විමල් දැන් ලොකු ළමයෙක් ද?
විමල් වීරවංශ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසාන රැළිවලදී පැවැත්වූ “සිරිසේන................ කෝ මේ සිරිසේන............." කතාව මහත් ආන්දෝලනයක් ඇති කළේ ය. ඒ වන විට ඔහුත්, ඔහුගේ නායකයා වූ මහින්ද රාජපක්ෂත් පරාජයක් අපේක්ෂා කළ බවක් නො පෙනිණි. විමල්ගේ මුවින් මෙවැනි ම විසකුරු ද්වේෂයක් 2010ජනාධිපතිවරණයේ අවසන් සමයේදී ද පළ වූ අතර, මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ සිය ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකාට පන්න පන්නා දෂ්ට කළේ ය. ජනාධිපතිවරණයෙන් තමන් පැරදුණා නම් තමන්ට සිදු වන්නේ කුමක් ද යන්න ගැන අවබෝධයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තිබේ. මැතිවරණ ව්‍යාපාරයේදී වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නින්දාසහගත අන්දමින් කතා කිරීම පිළිබඳ විමල් වීරවංශ ඔහුගෙන් සමාව අයැද තිබේ. ඒ පසුගිය සතියේ ජනාධිපතිවරයා හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් අතර පැවති සාකච්ඡාවේදී ය. විමල් ජනාධිපතිවරයාට කතා කළ අන්දම අනුව, ඔහුට ජනාධිපතිවරයා මුහුණට මුහුණ හමු වීමට ඝට තිබීම ද පුදුමයකි. එහෙත්, විමල්ගේ පක්ෂය ජනාධිපතිවරයා හමු වීමට දැක්වූ උනන්දුවෙන් පෙනෙන්නේ සාමාන්‍ය සමාව ගැනීමක් පමණක් නොව ජනක බණ්ඩාර ස්ටයිල් එකේ සමාව ගැනීමක...