මරත්සවුදිය අපේ ගැහැනුන් - පුරත් සවුදිය පිම්පි නිරිඳුන්

සවුදි අරාබිය යනු තෙල් නිසා සල්ලි නිසා ධනවත් වුණත්, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් නැති, අමානුෂික නීති ඇති, ම්ලේච්ඡ පසුගාමී රාජ්‍යයකි. 

අපේ රටේ ආඩම්බරකාර තාත්තලා රජ සැප විඳින්එහෙව් අමන රටවල සල්ලිකාරයන්ගේ ගෙවල්වල වහල් සේවයට යවන ලංකාවේ දුප්පත් ගැහැනු  උපයා එවන විදේශ විනිමයෙනි. 

පහත් පෙළේ වෘත්තියක් වන මිනිසුන් අමානුෂික ලෙස වැඩගැනීම පිණිස තැනින් තැනට ගෙනයාම හෙවත් ට්‍රැෆිකිං වෙනුවෙන් ලංකාවේ ඇමතිවරයකුද පත් කර තිබේ. 

මෙවැනි තැරැව්කාරයෝ ලංකාත් වතුකරයේ සිටිති. ඔවුන් වෘත්තිය ලෙස කරන්නේ කොළඹ බංගලාවලට වැඩකාරියන් කිසිදු වෘත්තීය අයිතිවාසිකමක් නැති මේ වහලියන් සම්පාදනය කිරීමයි.

පිම්පිකම හා සමාන පහත් යයි සම්මත මෙවැනි රස්සා කරන එවුන්ව සමාජකවුරුවත් ගණන් ගන්නේ නැත. ලංකාවේ ආණ්ඩුවත් කරන්නේ එවැනි අතානාත්තුවකි.

බාල වයස්කාරියකව සිටියදී පවුලේ දුප්පත්කම නිසා මැදපෙරදිග රටක වහල් සේවයට යවන ලද රිසානා නෆීක් අතින් සිදු වූ බව කියන ළදර මරණය මිනීමැරීමකැයි සවුදි අධිකරණය ඔප්පු කළේ ලංකාවේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නම් පොල්කටු උසාවිය අගවිනිසුරු ශිරානි බංඩාරනායකගේ නඩුව විසඳූ ආකාරයටය. 

එකම සාක්කිය රිසානාගේ යයි කියනු ලබන පාපොච්චාරණයකි. දෙමළ බස පමණක් දැන සිටි රිසානා එම පාපොච්චාරණය කර තිබෙන්නේ අරාබි බසිනි. 

ජනවාරි 09දා පෙරවරු 11.48ට රිසානා ඝාතනය කිරීමෙන් පසු සවුදි අරාබි රජය නිවේදනයක් නිකුත් කරමින් කීවේ ඇගේ විදේශ ගමන් බලපත්‍රය අනුව ඇය බාල වයස්කාරියක නොවන බවයි. 

නමුත් ලංකාවේ ජනාධිපතිවරයා සවුදි රජුට ලියුමක් ලියමින් රිසානා බාලවයස්කාරියක බව පැහැදිලි කරමින් ඇය නිදහස් කරන ලෙස ඉල්ලා තිේ.

කොහොමද අපේ ජනාධිපතිතුමාගේ ලියුමට සවුදියෙන් ලැබුණු පිළිගැනීම. 

මරත්සවුදිය අපේ ගැහැනුන්
පුරත් සවුදිය පිම්පි නිරිඳුන්

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. Saudi neethiyata ha Lankave neethiyata baninna epa. Rata giya eka Rizanage varadda. eyata rata yannethuva skola yanna thibba..nethnam kasadayak badinna thibba..sepa jeevithayak gathakaranna saudi yanava..ohomathamai venna one.

    ReplyDelete
    Replies
    1. You are a idiot. A f*cking idiot, who has no sense of whatsoever. Go to hell with your abused tiny brain.

      Delete
    2. Check this video http://badrkalam.blogspot.com/2013/01/rizana-nafeek-video.html?utm_source=feedburner&utm_medium=feed&utm_campaign=Feed%3A+blogspot%2FdSPpz+%28%E0%AE%AA%E0%AE%A4%E0%AF%8D%E0%AE%B0%E0%AF%8D+%E0%AE%95%E0%AE%B3%E0%AE%AE%E0%AF%8D%29

      Delete
    3. Check this video before comment badrkalam.blogspot.com/2013/01/rizana-nafeek-video.html

      Delete
  2. ලංකාවේ දුප්පත් ගැහැනු මැදපෙරදිග වහල් සේවයට ගොස් බලු දුක් විඳ විදේශ විනිමය ඉපයුවේ නැතිනම් ලංකාවේ සැප විඳින අතළොස්සටද දුක් විඳින්නට සිදුවනු ඇත.

    ReplyDelete
    Replies
    1. මේ කාරණයේදී මම ඔබත් සමග එකගයි බ්ලොග් අවකාශයේ බොහෝ අය පටු විදියට මේ ප්‍රශ්නයේ වලිගයෙන් අල්ලාගනිද්දී ඔබ විතරක් මේකේ ආර්ථික දේශපාලන හිසෙන් නිවැරිදිව අල්ලගන්නවා.

      මම රිසානල රට යෑමේ දේශපාලන ආර්ථික ගැටලුව හැම ලිපියකම පාහේ ප්‍රතිචාරයක් ලෙස දැක්වුවත් කවුරුවත් අවධානයට ගත්තේ නෑ. හැමෝම කියන්නේ නීතිය මගින් රිසානල රට යෑම නැවැත්විය යුතුයි කියල. කිසිම දෙනෙක් අවධානයට ගන්නේ නැහැ දේශපාලන ආර්ථික ප්‍රශ්න නීති දාල හදන්න බැහැ කියන එක. එහෙමනම් දැන් හොරකම තහනම් නීති ලංකාවේ දාල තියෙන්නේ ලංකාවේ හොරු නැද්ද?

      මමත් අජිත් පැරකුම් ගෙත් වෙනස තමයි මේ දේශපාලන ගැටලුවට දෙන විසඳුම.මුළු ලෝක සිස්ටම් එකම වෙනස් කරලා කවදාහරි දවසක සමාජවාදය බිහිකරලා එයාල කරන්න යන දීර්ඝ කාලින විසඳුම වෙනුවට මම හදන්නේ අපේ ජිවිත කාලය තුල මේ ප්‍රශ්නයට ප්‍රයෝගික විසඳුම් දෙන්න. අජිත් පැරකුම්ගේ දරුවන්ට මගේ දරුවන්ට මේ වගේ දේවල් නොවෙන්න මනෝරාජික මහා ලෝක විප්ලවය වෙනුවට මේ දැන් කලයුතු ප්‍රායෝගික දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ.

      සමාජවාදය ක්‍රියාත්මක කරපු රුසියාවේ ගෑනු අපි වගේ හිඟන රටවල් වලටත් ඇවිල්ල ගණිකා වෘත්තියේ නිරතවනවා ධනවාදය හරියට ක්‍රියාත්මක වන ඇමරිකන් ගෑණියෙක් අපේ රටේ බඩු පොට් එකක හොයන්න පුලුවන්ද? ඉතින් ගෑනු වහල් කමට රට යන එක නවත්තන්න අපි යා යුත්තේ සමාජවාදය දිහාවටද?

      Delete
    2. මචං රුසියාවේ ගෑණු ගණිකාවෝ විදිහට මේ රටවලට එන්න ගත්තෙ 91 ට පස්සෙ.සමාජවාදෙ තියෙන කාලෙ නම් එහෙම කවුරුත් ආවෙ නැහැ.ඒකම ඇති උඹල උඩ දාන ධනවාදය රුසියාවට කරල තියෙන හරිය තේරුම් ගන්ඩ.

      Delete
    3. ඇයි ඇනෝ දන්නේ නැද්ද සමාජවාදී රටවල් වලින් පිටරට පැනල යන එක මරණ දඬුවම දෙන වරදක් ඒ කාලේ තාප්ප වලින් පනින්න බැහැ වෙඩි තියනවා. බර්ලින් තාප්පේ කඩනකම් ජර්මනියේ අනික් පැත්තටවත් එන්න දුන්නේ නෑ තාප්පේ කැඩුවම ආපු හැටි මතක නැද්ද? උබ කියන්නේ සමාජවාදෙ තියෙන කාලෙ රුසියාව මාර හොඳ හින්ද අවේ නෑ කියලද?

      Delete
  3. පොල්ලතු පැලක ඉපදුනු අපේ පොඩි රිසානා
    දුප්පත්කම නිසා දුක් විද විද උන්නා
    යහමින් මුදල් අප හට උපයා ගන්නා
    අම්මේ මෙමට පිට රට යන්නට ඕනා

    කල හැකි යමක් නැහැ ඒ මව්පියන් හට
    අගහිඟකම් වලින් මිරිකී ඉන්න කොට
    ගන්නට උබේ මතු දිවි වාසනා කොට
    උන් වලපුනා ඇය පිටරට පිටත් කොට

    පිටරට ගොසින් ටික දිනයකි ගතවෙන්නේ
    නොසිතූ විලස අත් වරදකි සිදුවන්නේ
    ඇයගේ අතින් කිරි දරුවෙකු මියයන්නේ
    නීතිය හමුවකට ඇය දැන් කැදවන්නේ

    එහි රජ කරන අල්ලගේ කීකරු බල්ලා
    අණදුනි ගසා දැමුමට හිස රජ කොල්ලා
    අවුරුදු ගනනකට පසු ඌ දිනයක් බලලා
    ඇගෙ හිස ගසා දැමුවා අල්ලගේ වල්ලා

    පුක උඩ තියන් තොපි හැම වදිනා අල්ලා
    නැති බැරි අන්ත අසරණ කෙල්ලක් අල්ලා
    ගෙල සිඳ මරා ලොව සැම සිටියදි ඉල්ලා
    අනුකම්පා නොමති දෙවියක් නොවැ අල්ලා

    තිරිසන් නීතියක් ඇත ශාරියා කියලා
    තොපි ඉහලින්ම අදහයි එය දුන් අල්ලා
    අල්ලගේ නීතියට තොපි බෙලි කපපල්ලා
    තොපි එනතුරු බලන් සිටිනවා හෙට යමපල්ලා

    මුත්තුර් පල්ලියේ ලොකු තැන් කියන සතා
    අල්ලගේ නීතියට අපහට නොමැත කතා
    කිසිවෙකු දිවි කිසිවෙකුට තොරකල නොහැකි කතා
    අනුමත කලා ගොත ගොත සුනඛ කතා

    ඇගේ හිස සිඳ දමා දැන් ටික දිනක් වෙතී
    අල්ලගේ කැමැත්තට දස ලක්ෂක් දෙතී
    කොච්චර කලත් මතුවෙයි කැත හම්බ ගතී
    ඇය මරණයට විකුණා දැන් සතුටු වෙතී

    තොපි බෙලි කැපූවත් අල්ලගේ කැමැත්තට
    කරනා පව් වලින් බැහැ අත් මිදෙන්නට
    දැන් වත් ඔය කරන පව් අත් හරින්නට
    අල්ලට කියපල්ලා පන්සිල් රකින්නට

    ReplyDelete
  4. මිනිසුන්ගේ සිහින සැබෑ කරගැනීමට මිනිසුන්ගේ නිදහස අහුරන්න නරකයි. එහෙත් මැද පෙරදිග රටවලට මෙහෙකාර සේවය සඳහා කාන්තාවන් යැවීම ගැන තීරණයක් ගත යුතු කාළය පැමිණ තිබේනවා. ප්‍රධානම හේතුව නියමිත ක්‍රියාදාමයක් නොමැති වීමයි. පැලැස්තර ක්‍රියා වෙනුවට, ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගය වන මේ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඇති කර ගත යුතු කාළයයි මේ. එහෙත් මාෆීයාවකින් එය බලාපොරිත්තු වීම නම් සිහිනයක්ම පමණි....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා