ඇමරිකන් ජීමේල් වෙනුවට විමල්ගෙන් දේශීය වීමේල්

ලංකාවේ ආණ්ඩුවේ ඇමති චම්පික රණවක ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව යුද්ධ කරන්නට සූදානම් බව කියා ඇත. එය ආණ්ඩුවේ ස්ථාවරය නො වන බව වෙනත් බලධාරියෙක් කියා ද නැත.  විස්තර මෙතැනින් Sri Lanka Ministers' wars against US


ජවිපෙ ඉන්න කාලයේ පටන් ම චම්පික හිටගෙන කරන දේ දුව, දුව කරන විමල් වීරවංශ ඇමතිතුමා හරි හරියට හිටිමින් ඇමරිකන් නිෂ්පාදන වර්ජනයක් ආරම්භ කර තිබේ. 


ඔහුගේ වර්ජනය ආරම්භ කර තිබෙන්නේ ජීමේල් හා යාහුවලිනි. දැන් ලංකාවේ කට්ටිය මේ නො මිළේ දෙන ඊමේල් සේවා ප්‍රතික්ෂේප කිරීමත් සමග නියතව ම ඒවා බිඳ වැටෙනු ඇත. එපමණක් නො ව, ලංකාවට එරෙහිව කුමන්ත්‍රණ කරන සෙසු බටහිරයන්ගේ ෆේස්බුක් වැනි මෙවැනි සෙසු නො මිළේ දෙන අන්තර්ජාල සේවා ද ප්‍රතික්ෂේප කළ යුතු ය. 


ගුගල් හා බ්ලොගර් ද වර්ජනය කළ යුතු අතර ඒ සමග ම මෙම ලේඛකයා ද කම්මුතු ය. 


දැන් ඉතින් අපි මේවාට විකල්ප සොයා ගත යුතු ය. ජීමේල් වෙනුවට වීමේල් කියා ක්‍රමයක් හඳුන්වා දෙන්නට පුළුවන. එය මෙසේ ක්‍රියා කරවිය හැකි ය. පරෙයියන්ට කන්නට වී දී අල්ලාගෙන කකුලේ ගැට ගසා ලියුම් යැවිය හැකි ය. එහෙත්, පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයි ඇහැකි හඳුන ගන්න කියන නන්දක්කාගේ සිදු කෑල්ල ද මතක තිබිය යුතු ය. 


ෆේස් බුක් වෙනුවට ලාභ ලබන විදුලි බල මණ්ඩලය ගල් අඟුරෙන් නොරොච්චෝලේ නිපදවා රටට බෙදන ත්‍රී ෆේස් විදුලිය යොදා ගන්නට පුළුවන. දෙක ම ෆේස් ය.


ගූගල් වෙනුවට කුකුල් සර්ච් එන්ජිමක් සෑදිය හැකි ය. අපේ ගම් කුකුළා ද සර්ච් කිරීමට සමතෙකි.  


බ්ලොගර් වෙනුවට කැළෑ පත්තරය යළි ආරම්භ කළ යුතු ය. කොහොමත් බ්ලොග් කියන්නේ කැළෑ පත්තර නොවැ. 


ලංකාවේ 99%ක් පමණ දෙනා සොරකම් කර පාවිච්චි කරන මයික්‍රොසොෆ්ට් සමාගමේ  වින්ඩෝස් වෙනුවට අපේ ජනෙල් පාවිච්චි කළ හැකි ය. වර්ඩ් මොකට ද? ඇයි අපේ වචන! 


සිය රට දේ සිරි සැප දේ!

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ඔව්වා මොනවද මේ තියෙන්නේ සිංහල බෞද්ධයා බ්ලොග් එකේ බටහිර ආර්ථිකය කුජීතම වෙලාලු http://sinhalabuddhist.com/2012/03/western-crash/ මෙම ලිපිය පලවීමත් සමගම බටහිර රටවල මිනිසුන් ලංකාවට ඒම සඳහා අපේ තනාපති කාර්යාල වල දිගු පෝලිම් සැදී වීසා ගැනීමට රැඳී සිටින බව වාර්ථා වේ. බටහිර රටවලට යාම සඳහා කිසිවෙක් අයදුම් නොකිරීම නිසා ලංකාවේ බටහිර තානාපති කාර්යාල වල වීසා දෙන අංශයන් වසා දැමීමට සිදුව ඇත.

    ReplyDelete
  2. මම නම් බොග වහලා දාලා එතුමාට සහයෝගය දෙනවා. මේ දවස් වල වෙපන් ට්‍රේනින්ග් පොඩි එකාගේ පිස්තෝලෙන් ඇමරිකන් කාරයෝ මරන්න. මාර කේස් එක කියන්නේ පොඩි කැමතිත් නෑ මම කැමතිත් නෑ ඇමරිකන් එකාගේ පාට් එක කරන්න. දන්න කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් කියපන්කෝ.

    ReplyDelete
  3. හැක හැක හැක..!!!! ෆට්ටයි මචන්..!! මත ඔය වගේ එකක් ලිව්වා... http://pauruwalalla.blogspot.com/
    හොඳද බලන්ඩකෝ.. :D

    ReplyDelete
  4. පොඩි අවුලක් ඇත.ඒ face ය.මේ phase ය

    ReplyDelete
  5. ඇමරිකානු නිශ්පාදිත වර්ජනයෙන් නොනැවතී ඇමරිකානුවන් සොයාගත් දෑ ද වර්ජනය කල යතුය. මගේ දැනුමේ තරමට මතක් වන - මේසය මත තබන දුරකතනද, විදුලි බල්බද, බයිසිකල් ඩයිනමෝ ද භාවිතයෙන් අදම ඉවත්විය යුතුය, වර්ජනය කල යුතුය.

    තවද KFC, මැක්ඩොනල්ඩ් ගොඩනැගිලි සමතලා කොට ඒ තැන්වල මාතර රතු කැකුලු බත් කඩ, බෙන්තොට බේක් හවුස් සහ සල්ගාදු හෝටල ඉදිකල යුතුය.

    - Dimithry

    ReplyDelete
  6. ඔව් , අපි ඇමෙරිකන් නිපැයුම් වර්ජනය කරන්න ඕන . කලින් කියපුවා විතරක් නෙමෙයි, අන්තර්ජාලය , එකත් ඇමෙරිකන් නිසා වර්ජනය කරන්න ඕන . ඒක වර්ජනය කරලා අපේම ඇටබෝල ජාලයක් හදාගන්න ඕන . ජී මේල් වෙනුවට වී මේල් හඳුන්වලා දෙන්න ඕන. ඉන්ටෙල් ප්‍රොසෙසර් වෙනුවට පොල් මූඩ්ඩක් හයිකරලා පරිගණකය ක්‍රියාකරවන්න ඕන . ඉන්ටෙල් මදර්බෝඩ් වෙනුවට ගෙදර වයිෆ් ගේ අහවල් එකට පොල් මූඩ්ඩක් හයිකරලා ගන්න පුළුවන් . ටව ගොඩක් තියනවා . කියන්න ගියොත් පිස්සු හැදෙයි.

    ReplyDelete
  7. @ ජය ශ්‍රී - ඒක සුද්දාගේ ප්‍රශ්ණයක් මිස අපේ ප්‍රශ්ණයක් නොවන බැවින් ගැටළුවක් නැත!

    ReplyDelete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. i like to tell some thing... please...see the ch anal 4 new story .how can we answer there film ........im to shame the government...Mr,president..u have to answer..that some day.

    ReplyDelete
  10. උම්බෑ කිය කියා මරන බයේ.......

    ReplyDelete
  11. However the vision of Wimal is not bad.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා