ලංකාවේ ගැහැනු ෆේස්බුක්හි පිංතූරයක් දැමූවිට පිරිමි ඒක මාර ‍ලස්සනයි කියා කමෙන්ට් දමන්නේ ඇයි?

ෆේස්බුක් ලංකාවේ ජනප්‍රියම සමාජ ජාල වෙබ් අඩවියයි. ලංකාවේදී එය සමාජ ජාලයකටත් වඩා බොහෝ මිනිසුන්ගේ ලිංගික අසහනය ප්‍රකාශ කරන තැනක් වී තිබේ.

එහි බොහෝ පිරිමි වෙනත් නම්වලින් පෙනී සිටිති. එසේ පෙනී සිටිමින් තමන්ගේ සිත්වල ඇති චරිත රඟපාති. මේ ලෙසම ඇතැම් පිරිමි කාන්තාවෝ ලෙසද පෙනී සිටිති. එයද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට බිය හෝ අකැමැති මනෝ ලිංගික චර්යාවක් ආරක්ෂිත අන්දමින් ප්‍රකාශකිරීමේ විධික්‍රමයකි. 

මේ ලක්ෂණ ඇතැම්විට බ්ලොග් අවකාශයේද දක්නට ලැබේ. 

මෙහි අප පිරිමින් ඉස්මතු කර දැක්වූයේ ලංකාවේ ෆේස්බුක්හි වැඩිපුර සක්‍රිය පිරිස පිරිමින් වන නිසාත් මෙවැනි කටයුතුවල වැඩිපුර යෙදෙන්නේ ඔවුන් නිසාත්ය. එහෙත් ඇතැම් කාන්තාවෝද ෆේස්බුක්හි සිය මනෝ ලිංගික චර්යාවන් ප්‍රකාශයට පත් කරති. 

ලිගිකත්වය අතිශයින්ම පරිකල්පනීය දෙයකි. ඇතැම් පිරිමින්ට ෆේස්බුක් ලොග් ඉන් වන විටම ලිංගික ආවේග පහළ වන්ඒ නිසාය. එවැනි අය දකින ඕනෑම කාන්තා රූපයක් අසල 'ලස්සනයි', 'සෙක්සි', 'වෙරි බියුටිෆුල්' ආදිය පමණක් නොව ඇතැම්විට තමන්ගේ දුරකථන අංකය සඳහන් කරමින් ලිංගික එක්වීම් සඳහා ආරාධනාද කරති. 

මේ ව්‍යාජ ප්‍රකාශවලින් කාන්තාවෝද බොහෝවිට උදම් වෙති. සිය රූපය ගැන සැලකිලිමත්වන හා තමන්ට ලස්සන විය හැකි ආකාරය හඳුනාගන්නා සෑම කාන්තාවක්ම සුන්දරය. එහෙත්, ෆේස්බුක් කමෙන්ට්වලින් ප්‍රකාශ වන්නේ තම සුන්දරත්වයට වඩා කමෙන්ට් දමන්නන්ගේ ලක්ෂණයක් බව වටහාගතයුතුව තිබේ. 

ලාංකීය පිරිමින්ට ලිංගිකත්වය පැත්තෙන් තිබෙන ප්‍රශ්න වන්නේ මෑතකාලීනව භාවිතයේ ඇති ආගමික පසුබිම් හා ජාතිවාදය විසින් නිර්මානය කර තිබෙන සදාචාරමය ආවරණය, දුප්පත්කම හා සමාජ පසුගාමිත්වය නිසා සමාජ අවස්ථා වෙත ප්‍රවේශය අවමවීම, ඉහත කී හේතු නිසා හා නීතිමය බාධක නිසා ලිංගික අවශ්‍යතා සපයාගැනීමට අපහසුවීම ආදියයි. 

ලංකාවේ ඇතැමි පිරිමි ෆේස්බුක් හඳුනාගත්තේ වැලසයිට් හරහාය. පරිගණකය අලුතෙන් හඳුනාගත් දැනට මැදවියේ සිටින පරම්පරාවේ ඇතැමුන්ට අන්තර්ජාලය මුළුමනින්ම වාගේ ලිංගික සේවාවකි. 

වැඩිහිටි පිරිමි කඩවසම් තරුණයන් ලෙස පෙනී සිටිමින් ළාබාල ගැහැනු ළමයින් සමග හාද වූ අවස්ථා ඇතුළු විවිධ වංචනික ක්‍රියා, කාමාපරාධවලට මුලපිරීම් ආදිය සඳහා ලංකාවේ ෆේස්බුක් ප්‍රසිද්ධය. ඒ නිසා ලංකාවේ මව්පියන්ට දරුවන් වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන්, රියදුරන්ගෙන් ආදීන්ගෙන් පමණක් නොව ෆේස්බුක්වලින් බේරාගැනීමටද වෙහෙසවීමට සිදුවී තිබේ.

සාමාන්‍යයෙන් ලංකාවේ වැඩිහිටියෝ අන්තර්ජාලය කිව්වාම වැඩියෙන් දන්නේ වැල සයිට් නිසා ඔවුහු තමන්ගේ දරුවන් ඒවා බලා නරක් වනු ඇතැයි බිය වෙති. ඒ තමන් අන්තර්ජාලයෙන් බලන දේ ගැන ඔවුන්ටද බරපතල වරදකාරී හැඟීමක් ඇති බැවිනි.

ලිංගිකත්වය උවමනාවට වඩා නිදහස් වීමෙන් පමණක් නොව එයට උවමනාවට වඩා බාධාකිරීමෙන්ද සිදුවන්නේ අසහනය පැතිරීමයි. 


ලිංගිකත්වයට වඩා වැදගත් ආදරයයි. ආදරය පැවතිය හැක්කේ යහපත්, බුද්ධිමත්, නිදහස් සමාජයකයි. එවැනි සමාජයක් බිහිකිරීම සඳහා අපි අරගල කළ යුතුය. 

මිනිස් සබඳතා අතරට ලාභ ලැබීේ අරමුණ කඩා පැන්නවිට සිදුවන්ේ එකෙක් අනෙකා සූරාකෑමට මානබැලීමයි. එතැන ආදරයකට පැවතිය ොහැකිය. 
 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. sex walin eka weematamma eka galapenawa

    ReplyDelete
  2. හොඳ ලිපියක්! මොරටු සරසවියේ අර්බුධය ගැනත් ඔබේ අදහස් ලියන්න

    ReplyDelete
    Replies
    1. මොරටු සරසවියෙ අර්බුදයත් ධනවාදයෙම රෝග ලක්ශනයක් තමයි. එකමදේ ඒක කාලයක් තිස්සෙ පවතින එකක්. මේ කුනු ක්‍රමයෙ සම්පත් බෙදාගන්න සහෝදරයන් මරාගැනීම අපි හැමතැනම හොඳට අත්විඳිනවා.

      Delete
  3. ඒක ඉතින්ලංකාවේ මිනිස්සුන්ගේ චොයිස් එකනේ.
    මේ ගැන මං ලියපු ලිපිය

    ReplyDelete
  4. කොහොම හරි මේ පාරත් කප් එක ගමු

    ReplyDelete
  5. වැදගත් ලිපියක්

    ReplyDelete
  6. මූණු පොතේ මූණ දමාගන්න ගෑණු ළමයින්ගෙ පුදුම ආසාවක්නෙ තියෙන්නෙ විශේෂයෙන් Teenage කට්ටියගෙ, පිරිමින්ගෙ face book profile වල එකෙක් වත් තමන්ගෙ හරිහමං පින්තූරයක් දාන්නෙ නැහැ. තමන්ගෙ රූ සිරිය පෙන්න ගන්න ගෑණු ළමයින්ට පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ. වැඩේ කෙල උනහම අඬනව. face book එකයි කසිප්පුයි දෙකම එකයි. ඇබ්බැහි උනොත් මලා තමයි.

    ReplyDelete
  7. සහතික ඇත්ත කතාවනම්.

    ReplyDelete
  8. ඕකට ප්‍රධාන හේතුව පැරා. ලංකාවේ පිරිමි නෑ... ඉන්නේ පොන්නයෝ...

    ReplyDelete
    Replies
    1. පුහ්! මෙන්න බොලේ පිරිමියෙක්!!!!!!

      Delete
    2. මෙන්න පොන්නයෙක්

      Delete
    3. අන්කල් මාතලං... මට ඔයා ගැන ආඩම්බරයි.... ඒත් ඔයා.. :o ???

      Delete
  9. ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගිකත්වය ගැන කතා වෙනවා මදි. ගූගල් වල කාමය හොයන්නේ වැඩිපුරම ලංකාවේ මිනිස්සු කියලා පුවතක් ළගකදී දුටුවා. විශේෂයෙන්ම පිරිමින්ගේ ලිංගික අසහනය කොය්තරම්ද කියලා බස් එකක දුම්රියක යනකොට බලාගන්න පුළුවනි. මේවා පිටරට දියුණු රටවල්වල ඉතාම දුලබය්. හේතුව එම රටවල්වල ලිංගිකත්වය බොහෝ විවුර්ත දෙයක්. මිනිස්සුන්ට තමන්ගේ ලිංගික අවශ්‍යතා සපුරගන්න පහසුකම් ඒ රටවල තියෙනවා. නමුත් ලංකාවේ මේක ටැබූ සබ්ජෙක්ට් එකක්.

    ReplyDelete
  10. හොද වෙලාවට ලංකාවෙ නොහිටියෙ.නැත්නම් ඔය අපවාද අපේ ඇගේත් ගැවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, හැබැයි උඹට අමතක උන දෙයක් තමයි, උඹලත් මෙහෙ ඉද්දි ඔක්කොම කුනුකන් කරල ජිවිතෙ බේරගන්න රට පැනල දැන් මෙහෙ ඉන්න උන් දෙකෙ කොලේට දාල කතා කරන පිචන් එකෙක් කියන විත්තිය

      Delete
  11. ෆේක් අකවුන්ට් සිම් තියෙන ගානට හදා ගන්න පුලුවන් එකයි ලොකුම අවුල. තමන් පොඩ්ඩක් බුද්දිමත් උනා නම් අවුලක් වෙන් නෑ...

    ටික වෙලාවක් චැට් කරද්දි නරක පොරක්ව නම් අඳුර ගන්න පුලුවන්... ඒත් ඇත්තටම හොඳ කෙනෙක්ව අඳුන ගන්න අවුරුදු ගානම් ආශ්‍රය කරත් අමාරුයි

    ReplyDelete
  12. ලිංගිකත්වය, එහෙමත් නැත්තම් මේ sex කියන්නේ මොකක්ද....?
    හරි අවභෝධයෙන් යතාර්ත වාදීව මේ මාතෘකාව ගැන කල්පතාකරල බැලුවොත්, කෙනෙකුගේ බහිස්ස්‍රවවී පද්දතියක්, විරද්ධ ලිංගික බහිස්ස්‍රවවී පද්දතියක් සමග මහත් "මහාත්සර්ගයෙන්" එකතුවීමක් පමනයි. මෙයින් තවදුරටත් විග්‍රහ කර බැලුවොත්, ඔබ, අප සැමට තිබේන මේ නවදොරින් පිටකරනු ලබන ඒ "ගුජුප්සාත්මක" ද්‍රවයන් පිටකිර ගැනීමේන් එකිනෙකා ලබන තෘප්තියයි...!. ඉතින් මේවන් දර්ශන ලංකාව වැනි ඉහල සංසකෘතියක් ඇති රටක අසහන කාරී හැගීම් වලින් සංතෘප්ත පුද්ගලයින් මහත් ආලිංගනයෙන් වැලද ගැනීම නොවද.........?

    ReplyDelete
  13. Women also should not put there naked pics in face book and stupid poses !

    ReplyDelete
  14. https://securecdn.disqus.com/uploads/mediaembed/images/579/3196/original.jpg

    ReplyDelete
  15. මේකත් කියවලා බලන්නකො ගැහැනු සහ පිරිමි ගැන ඇත්ත තත්වය >> http://www.articles.gossip9.lk/2012/04/why-men-and-women-cant-think-alike.html

    ReplyDelete
  16. 30 40ක් වෙනකන් ඉගෙන ගන්න වෙනවා ඉතින් අසහනයක් හැදෙන් නැතුව ඉන්න නම් නපුං වෙන්න වෙනවා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා