විමල්ට බනින්න එපා; ඔහු කරමින් ඉන්නේ ඔහුගේ වැඩකොටසයි

දෝෂාභියෝගය හමුවේ ඇමති විමල් වීරවංශගේ හැසිරීම ගැන බොහෝ අය කතා කරන්නේ උපහාස මුඛයෙනි.

එහෙත්, ඇත්තෙන්ම මේ ඔහු කරන්නේ 2010දී සරත් ෆොන්සේකාගේ අභියෝගය හමුවේ ඔහු අනුගමනය කළ 'උපායමාර්ගය' වැනිම එකකි. ඒ කියන්නේ රාජපක්ෂලාගේ සතුරෙකුට නිර්දය ලෙස පහරදීමෙන් ඔවුන්ගේ සිත් දිනාගැනීමේ හා ඒ ඔස්සේ සිය බලය තහවුරු කරගැනීමේ උපායමාර්ගයකි. 

මෙහිදී ඔහු සිය පැරණි පංති පදනම් හා දේශපාලන අත්දැකීම් අනුව යමින් නිර්භීත දේශපාලන සූදුවක යෙදෙයි. සරත් ෆොන්සේකා සමග කෙළපු සූදුවෙන් ඔහු දිනුවේය. මෙවැනි සූදු කෙළීමට මානසික රෝග මට්ටමේ එඩිතරකමක්ද තිබිය යුතුය. මේ උපායමාර්ගයම අනුගමනය කරන ඇමති ඩිලාන් පෙරේරාට නැත්තේ අන්න ඒ මට්ටමයි.

විමල් වීරවංශ වනාහි අතීතය වැළලූ පුද්ගලයෙකි. ඔහුට රැකගන්නට කිසිදු පුරුෂාර්ථයක් නැත. ඇත්තේ දිනාගන්නට අනාගතයක් පමණි. 

අනෙක් පැත්තෙන් ඔහු වනාහි එක්තරා අතීතයක දැඩි ක්‍රම විරෝධියෙකි.  සිය හදවතින්ම මේ ක්‍රමයට එරෙහිව සටන් කළ අයෙකි. ඔහුගේ වත්මන් භූමිකාව තුළද එම ලක්ෂණ නොඅඩුව තිබේ.

ග්‍රාම්‍ය ජාතිවාදය, පවුල්වාදය, ඒකාධිපතිවාදය, ප්‍රජාතන්ත්‍ර විරෝධය, රාජ්‍ය ඒකාධිකාරී කෑදර ධනවාදය යන කරුණු මත පදනම් වූ රාජපක්ෂ පාලනය විමල් වීරවංශ වැනි සමාජවාදීන්ට ගැලපෙන විප්ලවයකි. උතුරු කොරියාව වැනි සමාජවාදී රටවල පාලනයේ ඉන්නේත් මෙවැනිම විකාරකාරයෝය. මහින්ද රාජපක්ෂ වෙනුවට රාජ්‍ය නායකත්වයට විමල් වීරවංශ ආදේශ වීම ‍යන සරළ කරුණෙන් වුව ලංකාවට උතුරු කොරියාවට කිට්ටු හැඩයක් ගන්නට පුළුවන. ජවිපෙ බලයට පත්වුණොත් එය පූර්ණ වනු ඇත.

විමල් වීරවංශ කරමින් සිටින්නේ මේ ක්‍රමය ඇතුළතින්ම ගරාවට්ටා බිඳ දැමීමේ දේශපාලනයක් ලෙස තේරුම්ගැනීමේ වරදක් නැත. වත්මන් අර්බුදයේදී අග්‍ර විනිශ්චයකාරවරිය පිටුපසින් සිටින අයටත් අවශ්‍ය අරාජිකත්වයක් නොවේද? 

විමල්ේ කාර්යය මැදිහත්වීමක් ලෙස ගතොත් ඇත්තෙන්ම ේවය කරන්ේ කාටද යන්න සාධාරණ ලෙස ේරුම් ගත යුතුය. 

ඇත්තෙන්ම අරාජිකත්වයක් අයෝග්‍ය වනවානම් එසේ වියයුත්තේ රාජපක්ෂ පවුලටයි. එහෙත්, රාජපක්ෂ ආණ්ඩුවේ චින්තනය කිසිදු තාර්කික විද්‍යාවකින් තේරුම්ගත හැකි දෙයක් නොවේ.

ඇැම්විට ගොඩනැගෙමින් තිබෙන මේ අරාජිකත්වය ඔවුන්ටද අවශ්‍ය දෙයක් වන්නට පුළුවන.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

Comments

  1. බනින්න "ගූ"කන "බල්ලගේ"කතා අහන්නෙ කවුද?මේවගේ එකෙකුට චන්දෙ දීපු එව්වන්ගේ පුකේ ඉදන් මොලේ පසාරු වෙනකන් හාරන්න ඕන.

    ReplyDelete
    Replies
    1. කෙන්ජී- එහෙම හාරනවා නම් වැඩි දුරක් හාරන්න ඕනේ නෑ. මොකද මොළේ තියෙන්නේ පුකේම තමයි.

      Delete
    2. නියම කතාව .....

      Delete
  2. සිරාවටම මේ වගේ තුච්ච මිනිස්සු හින්දයි
    මේ මිනිස්සු මෙච්චර නටන්නේ ...
    කෙන්ජි , රතු පුළුවන් නම් මගේ බ්ලොගේටත් ගොඩ වදින්න...

    ReplyDelete
    Replies
    1. මතක් කළ එක හොදයි මචං. අනිවා එන්නම්.

      Delete
  3. ක්‍රිෂ්ණාJanuary 7, 2013 at 6:22 PM

    විමල් යනු තනිකරම ජ.වි.පෙ නිර්මණයක්.ජ.වි.පෙට ඒ වගකිමෙන් ගැලවෙන්න බෑ.කලක් ජ.වි.පෙ තනිකරම යැපුනේ වීරවංශගෙන්.ඒ වකවානුවෙ ජ.වි.පෙට ඒ තරම් මිනිහෙක් නෑ.යුද්ධේ යන කාලේ ජවිපෙ හැසිරිම කාටවත් අමතක නෑ.ජවිපෙ හරියටම ගැලපෙන්නේ මහින්දටයි.හරිනං මහින්දයා ගාව ඉන්න ඕනෑ ජවිපෙයි.වීරවංශ ඉන්න තැන හරියටම හරි.හැබැයි මහින්ද ඉන්න තැන වැරදි.මිනිහට කඩේ යන්න ගිහිං වීරවංශට වැරදුනොත් ඒකට වග කියන්න ඕනෑ මහින්දයි.

    ReplyDelete
  4. ෙම්කත් බලන්න
    http://142.4.27.83/Sinhala/news.php?id=21717

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා