත රැකියාවන් සඳහා නොයැවීමට තීරණය කර ඇති බවයි. ලක්ෂ 15ක පමණ ඉන්දුනීසියානු වැසියන් පිරිසක් සෞදි අරාබියේ සේවය කරන අතර ඉන් වැඩි පිරිසක් ගෘහ සේවිකාවන් බවද වාර්තා වී තිබේ." (උපුටා ගැනීම: ඊයේ දිනමිණ) ආසියාවේ ආශ්චර්යයේ එහෙම නැත. එහේ කරන්නේ දුප්පත්කමින් එතෙර වීමට කරන්නට දෙයක් නැති නිසා රට යන වහල් ගැහැනුන් 'මුන් අම්මලාදැ'යි අසමින් ජනමාධ්‍ය හරහා කිච කර, ඒ ගෑනුන් ම එවන මුදලින් ජනමාධ්‍ය ද ඇතුළු රටේ ආර්ථිකය ම නඩත්තු කරමින් ජෝගි නැටීමයි. තමන්ගේ රටින් අරාබියට යන වහලිය...