බොබ් මාලිගේ පුතා ඉරිදා ලංකාවේ

බොබ් මාලිගේ පුතා ජුලියන් මාලි එනවා ලංකාවට. ප්‍රසංගය තිබෙන්නේ ඉරිදා, ජනවාර 06දා සවස විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේ. ටිකට් එකක් රු. 4000යි. කලින් ගන්නවානම් රු. 3000යි.

ජුලියන් මාලි රෙගේ ශෛලිය අනුගමනය කරන ගායකයෙක් වගේම රස්තෆානියන් ව්‍යාපාරයේ අනුගාමිකයෙක්. රස්තෆානියන් ව්‍යාපාරය කළු ජාතිකයන් ඇතුළු පීඩිතයන් දෙවියන්ගේ තෝරාගත් ප්‍රජාවය යන දෘෂ්ටිවාදය ප්‍රවර්ධනය කළ දේශපාලනික විරෝධතා ව්‍යාපාරයක් ලෙස හඳුනාගන්න පුළුවන්. ගංජා දුම හා මත්වීමත් දෙවියන් සමග ආත්මගතවීමේ එක් ආකාරයක් ලෙසයි ප්‍රවර්ධනය කෙරුණේ.

ලංකාවේ තවමත් චේ ඉතා ජනප්‍රියයි. විශේෂයෙන්ම ගංජා ගහන සිංහල පීඩිත පංතිය තුළ මාලි ජනප්‍රියයි. හැබැයි, මේ ලුම්පන් පංතිය ගංජා තුළින් දෙවියන් දකිනවාද යන්නනම් ලොකු ප්‍රශ්නයක්. බොබ් මාලි හැමදාමත් පීඩිත මිනිසුන්ගේ පැත්තේ සිටි කෙනෙක්. බොබ් මාලිගේ රූප අලවාගෙන ඉන්න ලංකාවේ හතරවන රෝදයට සිහින දකින ත්‍රිරෝද ප්‍රජාව ගැන කියන්න තිබෙන්නේ අර චින්තක ගීතදේව කියපු 'මාලි ගෙලේ චේ පපුවේ කිසිම දෙයක් නෑ ඔලුවේ' කියනඑක තමයි.

මටනම් බොබ් මාලිත් ඔහුගේ පුතාත්, කපුගේත් ඔහුගේ පුතාත් වගේ හෝ අහසත් පොළවත් වගේ. බොබ්ගේ ගායන පෞරුෂය ජුලියන්ට ගෑවී හෝ නැහැ. හැබැයි, චේ, මාලි වගේ සංකේත දැන් වෙළඳ භාණ්ඩනේ. ඒ වෙළඳපොළට නම් ජුලියන් මාලි ගැලපෙනවා වගේ.

පහත පළ වන්නේ ජුලියන් මාලිගේ 'උදෑසන සිංහයා' ගීයේ පද පෙළ.
I'm like a lion in the morning
lion in the morning
when he rises
Have you ever met
a roaring lion yet
Have you ever seen
when the master is getting vex
He said
keep away from the dark
yes we know who you are
they try to hurt the lion
it a go hot like fire
Each to teach his own
Don't go where the lion roam
please do not provoke
or take any lion for joke
Why must a cub suffer
the road will get rougher
Bring the children together
so that they won't suffer
Holy mount Zion
that's the jungle of the lion
the higher lion
Remember who is king of the jungle
He keep I and I strong right through
give praises in the morning
while Jah sun is dawning
when the lion starts roaring
the wicked system dissolving 


තද කළු අකුරෙන් තිබෙන කොටස පරිවර්තනය වන්නේ 'සිංහයා ගර්ජනය කරන්න පටන් ගත්විට නපුරු (සමාජ) ක්‍රමය දියවෙන්න පටන්ගන්නවා' කියලායි.


ලංකාවේ කට්ටියට මේ සිංහයා සුපුරුදු ලෙස දෙමළ විරෝධී සිංහයෙක් කරගෙන සූස්තියක් ගහලා ආතල් එකක් ගන්න පුළුවන්.

මෙන්න ඒ ගීයේ සජීවී ඉදිරිපත් කිරීමක්. 



මේ චින්තක ගීතදේව බොබ් මාලිට, චේට ලංකාවේ වී තිබෙන දේ ගැන.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. I love his music but politically, neither one was a freedom fighter or a Hero. Che was a communist murderer, and Marley was a drug addict.
    -එළකිරි ධනවාදියා-

    ReplyDelete
    Replies
    1. එළකිරි ධනවාදියා™, එළකිරි ධනවාදියා®

      Delete
    2. @එළකිරි ධනවාදියා™, එළකිරි ධනවාදියා®

      අපිදැන් දන්නවා ඔයාට පිස්සු නෙමෙයි හැටි කියල, filthy rich ධනපතියෙක් වීමේ සිහිනයට ලංකාවේ නිර්ධනයින්ගෙන් සුබ පැතුම්!

      Delete
  2. මොකා හරි කමක් නෑ ටිකට් එක 4000 යි නම් දන්නෙ නැති එකෙක් උනත් බලන්න යනවා... උඹ කිව්වා වගේ ඔය බොබ් මාලේ ටී ගහල ඉන්න උන් බොබ් මාලේගේ නමවත් දන්නෙ නෑ.. උං කියන්නේ බොග් මාලි කියලා...

    ReplyDelete
  3. චින්තක ගීතදේවට කක්කා බර වෙලා වගෙයි මට නං ඇහෙන්නේ!

    ReplyDelete
  4. සැබැවින්ම බොබ් මාලේ යනු ලියන්න කියවන්න නොදත් නුගත් අප්‍රිකානුවන්ට ගීතය තුලින් ජීවිතය කියාදුන්න සොඳුරු මිනිසෙක්.හැබැයි වෙළඳපොල ක්‍රමය තුල (ධනවාදය කියල කියමු) එය පවා විකුණගන්න පුළුවන්.කොටින්ම ධනවාදයට විරුද්ධ වීම සහ ඊට අදාළ චරිත පවා ධනවාදය ඇතුලේම විකිනෙන්න market වෙන්න පුළුවන්. බොබ් මාලේගේ පුතා කියන්නේ අකාලේ මියගිය නිසා හරියට විකුණගන්න බැරිවෙච්ච බොබ් මාලේ නැමැති ICON එකම නොවේද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා