"අසනීපයි. නිවාඩු දෙන්න." ළඟදීම ඉවරයි
ලංකාවේ ආර්ථිකය බේරාගැනීම සඳහා 2011දී රු. බිලියන තුනක් පාඩු ලැබූ තැපැල් දෙපාර්තමේන්තුව අපූරු පියවරක් ගෙන තිබේ.
ඒ ටෙලිග්‍රෑම් සේවය අහෝසි කර දැමීමයි.
වචන දහයක විදුලි පුවතක් යැවීමට දෙපාර්තමේන්තුව අය කරන්නේ රු. තුනක් පමණක් වුවද, එය අදාළ ස්ථානයට යැවීම පිණිස රු. 250ක් පමණ වැයවනබව දෙපාර්තමේන්තුව කියයි. මේ වනාහි විදුලි පණිවුඩ සඳහාය කියා දෙපාර්තමේන්තුව විසින් සේවයේ යොදවා තිබෙන සේවකයන් 1300ක් නඩත්තු කිරීම සඳහා යන වියදමයි.
දෙපාර්තමේන්තු වාර්තා පවසන පරිදි ඇතැම් දිනෙක රටේ සංසරණය වන මුළු විදුලි පණිවුඩ ප්‍රමාණය 50ක් පමණි.
විදුලි පණිවුඩය අද බොහෝවිට පාවිච්චි කරනු ලබන්නේ රජයේ සේවකයන් විසින් අසනීප නිවාඩු වාර්තා කිරීම සඳහායි. එහෙත් දුරකථන සංඥා ආවරණ නැති දුරබැහැර ප්‍රදේශ තවමත් ලංකාවේ තිබේ.
දැන් ඉතින් මේ සේවාව අහෝසි කර දැමුවාම තැපෑලේ පාඩුවත් අවසන් වෙයිද? මෙම සේවාව යම් මිළ වැඩිකිරීමක් සහිතව, පාඩු අවම වන ලෙස පවත්වාගෙන යන්නට බැරි ඇයි? සරළව කිව්වොත්, විදුලි පණිවුඩය භාර ගන්නා තැපැල් නිලධාරියාට එය හා අදාළ තැපැල් කාර්යාලය සොයාගෙන කෙළින්ම එතැනට කතා කර පණිවුඩය දැනුම්දෙන ක්‍රමයක් හදන්නට බැරි ඇයි? අමතර ගෙවීමක් කර සාමාන්‍ය තැපැල්කරුවන් අතේම විදුලි පණිවුඩ බෙදන ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නට බැරි ඇයි? හදිසි පණිවුඩය හා නිල පණිවුඩ වෙන් කරගෙන සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කර තැපැල් නිලධාරීන්ට කටයුතු කරන්නට බැරි ඇයි?
2004 ආසන්න වකවානුවේදී පෙර මම එක්තරා ගමක පාරක් දිගේ යද්දී මා හඳුනන ඒ ගමේ උප තැපැල් කාර්යාලයේ තැපැල් මහතා මා ඇමතුවේය. එකල ජවිපෙ හිතවතකු වූ ඔහු රටේ පවතින සාධාරණ ක්‍රමය නැති කිරීමට හා සුදුස්සාට සුදුසු තැන දීමට ජවිපෙ බලයට පත්කළයුතුබව ආදී කරුණු ගැන ඔහු තෙල බෙදමින් සිටියේය. ඒ වෙලාවේ දිවා ආහාරය සඳහා ඔහු තැපැල් කාර්යාලය වසන වෙලාව කිට්ටු වෙමින් තිබිණි. දිළිඳු දෙමළ වතු කම්කරු කාන්තාවක් විදුලිබිලක් ගෙවීම සඳහා එහි පැමිණියාය. අපේ ප්‍රගතිශීලී තැපැල් මහත්තයා මෙසේ කීවේය. "දැන් බැහැ. පස්සෙ එනවා. මම දැන් මේල් එක බඳින්න ඕනැ. ඊට පස්සෙ මම කෑමට වහනවා. පැයක් විතර යයි අරින්න." එසේ කියූ ඔහු නැවතත් මා සමග අසාධාරණ ක්‍රමය ගැන කතාවට එළඹුණේය. මේ තැපැල් මහත්තයා විශ්‍රාම වැටුප වෙනුවෙන් සටන් කළ උප තැපැල් ස්ථානාධිපති සංගමයේ නිලධාරියකුද වූ අතර දැන් ඔහු විශ්‍රාම වැටුප් ලබමින් 'සමාජ සේවයේ' යෙදී සිටියි. ඔහුගේ ඥාතියකු තැපැල් කන්තෝරුවට හේත්තු වී ඇත.
මේවා පාඩු ලබන්නට හේතු මේ කතාවේ තිබේ. මේ වනාහි ඵලදායිතාව පිළිබඳ ප්‍රශ්නයකි. ඵලදායිතාව නංවන්නට බැරිකම රාජ්‍ය කළමනාකරණයේ වරදකි. ඒ ලාභය සඳහා දේශපාලනය කරන අකාර්යක්ෂම අවස්ථාවාදීන් දේශපාලනය ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයකි.
ලාභයම අරමුණු කරගෙන සිටින ආණ්ඩුව දේශපාලකයන්ගේ වංචා දූෂණ නිසා රටට සිදුවන පාඩුව එහෙමම තිබියදී පාඩු අවම කරන්නට මුලින්ම කරන්නේ මහජන සේවාවන් කප්පාදු කිරීමයි.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න

/////ලාභයම අරමුණු කරගෙන සිටින ආණ්ඩුව දේශපාලකයන්ගේ වංචා දූෂණ නිසා රටට සිදුවන පාඩුව එහෙමම තිබියදී පාඩු අවම කරන්නට මුලින්ම කරන්නේ මහජන සේවාවන් කප්පාදු කිරීමයි. /////
ReplyDeleteහරියටම හරි. ඒ වගේම පාඩුවත් මිනිස්සුන්ටම ගෙවන්න වෙන විදිහට බද්දක් ගහන එකයි
ඔහොම කපාගෙන යන කොට බෙල්ලත් කැපිලම යයි...
ReplyDeletehttp://udithame.blogspot.com/2013/01/blog-post.html?utm_source=blog&utm_medium=gadget&utm_campaign=bp_random
ReplyDeletesee this site..............