ළමයින්ට ආදරය කරනබව ප්‍රදර්ශනය කිරීම බොහෝ පැරණි දේශපාලන උපක්‍රමයකි

පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ පාසලක සිදු වූ සමූහ ඝාතනය පිළිබඳ සංවේගය ප්‍රකාශ කර ජාතිය අමතා කතා කරද්දී බරක් ඔබාමා සංවේදීබව පළ කිරීමේ උපායක් ලෙස නෙත් අග ඇඟිලි තුඩින් ස්පර්ශ කළේය. එහෙත් ඒ නෙත්වල කඳුළු තිබුණුබවක් නම් දක්නට නොතිබිණි.

ඔබාමා මෙවැනි බාල උපක්‍රම සුලබව පාවිච්චි කරන දුර්වල නළුවෙකි.

මෙහි පළවන හිට්ලර්ගේ දුලබ ඡායාරූප කීපයේ හිට්ලර්ගේ ඉරියව් දුටුවිට සිහිපත් වන කරුණක් වන්නේ ඕනෑම ඝාතකයකුගේ පවා හදවතේ ළමයින් සම්බන්ධයෙන් මෘදු කෙළවරක් ඇති බවයි. 

තමන්ගේ පවුලට දරුවන්ට පමණක් අසීමිත ලෙස ආරය කිරීමනම්, පටු ආත්මාර්ථකාමිත්වයේම  තවත් දිගුවක් පමණි.

එහෙත්, ළමයින්ට ආදරය කරනබව ‍ප්‍රදර්ශනය කිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම  නින්දිත ක්‍රියාවකි

ේ වනාහි අවංක මිනිසුන් වෙනුවට දුර්වල නළුවන් ේශපාලනය සඳහා ෝරාගැනීම නම් බරපතල වරේ අතුරුඵලයි.  



 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. ඒ උනාට හිට්ලර් බබාලා වඩාගෙන නෑනේ.. බබාලා හා ළමයි කියන්නේ දෙගොල්ලක් නේද....?

    ReplyDelete
    Replies
    1. හරියට හරි බබාලගෙයි ළමයින්ගෙයි ලොකු වෙනසක් තියෙනවා. වෙලාවකට ඔක්කොම බබාලා තමයි.

      Delete
  2. ඔබාමට උනේ වහකන වැඩක්.දුක පෙන්නල කතාව පවත්වන්න ඉස්සෙල්ල මේකප් කරන එකාට කියල ග්ලිසරින් පොඩි කුප්පියක් ගෙනල්ල මගෙ කෝට් සාක්කුවට දාපන් කියල.කතාව කරන ගමන් දුක මුනට අරන් සාක්කුවට අත [වමත්කාරයනෙ] දාල දබර ඇගිල්ලට ග්ලිසරින් ටිකක් ගාගෙන නෝන්ඩි නැතිව වම් ඇහැ කොනේ ගෑව.ම්හු.....!කදුළු එන්නෙ නැහැනෙ.කතා නැතිව තප්පර ගානක් හිටිය.[දකින්න ඇතිනෙ TV වල] පස්සෙ දුක් මුණ[හිතේ පට්ට කේන්තියෙන්]දාල කතාව ඉවර කරල ඇතුලට ගියා.මාආආආආආආආආආක්.....!!!w ...f !@##$$%y ...!@#%..b ..!$#@^!@@#..........බැලුවම දීල තියෙන්නෙ රෝස් වෝටර් කුප්පියක්.

    ReplyDelete
  3. //ළමයින්ට ආදරය කරනබව ‍ප්‍රදර්ශනය කිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට තැත්කිරීම නින්දිත ක්‍රියාවකි.//
    රටට ජාතියට ආදරය කරන බව ප්‍රදර්ශනය කිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීම
    අපිව කන්න බලාගෙන විජාතික ,අන්‍යආගමික හෝ විදේශික සතුරෙක් යකෙක් ඉන්නව කියල ජනතාව බිය කිරීමෙන් මුලා කිරීමෙන් දේශපාලන වාසි ලබාගැනීම
    ලබාගන්න දේශපාලන වාසි සහ බලය සිය පවුලේ ආදායම වැඩිකර ගැනීමට පමණක් යෙදවීම.
    මේවා මොන ක්‍රියාද පැරකුම්? ඇස් වල පරාල ඇන තියන අය අනුන්ගේ ඇස් වල තියන රොඩ්ඩ බලනවා කියන්නේ මේකට.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ධනවාදී ඔබාමා කරල තියෙන්නෙ නම් පට්ට පජාත වැඩක් නේද උදිත?මම හිතුව ධනවාදී රටවල්වල ඔහොම රැවටිලි වෙන්නෙ නැහැ කියල

      Delete
  4. බබාල වඩාගෙන නියම"දරු සෙනහසින්"[මුනෙන් විතරක් /හදවතේ නැති]සුරතල් කරන ආඩම්බරකාර නායකය ඉන්නෙ ස්වා...[ වැරදෙනවා හැම තිස්සෙම] සිරි ලංකාවෙ මිසක්.

    ReplyDelete
  5. ඇ ත් තෙ න් ම ඔ බා මා න ළු වෙ කි . ඔහු ආශ්‍රය කරන්නේ ද නලු නිළි ගායක ගායිකා පිරිසකි . ඔහු සාමාන්‍ය පවුලකින් පැවත එන කෙනෙකි. ඔ හු ට නො බෙ ල් ත්‍යාග ය ලැ බු නේ ද , දෙ වෙ නි වරට දිනුවේද එම හේතුව නිසාය . ඒකට ඉංගිරිසියෙන් කියන්නේ Pop Culture කියලාය. නමුත් රටේ පාළනය අතින්නම් ඔහු නිකමෙකි. He is a flop කියලා සුද්දෝ කියනවාය.

    ReplyDelete
  6. Janaka PriyadarshanaJanuary 19, 2013 at 8:52 AM

    බබාලන්තේ නම් ඉන්නෙ ඔක්කොම බබාඋක්කුංලාය . අම්මලා බබාව බාබා අතට දෙන්නේ ඊ ලඟට පුලුවන්නම් මාවත් වඩාගන්නයැයි දෙනෙතෙන් ඉල්ලමිනි.මෙය බලාසිටින අනෙකුත් අම්ම්ලා හූල්ලන්නේ මෙවැනි අවස්තාවක් කවදා ලැබෙයිද කියාය..මෙය මනුස්ස ස්භාවයයි..කල්පවෘක්ෂ මවා පෙන්වන බාබාලාගෙන් සොච්චමක් ලබන එදාවේල හුදීජනයාට බාබලාගේ ස්පර්ශයත් පරම්පරාගනනක් කියවන්නට මානසික කල්පවෘක්ශයකි...බාබලාට මතට තිත තියනවේලාවට සැහැල්ලු මේසෙට බයිට් එකකි..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා